
(සනත් ගමගේ)
අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාල අසලදී සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ හම්බන්තොට ගොවීන් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යවරයාට එල්ල වූ විරෝධයක් ඇමැතිවරයා විරෝධතාකරුවන්ට මුහුණ නොදී ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් වාහනයකින් කාර්යාලයේ පිටු පස දොරටුවෙන් පිටව ගියේය.
කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආහාර භෝග නිෂ්පාදනය ජාතික සංග්‍රාමය හම්බන්තොට දිස්ත්‍රික් වැඩ සටහනට සහභාගාගී එම උත්සවය අමතද්දී ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට ආ සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ගොවි නියෝජිතයෝ මහින්ද අමරවීර කෘෂිකර්ම ඇමැතිවරයාට විරෝධය පලලකරමින්, යල් කන්නයේ වගා සඳහා පොහොර ලබාදෙන ලෙසද, ගොවීන් සඳහා ඉන්ධන ලබාදෙන ලෙස හා මඤ්ඤොක්කා දන්ඩක් හිටවාගෙන කන්න කියා සිදුකල ඇමැතිවරයාගේ ප්‍රකාශයට විරෝධය පලකරමින් පුවරු අතැතිව විරෝධය පලකලහ.
රැස්වීම අවසන් වී ඇමැතිෙවරයා ප්‍රධාන දොරටුවෙන් පිටව යන තෙක් මාර්ගය අසල විරෝධතා කරුවන් රැඳී සිටි අතර අම්බලන්තොට පොලීසියේ නිළධාරීන් රැසක් ද ආරක්ෂාව සඳහා යොදවා තිබිණි. විරෝධතා කරුවන්ට නොදැනෙන ලෙසට ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ පිටු පස දොරටුවෙන් වෙනත් වාහනයකින් පිටව ගොස් තිබූ අතර නිළ රථය ඉදිරිපස දොරටුවෙන් වෙනත් කිහිප දෙනෙක් සමඟ පිටවනු දුටු විරෝධතා කරුවෝ කියා සිටියේ හම්බන්තොට ගොවීන්ට මුහුණ දීමට බැරි කෘෂිකර්ම ඇමැතිවරයා පිටිපස්සේ දොරෙන් පිටව යෑම පිළිකුල් හා ලැජ්ජා සහගත බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුත් ඇත්තක් තේරුම් ගන්න මානසිකත්වයක නෑ මොකක් හරි දේශපාලන පක්ෂයකට කඩේ යන ගමන් හැමතැනම විරෝධය . රට වැටිලා තියෙන තත්ත්වය තේරුම් අරගෙන අනෙකාට ඇඟිලි දික් නොකර තමන්ට පුලුවන් දේ කරන්නයි තියෙන්නේ. අනුන්ටම බැන බැන ඉන්න දීන මානසිකත්වයෙන් කවුරුත් මිදෙන්න ඕන
විලි ලැජ්ජාවේ බෑ...!
එහාට මෙහාට පැන පැන කරන ාඩගම් බොරු කයිාරු විතයි. රටට ජනතාවට ලෙන්ගතු නායකයො පහල නොවීම අපෙ අවාසනාවක්.
දෙපැත්ත කන දෙපත් නයා, කෝටි ගනන් හොරා කාපු අමරවීර, හොර ගෑනුන්ට ආන්ඩුවෙ සල්ලි වියදම් කරන උන්.
ජෙප්පන්ට, පෙරෙට්ටන්ට ගිය රට.
ටීඑන්එල් රූපවාහිනීයේ ඉසිවර ඉසව්ව වැඩ සටහනේ දිනක් කිව්වා ගෙදරට දෙපැත්තෙන් ගේට්ටු තිබුනොත් හොරකම් හා වංචා සිදුවෙනවා කියලා
අගහිඟ ඇතිවෙනකොට ගෙදරක වුණත් සතුට හා සාමය පස්සේ දොරින් පැනලා යනවා කියන්නේ ඕකට තමයි..!
බැසිල්ව තියාගන්නම උත්සාහ කරන බැලයින්ටත් මේ ටික කරන්න අපි සූදානම් වෙලා ඉන්නේ...!
හොඳ පාඩම්... හොඳ පාඩම්... මේවා නුඹලාට හොඳ පාඩම්...
තව නොබෝ දිනකදී, පස්ස දොරෙන්වත් පිටවීමට නොහැකි තත්වයක් උදාවෙයි. ජනතාවගේ කුසගින්න නිවාගන්න රක්ෂිතවලට ඇතුළු වී කොස් කඩන්න උපදෙස් දෙන කෘෂිකර්ම ඇමැතිවරු...
ඔක්කොම විරෝධය..! වැඩ කරන කෙනෙක් නෑ... අවුරුදු 75ක් පිනට කාපු එකේ අරුමය..!
කපටි වැඩක්... කවුරු මොන ආණ්ඩුව කරත්, මිනිහා ඇමැතියෙක් ඒකෙ... කාට කියන්නද? මේවා...?