(අංජුල මහික වීරරත්න)
ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පවතින ගැටලුවලට විසඳා ගැනීම සඳහා ඉන්දීය රජය පූර්ණ සහයෝගය පළ කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.
කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා අතර මහකොමසාරිස් නිල නිවසේ දී සිදු කෙරුණු හමුවකදී මහකොමසාරිස්වරයා මෙි බව දැනුම් දී ඇත.
ශ්‍රී ලංකාවට අවශ්‍යම මොහොතේ ඉන්දීය රජය පොහොර ලබා දීම සඳහා ගත් තීරණයට කෘතඥතාව පළ කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා ඉන්දීය මහ කොමසාරිස්වරයා හමුවී තිබෙි.
ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට දෙන යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000 සම්බන්ධව මෙහිදී සාකච්ඡා කළ අතර එම පොහොර තොගය ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා ඉන්දීය අග්‍රමාත්‍යවරයා විසින් අනුමැතිය ලබා දී ඇති බවත්, ඕමානයේ සිට ඉන්දියාවට ආනයනය කරන එම පොහොර සහිත නැව සෘජුවම ශ්‍රී ලංකාවට යොමු කිරීමට පියවර ගෙන ඇති බවත්, අදාල පොහොර තොගය ඉක්මනින්ම ශ්‍රී ලංකාවට ළඟාවනු ඇතිබව ඉන්දීය මහ කොමසාරිස්වරයා සඳහන් කළ බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ නායකයින්ටත් වඩා විදේශ නායකයෝ මේ රටේ ගොවියන්ගේ දුක හඳුනනවා.
ලොව බලවතුන් අභිමුඛයේ දණින් සිට... සිඟමන් යදිමු සාගින්දර නිවන්නට... කෘෂි ඇමැතියා මම වෙමි යල කන්නය අරඹන්නට... මාස 2ට පසු යූරියා සොයන්නට..