
(සුජිත් හේවාජුලිගේ)
පොහොර ප්‍රශ්නය ඇතුළු විවිධ ගැටළු හේතුවෙන් මෙවර යල කන්නයේ අස්වැන්න අඩකින් පමණ පහළ බසිනු ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පැවසීය.
එළඹෙන මහ කන්නය සඳහා වගා කටයුතු නිසි පරිදි සැලසුම් නොකළහොත් කෘෂි ආර්ථිකය ගැන බලාපොරොත්තු තබා ගත නොහැකි වන බව සඳහන් කළ මහාචාර්යවරයා මේ සම්බන්ධයෙන් ගොවීන් දිරිමත් කිරීම වැදගත් බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළඹෙන මහ කන්නය සඳහා වගා කටයුතු නිසි පරිදි සැලසුම් නොකළහොත් කෘෂි ආර්ථිකය ගැන බලාපොරොත්තු තබා ගත නොහැකි නම් මේ සම්බන්ධයෙන් ගොවීන් දිරිමත් කිරීම මාධ්‍ය මගින් කලයුතුවේ. දූෂිත දේශපාලකයින් මාධ්‍යයට ගෙන්වා පැයගණනාවක් කාලය විනාශ කරමින් මාධ්‍ය සාකච්ඡා නොපවත්වා සමාජයට සේවයක් කරන්නාවූ /කිරීමට උත්සාහ කරන්නා වූ කෘෂිවිද්‍යා අංශයේ මහාචාර්යවරුන් සහ ඒ සම්බන්ධ ග්‍රාමීය කෘෂි නිලධාරීන් මාධ්‍යයට ගෙන්වා රටේ පුරවැසියන් (උතුරේත්, දකුණටත්) දැනුවත් කිරීම වැදගත් වේ. එවිට ගොවීන් හට වෙනත් විකල්පයන් හෝ විකල්ප බෝග තෝරා ගැනීමට අවස්ථාවක් / හැකියාවක් ඇත...