
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
තංගල්ල බැදිගම අධිවේගී මාර්ග පිවිසුමේ දී පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කර සාපරාධී බලහත්කාරය පෑ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චී මහතාගේ පුත්‍රයා හා ලේලිය ගමන්ගත් කැබ් රථය මාතර මඩිහ ප්‍රදේශයේ විලා හෝටලයක සගවා තිබියදී අද දහවල් අත් අඩංගුවට ගත් බව දකුණු පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින දිලිප් වෙදිආරච්චී මහතාගේ පුත්‍රයා හා ලේලිය රි එම විලා හෝටලයට පැමිණ රැය පහන් කර ඔවුන්ගේ කැබ් රථය එහි නවතා විලා හෝටලයේ හිමිකරුට අයත් වාහනයකින් මාලඹේ ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බවට පොලිසිය වෙත තොරතුරු ලැබී ඇත.
සැකකරුට හා සැකකාරියට රැකවරණය දීමේ චෝදනාව යටතේ එම විලා හෝටලයේ හිමිකරුගේ බිරිද ද සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ ලොකුව්ට තග දැම්මාට.. දැන් දුවනවා හැංගෙන්න..