
(අංජුල මහික වීරරත්න)
යුක්රේන රුසියා යුද්ධය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවත් උග්‍ර විය හැකි අතර, ලාංකිකයන් බොහෝ දෙනකුට දිනකට ආහාර වේල් දෙකකින් පිරිමසා ගැනීමට සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (3) පැවසීය.
ආර්ථික අර්බුදයේ බලපෑම තවම පටන් ගත්තා පමණක් බව කී අග්‍රාමාත්‍යවරයා යුක්රේන රුසියා යුද්ධයේ සම්පූර්ණ බලපෑම ශ්‍රී ලංකාව තවමත් අත්විඳ නැතැයිද මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ගෝලීය ආහාර හිඟයක් ඇති වන අතර ශ්‍රී ලංකාවට එහි බලපෑම 2024 දක්වා පවතිනු ඇතැයි කීය.
මෙම ගෝලීය ආහාර අර්බුදය ට අමතරව ශ්‍රී ලංකාව මේ වසරේ යල සහ මහ දෙකන්නයේ ආහාර බෝග වගා කිරීමට අපොහොසත් වී ඇතැයි ද එම නිසා ඉතා ඉක්මනින්ම ලංකාවේ මිනිසුන්ට දිනකට වේල් දෙකක් පමණක් අනුභව කරන්නට සිදුවනු ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
රකිමු ජයතු ලංකා සංවිධානයේ "ද්විත්ව අර්බුදය "නැමැති සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය. කොළඹ පදනම් ආයතනයේ දී මෙම සමුළුව පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දැන ඔයාගේ නොහැකියාව සහ කරන්න බැරි කියල නොකියා කියන්නේ. ඔයා මේ අගමැති දුරය බාර ගත්තේත් යුක්රේන රසියානු යුද්ධය ගැන දැනගන නේ. ඒ වගේම පොහොර නැතුව ගොවීන්ට ගොවිතැන් පවා කරගන්නත් බැරි වුනා කියලත්. තවද මේ ආණ්ඩුව බාරගත්තු දා ඉඳන් ඔයා කිව්වා වර්තමාන අර්බුදයෙන් රට සහ ජනතාචා බේර ගන්නවා කියල නේද. මේ අර්බුදවල් ඔයා ආණ්ඩුව බාරගත්තෙන් පසුව මතුවූ කාරනාවල් නොවේ. ඔ ප්රශ්නවල ජනතාවත් දන්නවා. ප්‍රශ්න කිය කියා ඉඳල හරියන්න නැහැ. ඔයා මහ ලොකුවට කිව්වා නේ එදා, එයා මට උදව් කරනවා, මෙයා මට උදව් කරනවා කියල. කෝ ඉතින්?
මේ මනුස්සයා අගමැතිකම ගන්නකොට කියපු කතා කොහොමද? හෙට විදුලිය.. ගෑස් දෙනවා වගේ කයිය ගැහුවේ.. දැන් කියනවා වේල් දෙකක් කන්නලු.. මේ නායකයෝද?
අනිවාර්යයෙන්ම අහන්න. චිරන්තගේ මාධ්‍ය හමුව - "ගෝඨාභයගේ පුතාගේ ඉස්සරහටත් ගෝඨාගෝ ගමක් ඕනෑ" ගෝඨාභය ජනාධිපතිවරයාගේ පුත් මනොජ්ගේ නිවස ඉදිරිපිට ගෝඨාගෝ ගමක් කිසිසේත්ම අවශ්‍ය නැත. ඔහු කිසිඳු දේශපාලන කටයුත්තකට හෝ සහභාගි නොවූ කුඩාකාලයේ ලංකාවෙන් පිටවූ විදේශ රැකියාවක නියුතු කෙනෙකි. එවැනි මට්ටමේ දේශපාලන කටයුතු හෝ ක්‍රියාකාරකම් කිසිසේත්ම කිසිවනු අනුමත නොකරනු ඇත.. දේශපාලන අරගලය කළයුතු වන්නේ ලංකාවේ නිසා USA ජීවත් වන්නා වූ මනොජ්ගේ නිවාස ඉදිරිපිටට අනවශ්‍ය හැසිරීම කරන්නා වූ පුද්ගලයින් US පොලිසිය මගින් ප්‍රශ්න කිරීමට ඉඩ තිබේ..
3 ක් කෑවේ ඔයගොල්ලෝ දීලද?
අපි දැනටත් කන්නේ වේල් දෙකයි. ඒකත් ගෑස් හම්බ වෙන විදියට. ඔයාට දෙකක් කන්න වෙන කාලෙට, අපිට එක වේලක් තියා කෑමක් දකින්නවත් නැතිවේවි...!