
(යොහාන් භාසුර)
අත්‍යවශ්‍ය ආහාර ආනයනය කිරීම සඳහා ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 500 න් ඩොලර් මිලියන 5 ක් හෙවත් ඩොලර් ලක්‍ෂ 50 ක් එක ව්‍යාපාරිකයකුට පමණක් වියළි මිරිස් ආනයනය කිරීම සඳහා දී ඇති බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය චෝදනා කරයි.
ශ්‍රී ලංකාවේ මාසික පාරිභෝජනය සඳහා වියළි මිරිස් මෙට්‍රික්ටොන් 3000 ක් අවශ්‍ය බවත් එක් ව්‍යාපාරිකයකුට පමණක් මෙට්‍රික්ටොන් 2000 ක් ආනයනය කිරීම සඳහා ඩොලර් ලබාදීමෙන් සෙසු ව්‍යාපාරිකයන්ට අසාධාරණයක් වූ බවත් අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය වැඩි දුරටත් පවසයි.
මුදල් අමාත්‍යංශය අදාල ව්‍යාපාරිකයාට විශේෂ සැලකිල්ලක් දැක්වූ බව ද එම සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd