කොවිඩ් ආසාදිතයන් තව 425ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 425 දෙනකු අද (27) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 27 October 2021
‘‘ප්‍රමිතියට නැති පොහොර ගෙන්වන්නේ නෑ‘‘ ශ්‍රී ලංකාවට සියලුම පොහොර ගෙන්වන්නේ පොහොර පනතට අනුව අදාල ප්‍රමිතියට අනුකූල නම් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 27 October 2021
දුම්රිය මගීන්ට ප්‍රවේශපත් නිකුත් කරන්න අවසර ඉල්ලයි දුම්රිය මගීන්ට ප්‍රවේශපත් නිකුත් කිරීමේ අවස්ථාව ලබාගැනීමේ ඉල්ලීම ලබන සිකුරාදා පැවැත්වෙන ‘කොවිඩ්’ මර්දන කමිටුවට යොමු කරන බවත් ඒ සඳහා අනුමැතිය ලැබේ යැයි බලාපොරොත්තු වන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ‘ලංකාදීප’යට අද (27) පස්වරුවේ පැවසීය. 27 October 2021
කොවිඩ් මරණ 20 ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 20 දෙනකු ඊයේ (26) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (27) තහවුරු කළේය. 27 October 2021
මෙරටදී එකලස් කළ මෝටර් රථයක් වෙළඳපලට මෙරට පළමුවරට සියයට 30ක දේශීය අගය එකතු කිරීමක් සහිතව, එකලස් කරන ලද බොලෙරෝ සිටි පිකප් (Bolero City Pik Up) වර්ගයේ මෝටර් රථය වෙළඳපොළට හඳුන්වාදීම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) සිදුකෙරිණි. 27 October 2021
අංගොඩ වෙඩි තැබීමේ හෝඩුවාවට පොලිසියෙන් ලක්ෂ 25ක් මුල්ලේරියාවන පොලිස් වසමේ මීගහවත්ත ප්‍රදේශයේ දී ඉකුත් (26) දින වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර තවත් පුද්ගලයකුට තුවාල සිදු කිරිමේ සිද්ධියට සැකකරුව වශයෙන් හදුනාගෙන සිටින පොන්නම්පෙරුම ආරච්චිගේ දොන් දනුශ් බුද්ධික (30) නොහොත් “ජිලේ ” නැමැත්තා සැකකරු හදුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි. 27 October 2021
ඉතාලියේදී දරු දෙදෙනා ඝාතනය කළ ලාංකික කත පැන යයි ඉතාලියේ වෙරෝනා නගරයේ නවාතැන්පොළක සිටි අවුරුදු 11 සහ අවුරුදු 3 දියණියන් දෙදෙනකු ඝාතන කළ බව කියන මව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත. 27 October 2021
මිනුවන්ගොඩ මළගෙදරකින් කොරෝනා පුංචි පොකුරක් මිනුවන්ගොඩ හොරම්පැල්ල නවලෝක ප්‍රදේශයේ රෝහල් සේවකයකුගේ අවසන් කටයුතුවලට සහභාගී වූ පිරිසෙන් 35 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 27 October 2021
වගා හානියට කෝටි 37 ක් වන්දි වගා හානිවීමෙන් පසුගිය වසරේ (2020) යල කන්නයේ ආපදාවට පත්වූ ගෙවීන්ට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණඩලය පසුගියදා රුපියල් කෝටි 37 කට (රුපියල් 371,463,986) අධික වන්දි මුදලක් ප්රදානය කළේය. 27 October 2021
ලංවීම සමිති වැඩවර්ජනයකට සැරසෙයි කොරවලපිටිය යුගදනව් බලාගාරයේ කොටස් ඇමෙරිකා සමාගමකට විකිණීමට විරෝධය දැක්වීම සඳහා වෘත්තීය සමිති රැසක් ඒකාබද්ධව එක්දින වැඩවර්ජනයකට යන බව ලංවීම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. 27 October 2021
අල්ලස් දෙන්න ගිය කසිප්පු ජාවරම්කරුට වැඩ වරදී සිය කසිප්පු ජාවාරම බාධාවකින් තොරව කරගෙන යාම සඳහා ඉත්තෑපාන පොලීසියේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ලබාදීමට පැමිණී කසිප්පු ඡාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ (විමර්ශන) අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක විතානගේ මහතා පැවසීය. 27 October 2021
දන්ත රෝහලට එනවනම් එන්නත් කාඩ්පත රැගෙන එන්න ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනිමට පැමිණෙන සියලු දෙනා කොවිඩ් මර්දන එන්නත ලබාගත් බවට තහවුරු කෙරෙන එන්නත් කාඩ්පත රැගෙන එන ලෙස එහි අධ්යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා දැනුම් දෙයි. 27 October 2021
‘‘පොහොර බලෙන්දීම ඉන්දියාව පරිප්පු දැම්මා වගේ වැඩක්‘‘ රටේ නිරෝධායන නීති අනුව ප්‍රතික්ෂේප වූ පොහොර තොගය බලහත්කාරයෙන් ලබාදීමට උත්සාහ කිරීමේ අයිතියක් චීන සමාගමට නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 27 October 2021
කළුතර පැත්තකට හෙට වතුර කපයි අලුත්ගම,මතුගම ,අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට හෙට (28) දින පෙරවරු 9.00 රාත්‍රි 7.00 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව කලුතර ජාතික ජලසම්පාදන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු පි.එච්. අජිත් මහතා පවසයි. 27 October 2021
ජාත්‍යාන්තර ක්‍රිකට් පිටියට යන රත්නාවලී දියණිය සිම්බාබ්වේහිදී ලබන මස 21 වැනිදා ආරම්භ වන කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ගම්පහ රත්නාවලි බාලිකා විදුහලේ 16 හැවිරිදි විශ්මි ගුණරත්න ඇතුළත්ව සිටින්නීය. 27 October 2021
ගෙවතු වගාට සතියක් වස විසෙන් තොර ආහාර සුරක්ෂිතතාව අරමුණු කර ගෙන දීප ව්‍යාප්ත ගෙවතු වගා සතියක් ප්‍රකාශයට පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 27 October 2021
චාල්ස් මැතිවරණ කොමිසමට උතුරේ හිටපු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකාවක ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කෙරුණු යෝජනාවට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය ලැබී ඇත. 27 October 2021
ඩොලර් ගැටලුව සිමෙන්ති හිඟයට මුල සිමෙන්ති හිඟයට ප්‍රධානම හේතුව සිමෙන්ති ආනයනික සමාගම් කීපයක්ම ආනයනය අත්හිටවීම බව ශ්‍රී ලංකාවේ ප්‍රධාන සිමෙන්ති සමාගමක උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 27 October 2021
ගුවන්තොටේ පී.සී.ආර් යළි අරඹයි සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය නොලැබීම නිසා මෙතෙක් කලක් වසා දමා තිබූ කටයුනායක ගුවන්තොටුපොළේ ස්ථාපිත පී.සී.ආර්. පරීක්ෂණාගාරයේ කටයුතු අද ආරම්භ කෙරිණි. 27 October 2021
බත්තරමුල්ලේ අදත් විරෝධයක් සෞභාග්‍යයෙ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ එක් කොට ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපන විශ්ව විද්‍යාලය, අධ්‍යාපන විශ්වවිද්‍යාලය පිහිටවීමට විරෝධය දක්වමින් උද්ඝෝෂණයක් බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්විණි. 27 October 2021
‘‘මා කෘෂිකර්ම අමාත්‍යංශයේ තනතුරක් දැරුවේ නෑ‘‘ කෘෂිකර්ම අමාත්‍යාංශයේ කිසිදු ආයතනයක රැකියාවක නිරත නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසයි. 27 October 2021
සලේගේ පැමිණීල්ලට විමර්ශනයක් සී.අයි.ඩිය කියයි පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළව සිරිල් ගාමිණී පියතුමන් සහ වෙනත් පාර්ශ්ව කිහිපයක් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ඉල්ලා රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා සිදුකළ පැමිණීල්ලකට අදාළව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතාට අද (27) කරුණු ඉදිරිපත් කළේය. 27 October 2021
සැක හිස්වැසුම් හා ජැකට් මාලඹෙන් හමුවෙයි පොලිසියෙන් බව පවසා අංගොඩ මීගහවත්ත ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී පුද්ගලයකුගේ හිසට වෙඩි තබා ඝාතනය ආ සැකකරුවන් පැළඳගෙන සිටි ආරක්ෂක හිස් වැසුම් දෙකක් සහ ජැකට් තුනක් මාලඹේ ප්‍රදේශයේ කෙසෙල් වගාබිමක් තුළ තිබියදී අද සොයා ගත් බව කඩුවෙල පොලිසිය කියයි. 27 October 2021
ලංගමට කෝටි 1600ක් ඉල්ලයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය (ශ්‍රී ලංගම) ශක්තිමත් කිරීම සහ සේවක අයිතීන් සුරක්ෂිත කිරීමට අවශ්‍ය අරමුදල් සඳහා ඉදිරි අයවැයෙන් රුපියල් මිලියන 16,000 ක් හෙවත් රුපියල් කෝටි 1600 ක් වෙන්කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ලිපියක් යොමු කර තිබේ. 27 October 2021
රෙජිස්ටාර්වරුන්ට සාමදාන තනතුරත් රෙජිස්ටාර් තනතුර ලබාදීමේ දී ඔවුන්ට සාමදාන විනිශ්චයකාරකම ද ලබාදීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාට උපදෙස් දුන්නේය. 27 October 2021
“කොල්ලුපිටිය නව වෙළෙඳ සංකීරණයේ ඉදිකිරීම් කඩිනම් කරන්න’’ කොල්ලුපිටිය පැරණි වෙළෙඳපොල පවතින ස්ථානයේ නව වෙළෙඳ සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. 27 October 2021
මවක සහ දියණියන් තිදෙනකු වස ශරීර ගතව රෝහලට හාලිඇළ වෙැල්හින්න පදිංචි මවක සහ ඇගේ කුඩා දරුවන් තිදෙනා විස ශරීර ගත වීමෙන් අසාධ්‍යව බදුල්ල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 27 October 2021
කහටරූප්ප ගමේ 37කින් 23කට කොරෝනා පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දුෂ්කර ගම්මානයක් වන කහටරුප්ප, ගඩාදෙහිගොල්ල ගම්මානයේදී ගම්වැසියන් 37 දෙනකුගේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී ඔවුන් අතරින් 23 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හදුනාගත් බව පස්සර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 27 October 2021
මගමරුවා 13ක් ඩැහැගනී දිවයින පුරා සිදු වු මාරක රියඅනතුරු වලින් ඊයේ (26) දිනය තුළ පමණක් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 27 October 2021
පූජිත් ජයසුන්දර-හේමසිරි ප්‍රනාන්දු නඩුවක් අවසන් පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් සහ වගකීමෙන් බැහැරවීමෙන් සාපරාධී මනුෂ්‍ය ඝාතන සිදුකර ඊට අනුබල දී වරදක් සිදුකළැයි කියන සිද්ධියට අදාළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් සම්බන්ධව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුව අවසන් කිරීමට කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් සංජය ගමගේ මහතා අද නියම කළේය. 27 October 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026