(ඩයනා උදයංගනී)

සුව සැරිය ගිලන්රථ සේවය පවත්වාගෙනයාම සඳහා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මගින් ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් අද (3) පරිත්‍යාග කළේය.

දැඩි ආර්ථික අර්බුදය හමුවේ මෙරට පවතින ඖෂධ  සහ වෛද්‍ය උපකරණ හිඟය නිසා 1990 සුවසැරිය පවත්වාගෙනයාම අසීරු වී ඇති බැවින්,  සුවසැරිය නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඉන්දියානු රජයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම ඖෂධ හා අත්‍යාවශ්‍ය උපකරණ තොගය පරිත්‍යාග කර ඇත.

එම ඖෂධ හා උපකරණ තොගය ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වෙත කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී භාර දෙනු ලැබිණි.