(දයාසීලි ලියනගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පවතින මාදිවෙල මන්ත්‍රී නිවාස ගරා වැටීමට ලක්වී ඇති නිසා,නාගරික සංවර්ධන අධිකාරිය සතු පන්නිපිටිය වියත්පුර නිවාස ව්‍යාපෘතියෙන් මන්ත්‍රීවරුන්ට නිල නිවාස ලබ දෙන ලෙස ජනාධිපතිවරයා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දි ඇත.
එම නිවාස එකකයේ වටිනාකම රුපියල් මිලියන 14.2 සිට 19.8 දක්වා වේ.
පසුගිය මැයි 9 වැනි දා රට තුළ සිදු වූ කලබලකාරී තත්ත්වය මත නිවාස අහිමි වූ මන්ත්‍රීවරුන් සඳහා තාවකාලික පදනම මත වියත්පුර නිවාස ව්‍යාපෘතියෙන් මන්ත්‍රීවරුන් සඳහා වෙන් කරනු ලබන නිවාසවලින් නිවාස ලබදෙන ලෙසටද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
නිවාස විනාශ වූ මන්ත්‍රීවරුනට මුදල් ගෙවීමේ පදනම මත එම නිවාස මිලදී ගැනීමට එකඟවන්නේ නම් ඒ සඳහා පහසුකම් සැලසිමට ද නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමට ගැලපීමක් ඇත්තෙම නෑ... මේක හදලා තියෙන්නේ වියතුන්ගේ නමින්. ඒත් ඒ මන්ත්‍රීවරු වියතුන් නොවන නිසා ප්‍රායෝගිකව ගැලපෙන්නේ නැහැ... මේ තැන. ටිකක් හොයලා බලන්න ‘‘මෝඩපුර‘‘ කියලා නිවාස සංකීර්ණයක් තියේද කියලා..?
මෝඩ අරගලයේ අවසානයේ වාසි ලබන්නේත් දේශපාලකයින්..!
ලොකුවට කියල තිබුනට පාර්ළිමේන්තු ගිහින් ඒන්නෙ හිගන්නො ටිකක්නෙ.
හරක් මඩුව තමයි ඔය ගොයියන්ට ගැලපෙන්නෙ
රටේ තියෙන වටිනාම දේවල් දීලා රටට ලැබෙන ප්‍රයෝජනය හා ප්‍රතිඵල කුමක්ද?
කෝට්ටේ අම්බලම් ලෑස්ති කරලා දෙන්න පුළුවන් වෙයිද? ඒකත් හොඳ වැඩියි.