
(අංජුල මහික වීරරත්න)
පොහොර,ඉන්ධන ඇතුළු මුලික අවශ්‍යතා වල හිඟය පියවීමට කඩිනම් ක්‍රියාමාර්ගයක් ගතහොත් දැනට පවතින අහාර හිඟය මාස පහ හයක් ඇතුළත පාලනය කළ හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආහාර හිඟයක් ඇතිවීමට තිබෙන තර්ජනය නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් සම්පාදනය කරමින් සිටින බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.
රටේ වත්මන් ආහාර තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ(FAO) මෙරට නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ(UNDP) නියෝජ්‍ය නියෝජිත මාලින් හර්විග් මහත්මිය සමඟ කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී තවදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය දැනට මුහුණ දී සිටින ප්‍රධානතම ප්‍රශ්නය පොහොර සහ ඉන්ධන හිඟය බවයි.
ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟය මඟහරවා ගැනීම සඳහා තමා ආරම්භ කරන ලද නාගරික කෘෂිකර්ම වැඩසටහන පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා එහිදී විස්තර කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් හොඳටම කරන්න වගේ හදන්නේ...!