
(විමුක්ති එස් රුද්‍රිගු)
එරෝෆ්ලෝට් ගුවන් සමාගම ශ්‍රී ලංකා වෙත සිදුකරන වාණිජ ගුවන් ගමන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එරෝෆ්ලෝට් ගුවන් සමාගමේ ගුවන් යානා ශ්‍රී ලංකාව වෙත බාධාවකින් තොරව පියාසර කිරීම සහතික කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එරෝෆ්ලෝට් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ගුවන් ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම ද එරෝෆ්ලෝට් ගුවන් සමාගම විසින් අත්හිටුවා ඇත.
එරොෆ්ලොට් ගුවන් යානා සෑම සතියකම බ්‍රහස්පතින්දා , සෙනසුරාදා සහ ඉරිදා වශයෙන් සතියකට දින 03 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත ඍජු ගුවන් ගමන් සිදු කරයි.
රුසියානු ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණි විට කිසිදු හේතුවක් මත රදවා තබා ගැනීමක් සිදු නොකරන බවට ශ්‍රී ලංකාව සහ රුසියාව අතර එකඟතාවයක් ඇත.
ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන රට වන්නේද රුසියාවයි.
පසුගියදා අයර්ලන්ත රක්ෂණ සමාගමකට රක්ෂණ වාරික නොගෙවීමේ හේතුවක් මත රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ රඳවා ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සැපද කියල තමයි අපිටත් අහන්න තියෙන්නෙ
ලෝකයා සතුටු කරන්න ගිහින් අඩුවට තෙල් ටිකවත් ගන්න තිබුණා.. රට නැතිකර ගත්තා..
ඔව්. දැන් අයර්ලන්තයෙන් තෙල් බැරලයක් ඩොලර් 35 කට දෙයි. මේ වගේ මෝඩ පරිපාලනයක් නිසා ජනතාවට එන්න තියෙන සහන ඔක්කෝම මේ අය එකතුවෙලා කනවා. අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න ගිහින්...
එරෝෆ්ලෝට් ගුවන් සමාගම ශ්‍රී ලංකා වෙත සිදුකරන වාණිජ ගුවන් ගමන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ලංකාවේ තේ ලබාගැනීමත් හමාර කරාවිද? එසේ වුවහොත් මීට පෙර රුසියාව සමග ඇතිවූ ඇස්බැස්ටෝස් ශීට් අර්බුදයට වඩා මෙම අර්බුදය සංවේදී වනු ඇත...
මෙය උසාවි නියෝගයක් නොවේ නම්, අයර්ලන්ත රක්ෂණ සමාගමට පක්ෂපාතිව වැඩ කරමින්, වටිනා ගුවන් සේවයක්, මිත්‍ර රටක්, සංචාරක ව්‍යාපාරයට මරු පහරක් එල්ලකර රට තවත් කබලෙන් ලිපට ඇද දැමූ අයට වහා දැඩි දඬුවම් කළ යුතුයි...
දැන් සැපයි, සනීපයයි දෙකම දැනෙනවා ඇති. මේ සිදුවීමට වග කියන්න දැන් කවුරුත් නෑ. අධිකරණයෙන් එහෙම තීන්දුවක් දුන් නෑ කියනවා. ආයතන බාර ඇමැතිත් නෑ. ප්‍රධානීන් ටිකට වෙච්චි දෙයකුත් නෑ. අයාලේ යන රටක ආයතනවලින් මෙහෙම දේවල් වෙන එක ගැන පුදුම වෙන්න ඕනෑත් නෑ...
මේ ප්‍රශ්නය මුලින්ම කාටත් දැනුණා. නීතිය විතරක් නෙවෙයි, මිනිසුන්ට සාමාන්‍ය දැනුමක් සහ පුංචි මොලයකුත් තිබිය යුතුයි...
