තරගෙට රැගෙන ගිය පරවියන් වනජිවිය මුදාහරි අකුරණ ප්‍රදේශයේ පරවියන් ඇති කරන්නන්ගේ සංගමයක් තරගයක් සදහා ලොරි රථයකින් රැගෙන ගිය පරවියන් 359 දෙනකු කරුවලගස්වැව වනජීවි නිළධාරින් අල්ලා තබ්බෝව ඩී.එස්.සේනානායක විදුහල් ක්‍රිඩාංගනයේ දී අද (30) දින උදෑසන මුදා හැරිමට කටයුතු කළේය. 30 January 2022
කලවම් පොල්තෙල් කැවීමේ සූදානමක් එළඹෙන උත්සව සමයේදී පොල්තෙල්වලට ෆාම්තෙල් මිශ්‍රකර අධික ලාභ ලබා ගැනීමේ කූට සැලැස්මක් ඇතැයි පොල්තෙල් ආනයනකරුවෝ පවසති. 30 January 2022
අධිවේගයේ කොට්ටාව අන්තර් හුවමාරුවේ වැඩ නවති මුදල් අයකැමි නිලධාරීන් 15 දෙනකුට පමණ කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බැවින් අධිවේගී මාර්ගයට කොට්ටාවෙන් ඇතුළුවන වාහනවලට ප්‍රවේශපත්‍ර කිතු කිරීම නතර කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. 30 January 2022
කොරෝනා බියක් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේ කොටසක් වසයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය තුළ ‘කොවිඩ්’ ආසාදිතයන් සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් එම අමාත්‍යංශයේ ප්‍රධාන අංශයක් තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව එහි උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 30 January 2022
මිරිස්කුඩු ගසා තිදරු පියා මරලා නිවසේ හුදෙකලාව දිවි ගෙවූ තිදරු පියකුට මිරිස් කුඩු ගසා පිහියෙන් ඇන මරා දැම්මේ යැයි කියන කතුන් දෙදෙනකු ඇතුළු හත් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලීසිය කියයි. 30 January 2022
සාක්කිකරුවකුට බලපෑම් කළැයි පොලිසියේ තුනක් රිමාන්ඩ් පුද්ගලයෙකුය වද හිංසා දුන්නැයි කියන සිද්ධියකට අදාළව අනුරාධපුර මහාධිකරණයේ විභාග වන නඩුවක පැමිණිල්ලේ පළමු සාක්සිකරුට බලපෑම් කළ බවට මහාධිකරණය හමුවේ චෝදනා ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ලබන 10 වන දා තෙක් රිමාන්ඩ් කරන ලෙස උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා නියෝග කළේය. 30 January 2022
රට වැහුවොත් පඩියත් නැති වෙයි කොවිඩ් ව්‍යාප්තියේ ඉහළ යෑම නිසා ඉදිරියේදී යම් හෙයකින් රට වසා දැමීමට සිදුවුවහොත් මාසික වේතනය ලබාගන්නා පුද්ගලයන්ටද ලොකු ගැටලුවක් ඇතිවිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය. 30 January 2022
‘කොවිඩ්’ ආසාදිතයන්ට මාස දෙකකින් ‘බූස්ටර්’ ‘කොවිඩ්’ ආසාදනය වූ පුද්ගලයෙන්ට ආසාදනය වී මාස දෙකකට පසුව තෙවැනි එන්නත් තෙවැනි මාත්‍රාව හෙවත් ‘බූස්ටර්’ එන්නත ලබාගත හැකි බව විශේෂඥා වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය. 30 January 2022
අපේ කෑම ජපානයේ පදිංචි කරවන්න වැඩක් අරඹයි ජපන් ජාතිකයන්ට ශ්‍රී ලාංකික ආහාර පිසීම පුරුදු කරන වැඩ සටහනක් ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරම්භ කර තිබේ. 30 January 2022
ගේට්ටුව කඩා වැටී දැරියක මරුට තඹුත්තේගම,තුන්වන පියවරේ පිහිටි නිවසක ගේට්ටුවක් කඩා වැටිමෙන් හය හැවිරිදි පාසල් දැරියක් මිය ගොස් ඇතැයි තඹුත්තේගම පොලිසිය කියයි. 30 January 2022
නුවරඑළියේ එළවළු රැසක මිල පහතට එළවළු වර්ග රැසක මිල මේ වනවිට පහත වැටි ඇතැයි සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසයි. 30 January 2022
කෝටි දෙකහමාරක විදේශ මුදල් සමඟ 5 ක් අත්අඩංගුවට රුපියල් කෝටි දෙක හමාරකට අධික වටිනා විදේශ මුදල් නීති විරෝධීව මෙරටින් පිට කිරීමට උත්තසහා කළ පුද්ගලයන් පස් දෙනකු ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව ව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත්ත ද සිල්වා මහතා පැවසීය. 30 January 2022
කුඩු වික්ක අම්මයි පුතයි මාට්ටු සිය එකම පුතු යොදවා හෙරොයින් ජාවාරමක් පවත්වාගෙන ගිය මවක සහ පුතකු හෙරොයින් මිලිග්‍රෑම් හත්දහස් හය සියයක් සමඟ (30) දා අළුයම අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි. 30 January 2022
ප්‍රදේශ කීපයකට අද වැස්ස උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (30) වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 30 January 2022
