
(යොහාන් භාසුර)
බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා රෝහලෙන් නිදහස් කිරීමෙන් පසුව බන්ධනාගාර ගත කිරීමට බන්ධනාගාර නිලධාරීන් අද (3) පස්වරුවේ සූදානම් වුවද හිටපු මන්ත්‍රීවරයාව නැවත රෝහල් ගත කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
වෛද්‍ය නිර්දේශ මත රෝහල්ගත කරන්නේ නම් බන්ධනාගාර නිලධාරීන් ඒ සඳහා අවසර ලබාදිය යුතු බවත් හිටපු මන්ත්‍රීවරයා ඒ අනුව තව දුරටත් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවත් එම නිලධාරියා කීය.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් දුමින්ද සිල්වා මහතාව ඊයේ පෙරවරුවේ රෝහලෙන් නිදහස් කළ ද ඒ මහත් නැවත අසනීප වීමෙන් නැවත රෝහල් ගත කළ බව වාර්තා වේ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තරලා ඕකට ඕනේ නෑ කියන්න. ඕක අනිවාර්යයෙන් හොඳවෙන්නේ නෑ. ඕක හොඳවෙන බෙහෙත තමයි ආයේ නිදහස ලබපු දවසට තමයි. හොර MBBS කාරයින්... මොවුන්ට හෙන ගහන්න ඕනේ නැද්ද?