(අජන්ත කුමාර අගලකඩ)
විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට අනිද්දා (06) ඉදිරිපත් කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම කෙටුම්පත ඇමැතිවරයා විසින් මීට සති දෙකකට පමණ ඉහතදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ අතර, සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව,එය කැබිනට් මණ්ඩලයට නැවත ඉදිරිපත් කිරීමට එහිදී තීරණය විය.
ඒ අනුව, එම කෙටුම්පත සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා දේශපාලන පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡා වට ගණනාවක් පැවති අතර එහිදී ඉදිරිපත්වූ සංශෝධන යෝජනා ද ඇතුළත් කොට නව කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇතැයි දැනගන්නට තිබේ.
විසිඑක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා සහාය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් කැමැත්තෙන් සිටින අතර,සමගි ජන බලවේගය ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,හවුල් පක්ෂ නවය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක් දැනටමත් කැමැත්ත පළ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පර්ලිමෙන්තුවෙ මහජන නියොජිතයන්ගෙ වගකීම ජන්තවගෙ කාාලීන ප්ශ්ණ වලට විසදුම් ලබාදීමයි.