
(උපාලි ආනන්ද)
අනුරාධපුර පොතානේගම විද්‍යාලයේ ගුරුවරයකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා නියෝග කළේය.
ලබන අගෝස්තු මස 26 වන දින යළි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද සැකකාර ගුරු සංගම් සභාපතිවරයාට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ උප පොලිස් පරීක්ෂක වාස් ගුණවර්ධන මහතා කියා සිටියේ, සැකකරු අනුරාධපුර දෙවන පියවර, බුලන්කුලම දිසා මාවතේ දී පෙරේදා (2දා) තමන්ට පහර දුන් බව පවසමින් අනුරාධපුර පොතානේගම විද්‍යාලයේ ගුරුවරයකු වන රුවන්සිරි හේරත් නැමැති අය පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd