වැලිකඩ විරෝධය මසකට පසු අවසන් දීර්ඝ කාලීනව සිර දඩුවම් විදින සිරකරුවන් පිරිසක් පොදු සමාවක් ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ වහලයක් මත මාසයකට අධික කාලයක් පුරා ක්‍රියාත්මක විරෝධාතායව අවසන් කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක හා පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි. 28 October 2021
බසය වෙළට - 13ක් රෝහලට මාතලේ සිට සැලගම දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මාතලේ ගොලැන්හෙන්වත්ත ප්‍රදේශයේ දි මාර්ගයෙන් ඉවතට පැන වෙළකට පෙරළිමෙන් පුද්ගලයන් 13 දෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි. 28 October 2021
බන්ධනාගාරයට වූ හානිය ගැන විමර්ශනයක් සිරකරුවන් පිරිසක් වැලිකඩ බන්ධනාගාර චැපල් වාට්ටුවේ වහලය මත නැග විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් බන්ධනාගාරයට සිදු වූ හානිය සම්බන්ධයෙන් මේ වන විමර්ශනයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 28 October 2021
පොලිසියේ පිරිසකට මාරු වීම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා ඇතුලු නියෝජ පොලිස්පතිවරුන් දෙදෙනකුට සහ පොලිස් ස්ථානාධිපතිවරුන් පස් දෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා ද ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. 28 October 2021
සිරිල් ගාමිණී පියතුමන් සී.අයි.ඩියට නොපැමිණෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමට පිළිතුරු ලබාදීමට සුදානම් වී පැමිණීම සඳහා සතියක කාලයක් ඉල්ලමින් සිරිල් ගාමිණී පියතුමන් එම දෙපාර්තමේන්තුවෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත. 28 October 2021
පදවියෙන් දින තුනට කොරෝනා 60ක් වාර්තා වෙයි පදවිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් ඉකුත් දින තුන තුළ කොරෝනා ආසාදිතයන් 60 දෙනකු වාර්තා වී ඇතැයි එම කාර්යාලය කියයි. 28 October 2021
ස්විස්ටර්ලන් පිරිසකගෙන් මාතර රෝහලට ශ්වසන උපකරණ ස්විස්ටර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්, වියට්නාම සහ තායිලන්ත ජතිකයන්ගේ ධන පරිත්‍යාගයෙන් ශ්වසන උපකරණ පද්ධතියක් මාතර මහා රෝහලට බාර දුන්නේය. 28 October 2021
වෛද්‍ය සංගමයෙන් ජනාධිපතිට යෝජනා හතරක් යළි කොවිඩ් රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර හතරක් පිළිබඳ නිර්දේශ ඇතුළත් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවා ඇත. 28 October 2021
ලබන වසරේ සිට නොමිලේ තේ පැළ වගා කිරිමට කැමති ඕනෑම පුද්ගලයකුට තේ පැළ ලබන වසරේ සිට නොමිලේ ලබාදීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය. 28 October 2021
“පොහොර බාර ගන්න බෑ’’: අගමැති චීන තානාපතිට කියයි කොළඹ වරායට පැමිණ ඇති චීන පොහොර නෞකාවේ ඇති පොහොර තම රටට භාරගත නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චීන තානාපති වී. ශෙන්හොන් මහතාට දැනුම් දී තිබේ. 28 October 2021
පාර්ලිමේන්තුව නියෝජනය නොකරන සියලු පක්ෂ එ.ජ.නිසට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන සියලු පක්ෂ ලබන මස 11 දින වනවිට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක්වන බව එහි මහලේකම් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 28 October 2021
ජනපති - හවුල් පක්ෂ නායකයන් අද සවස හමුවෙයි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් අරලියගහ මැදුරේදී අද සවස පැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග කියයි. 28 October 2021
“රටේ ස්වෛරීත්වය තුට්ටු දෙකට විකුණන්න දෙන්නෙ නෑ’’ රටේ ස්වෛරීත්වය තුට්ටු දෙකට විකුණන්න ආණ්ඩුවට ඉඩ නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 28 October 2021
සජබයේ ‘‘හුස්ම‘‘ කාසල් රෝහලට සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ’’විපක්ෂයෙන් හුස්මක්’’ වැඩසටහනේ ’ජන සුවය’ සමාජ සත්කාර වැඩසටහනෙහි 32 වන පියවර ලෙස රුපියල් ලක්ෂ හැත්තෑ හයක් වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලට පිරිනැමිණි. 28 October 2021
රජයෙන් දෙන පොහොරවලින් අස්වැන්න අඩු වුණොත් වන්දි රජයෙන් ලබාදෙන පොහොර භාවිතයෙන් අස්වැන්න අඩු වුවහොත් ඒ සඳහා ගොවීන්ට වන්දි ලබාදීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය . 28 October 2021
නඩු භාණ්ඩ කඩිනමින් නිෂ්කාශනය කරන්න වැඩපිළිවෙළක් අධිකරණවල නඩු භාණ්ඩ වශයෙන් ගොඩගැසී පවතින වාහන ඇතුළු උපකරණ කඩිනමින් නිෂ්කාෂණය කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ. 28 October 2021
අඩු පීඩන කලාපය නැගෙනහිර වෙරළ දෙසට දිවයින ආසන්නයේ පවතින අඩුපීඩන කලාපය බස්නාහිර දෙසට ගමන් කර අනතුරුව නැගෙනහිර වෙරළ දෙසට ගමන් කිරීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 28 October 2021
වැලමිටියාවේ කුසලධම්ම නා හිමියෝ අපවත් වෙති කැලණිය විශ්ව විද්‍යායාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක වැලමිටියාවේ කුසලධම්ම හිමියෝ අපවත් වූහ. 28 October 2021
රැඳවියෝ දෙකක් තහනම් භාණ්ඩ සමග මාට්ටු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකු සන්තකයේ තිබී සිම් කාඩ් පතක් සහ දුම්කොළ සහිත පාසලක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 28 October 2021
රුපියල් ලක්ෂ 10ක් ගත්තැයි පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට වාහනයක් මිලදි ගැනිමට පැමිණි පුද්ගලයකුගේ රුපියල් දස ලක්ෂයක් කොල්ලකෑවයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වඳුරඹ පොලිසියේ අපරාධ විමර්ශණ අංශයෙ ස්ථානාධිපතිවරයා අත් අඩංගුවට ගත් බව නාගොඩ පොලිසිය පවසයි. 28 October 2021
සිමෙන්ති මිල තව ඉහළට? ලෝක වෙළෙඳපොලේ සිමෙන්ති මිල ඉහළ යෑමෙන් ආයයන පිරිවැය ඉහළ ගොස් ඇති බවත් එම මිල ඉහළ යෑමට සාපේක්ෂව දේශීය සිමෙන්ති මිල ද ඉහළ යෑමක් වියහැකි බවත් සිමෙන්ති ආනයනරුවෝ පවසති. 28 October 2021
රේගුවේ තෑගි සෙල්ලම අතේ මාට්ටු ශ්‍රී ලංකා වරාය අධිකාරිය ආනයනය කළ රුපියල් කෝටි 1149ක් වටිනා දොඹකර යන්ත්‍ර තිස් හයකට රේගු සටහන් ඉදිරිපත් නො කිරීමේ චෝදනාව යටතේ රුපියල් කෝටි 158 ක දඩ මුදලක් පනවා ඉන් කෝටි හැත්තෑ නමයකට වැඩි මුදලක් ඇතැම් රේගු නිලධාරීන් ත්‍යාග මුදල් ලෙස ලබා ගැනීමට දැරූ උත්සාහයක් පිළිබඳව තොරතුරු හෙළිවී ඇතැයි රජයේ ගිණුම් පිළිබද පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) පවසයි. 28 October 2021
සිරිල් ගාමිණි පියතුමා අද සී.අයි.ඩී.යට රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්යක්ෂ සුරේෂ් සාලේ මහතා කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට සිරිල් ගාමිණී පියතුමා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දින පැමිණෙන ලෙස දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 28 October 2021
සුඛෝපභෝගී වාහන 300ක් වරායේ දිරයි රජය වාහන ආනයනය තහනම් කිරීමෙන් පසු පසුගිය වසරේ ආනයනය කළ සුඛෝපභෝගී වාහන 300 කට අධික සංඛ්‍යාවක් වරාය තුළ ඇති බවත් එම වාහන සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය. 28 October 2021
වෙඩි බෙහෙත් සමග හිටපු කොටියා අල්ලයි අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියක අසුන යට සඟවා රැගෙන යමින් සිටි එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු ප්‍රබල නායකයෙක් පොලීසිය විසින් මුලතිව් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. 28 October 2021
ඇමතිටත් වලංගු නැති පොහොර සමාගම් වලින් පඩි ගන්න නිලධාරීන් කවුද? කෘෂිකර්ම අමා්‍යංශයේ ගොඩක් නිලධාරීන් රසායනික පොහොර සමාගම්වලට උපදේශන සේවා ලබාදෙන බවත් සමහර නිලධාරීන් අමාත්‍යංශය සමඟ නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 27 October 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 134ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 134 දෙනකු අද(27) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 27 October 2021
කෘෂි ආචාර්යවරු-මහාචාර්යවරු ජනපතිගෙන් සාකච්චාවක් ඉල්ලති පොහොර අර්බුදය සම්බන්ධයෙන් නිවැරදි අදහස් හා වැඩපිළිවෙළක් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා විශ්ව විද්‍යාලවල කෘෂිපීඨවල ආචාර්ය මහාචාර්යවරු 141 දෙනෙක් ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටිති. 27 October 2021
නව ගුවන් සමාගම් පහක් ලංකාවට සෘජු ගුවන් ගමන් අරඹයි ඉදිරි මාස දෙක ඇතුළත ජාත්‍යන්තර ගුවන් සමාගම් 5ක් ශ්‍රී ලංකාව සමඟ සෘජු ගුවන් ගමන් ඇරඹීමට නියමිත බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (27) පැවසීය. 27 October 2021
“මයිකල් නේස්බි සාමිවරයා හැමවිටම අපිට ලොකු ශක්තියක් වුණා’’ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ශ්‍රී ලංකාවට චෝදනා එල්ලවූ සෑම අවස්ථාවකදීම මයිකල් නේස්බි සාමිවරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ ලංකාව වෙනුවෙන් පෙනී සිටිය බවත් , ඒ පිළිබද තේරුම්ගත් එවැනි දේශපාලනඥයෙක් සිටීමට හැමවිට ශ්‍රී ලංකාවට වාසියක් වූ බව ද විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා බ්‍රිතාන්‍යයේදී කියා සිටියේය. 27 October 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026