අපට රංජන් මැතිතුමා මතක් වුණා... ජාතක පොතේ දීඝායු ජාතකයේ පුත දුර බලන්න.. ළඟ බලන්න එපා කියලා... රජතුමා අත්අඩංගුවට ගත් අවස්ථාවේ පුතාට කිව්වා එම උපදෙස් නිසා පුතාගේ ජීවිතය බේරුණා.. මේ කතා තියෙන්නේ කියවා රස විඳින්න නොවෙයි, මොළයක් තියෙන සැමදෙනාටම ඒවා තේරුම් ගන්න ඕනෑ...
ක්ෂණිකව මැදිහත් වී ප්‍රශ්ණය නිරාකරණය කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ඇද ඇද හිටියොත් මුළු රටටම වන්දි ගෙවන්න වේවි... වැලේවැල් නැතිව ඉන්න වෙලාවේ රුසියාව වගේ මිතුරු රටවල් තරහ කරගන්න තරම් මරිමෝල් පාලකයින් තමයි අපට ඉන්නේ...!
"ඉල්ලගෙන කනවා" කියලා එකක් අහලා තියනවා. අද තමයි ඒක ඇත්තටම දැක්කේ...
නැවත උපදින 'බොර්න් එගේන්' කල්ලි මව් බිමට කට්ට සීරුවට අනිමින් ඉන්නවා... ගොන්නු තප්පුලමින් නරඹමින් සිටිති. කොච්චර කිව්වත් නොතේරෙන අයයි ඉන්නේ. දද, කුෂ්ට, වගේ ඒවා සුව කරන්න අපහසුයි. සිංහල වෙදකමේ ඒවා සුවකරන්නේ මුලින් ඒවා තුවාලයක් බවට පත් කරලා ඒ තුවාලෙට බෙහෙත් කිරීමෙනි. පුටින් කරදෙයි ඒ වැඩේ තිතටම...
මේ සිද්ධිය තමන්ගේ පවුලේ දෙයක් වගේ උසාවියේ කතා කළ සහ නියෝගය උස්සාගෙන ගුවන්තොටුපළට ගිය දේශද්‍රෝහියන්ට දඬුවම් කරන්න ඕනෑ. මොවුන්ට මොල නොවේ තියෙන්නේ ඉස්සන්ගේ ඔලු...
එතැනත් කෙළවා ගත්තා....!
අයර්ලන්ත රක්ෂණ සමාගමකට රක්ෂණ වාරික නොගෙවීමේ හේතුවක් මත රුසියානු එරොෆ්ලෝට් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ රඳවා ගත්තේ මොන එහෙකටද? ඔවුන්ගේ ප්‍රශ්න ඔවුන් විසඳ ගත්තාවේ. මේක හරියට පාස්කු ප්‍රහාරය වගේ ප්‍රශ්නයක්.. මුස්ලිම් අයයි, ක්‍රිස්තියානි කාරයෝයි අතර සිංහල බෞද්ධයින් මැදිහත් වෙලා අපේ මිනිස්සු දඬුවම් විඳින්න ලැහැස්ති වෙනවා...!
ඉල්ලන් ටින්කිරි කනවා කියන්නේ මේවට තමයි.
පුටින්, විනිසෝරාටයි, සම්බන්ධ වුණු අයටයි, මුලු රටටයි, ඇරලා තමයි මේ පාර නවතින්නේ...!
ජනපතිතුමා සහ අගමැතිතුමා උදාසීන වෙලා ඉන්නේ ඇයි?
මොනවද මේ කරන පිස්සු වැඩ? රුසියාව නිකරුනේ අමනාප කරගන්න වැඩ... මේවායින් අවාසිය ලංකාවටම කියලා තේරෙන්නේ නැද්ද...?
දැන් සැපනේ...?
දැන් තමයි අකුරටම තීන්දු තීරණ ගැනීම පටන් අරන් තියෙන්නේ, තම රටේ මේ වෙනකන් උන දේවල් වලට හරියට නීතිය ක්‍රියාත්මක නොකරපු පාදර බලධාරීන් වැඩකට නැති දේවල් කරන්න ගිහින් රට තවත් විනාශ කරනවා. මෙතෙක් රටේ පරිපාලනය කරපු එවුන් එලවිය යුතුමයි.