(රංජන් කස්තුරි)

පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛනය උල්ලංඝනය කර ඉකුත් වසර එකහමාරක කාලය තුළ ජනප්‍රිය පාසල්වලට සිසුන් විශාල පිරිසක් ඇතුළත් කර ඇතයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක් සිදුකරන බව ද අධ්‍යාපන ඇමැතිවරයා සඳහන් කළේය.

එම විගණනය අවසන් කරන තෙක් කිසිදු සිසුවකු ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමට කටයුතු නොකරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කීය.