මෙන්න කාර් ඉගිල්ලෙනවා ! කාර් එකක් නැගී පියාසර කිරීමට ඇති සිහිනය ඔන්න දැන් සැබෑ වෙලා. මේ වනවිට පියාසර කළ හැකි මෝටර් රථවලට ඒ සඳහා නිල අනුමැතිය ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 30 January 2022
ඕස්ට්‍රෙිලියාවේදී ලාංකික පියා දරුවන් මරා ඔහුත් මියයයි ඕස්ට්‍රෙිලියාවේ පර්ත් නුවර වාසය කරන 40 හැවිරිදි දෙදරුපියකුගේ සහ ඔහුගේ දරුවන් දෙදෙනාගෙන් සිරුරු හන්ටින්ග්ටන් ප්‍රදේශයේ එසින්ග්ටන් විදියේ නිවසක තිබියදි සොයාගත් බව බටහිර ඕස්ට්‍රේලියානු පොලිසිය වාර්තා කරයි. 29 January 2022
ජනපති සාර්ථක නායකයකුගේ ලක්ෂණ පහදයි යම් නායකයකු තමන් යටතේ සිටින නිලධාරීන්ගේ යහ පැවැත්ම සහ සාර්ථකත්වය වෙනුවෙන් අවංකවම කැපවන විට ඒ නිලධාරීන්ද ඒ ප්‍රධානින් වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම ඉටුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය 29 January 2022
ගිනි අවිය පත්තුවී එස්.ටී.එෆ්. සැරයන් මරුට හපුතලේ විශේෂ කාර්ය බළකායේ නිලධාරියකුගේ රාජකාරි ස්ථානයේ දී ගිනි අවියක් ක්‍රියාත්මක ජීවිතක්ෂයට පත්වී ඇති බව හපුතලේ පොලිසිය කියයි. 29 January 2022
කොවිඩ් ආසාදිතයන් 982 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 982 දෙනකු අද (29) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 29 January 2022
කොරෝනා මරණ 14ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 14 දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළේය. 29 January 2022
රසික හදවත් හඬවා නීලා සමුගනී ප්‍රවීණ ගායන ශිල්පිනියක් මෙන්ම ඉතාලියේ ශ්‍රී ලංකාකොන්සල් ජනරාල් වරිය ලෙස කටයුතු කරමින් සිටියදී හදිසියේ රෝගාතුර තත්ත්වයක් නිසා අභාවප්‍රාප්ත වූ නීලා වික්‍රමසිංහ මහත්මියගේ අවසන් කටයුතු සුවහසක් රැසිකයන්ගේ සෝ සුසුම් මැද බොරැල්ල පොදු සුසාන භූමියේදී අද සිදු කළේය. 29 January 2022
උමාඔය ගැරඬි ඇල්ලේ ගසාගෙන ගිය පහම මරුට බදුල්ල ඇටම්පිටිය ගැරඩිඇල්ල දියඇල්ලේ දියනෑමට ගිය පිරිසගෙන් පස්දෙනකු දියේ ගිලීමෙන් අද (29) හවස 4.00 පමණ අවාසනාවන්ත ලෙස මියගොස් ඇති අතර එක් තරුණියක් අතුරුදහන්ව ඇතැයි ඇටම්පිටිය පොලීසිය පවසයි. 29 January 2022
ලසන්ත අලගියවන්න ටත් කොවිඩ් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාටද කොවිඩ් ආසාදනයවී ඇතැයි වාර්තා වේ . 29 January 2022
බදු පනත 10 වැනිදා විවාදයට ආන්දෝලනාත්මක විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ලබන මස 10 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. 29 January 2022
තවත් බිහිසුණු කොරෝනා වයිරසයක්: NeoCov කොරෝනා වයිරස පවුලට අයත් NeoCov යන නමින් හැදින්වෙන තවත් නව කොරෝනා වයිරසයක් සම්බන්ධයෙන් චීනයේ වූහාන් නුවර වෛද්‍ය පර්යේෂකයෝ ලොවට අනතුරු අගවති. 29 January 2022
මූල්‍ය අරමුදලේ සහය ගැනීමට සාකච්ඡා පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කිසියම් වූ වැඩපිළිවෙලකට යාමට රජය සාකච්ඡා අරඹා ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. 29 January 2022
කතානායක අයි ඩී එච් රෝහලට කොවිඩ් ආසාදිතවූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට (අයි ඩී එච් රෝහල )ඇතුළත් කරනු ලැබ ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 29 January 2022
තට්ටු 7න් බිමට වැටුණු දරුවා මරුට බම්බලපිටියේ මහල් හතකින් යුත් ගොඩනැගිල්ලකින් වැටුණු 15 හැවිරිදි දරුවෙකු මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 29 January 2022
අල්ලස් ගත් විදුහල්පති රිමාන්ඩ් රුපියල් එක්ලක්ෂ පනස් දහසක අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ දූෂණ චෝදනා දුෂණ චෝදනා විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල පානදුර ශ්‍රී සුමංගල පිරිමි විදුහලේ විදුහල්පතිවරයා දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා නියම කළේය . 29 January 2022
ඔමික්‍රොන් ආසාදිතයෝ තවත් 82 ක් මෙරට ප්‍රදේශ රැසකින් ඔමික්‍රෝන් ආසාදිතයින් තවත් 82ක් සහ ඩෙල්ටා ආසාදිතයින් 6 දෙනෙකු හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. 29 January 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026