IMG-LOGO

වෘත්තියවේදීන්ගෙන් ජනපතිට යෝජනාවලියක්

(සුජිත් හේවාජුලිගේ සහ  නිමන්ති රණසිංහ)

වර්තමාන දේශපාලන හා ආර්ථික ප්‍රශ්නය විසඳීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග ඇතුළත් විශේෂ  යෝජනාවලියක් වෘත්තීයවේදීන්  පිරිසක් විසින් ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂ මහතාට ජනපති මන්දිරයේදී  අද (1) පෙරවරුවේ බාරදෙනු ලැබීය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ එම නියෝජිතයන් අතර විශේෂ  සාකච්ඡාවක්ද පැවැත්විණ.

රට ගොඩනැඟීම සඳහා විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්  නියෝජනය කරන කණ්ඩායම් කිහිපයක් සූදානම් බව මෙහිදී සඳහන් කෙරිණ.

මෙම පිරිසේ සාධනීය සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලය සහ සම්පත් ලබාදීමට සූදානම් බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

දේශපාලන සමාජීය සමාජයීය සහ ආර්ථික අර්බුදයට කෙටි, මධ්‍ය සහ දිගුකාලීනව ගත යුතු ක්‍රියාමාර්ග සහ ජනතා හිතකාමී නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සම්බන්ධයෙන්ද  මෙහිදී සාකච්ඡා කෙරිණ.

සියලු අමාත්‍යාංශවලට නිශ්චිත ඉලක්කයන් සහිත සංවර්ධන වැඩපිළිවෙළක් වාර්ෂිකව ලබා දී  එම ඉලක්කයන් හි ප්‍රගතිය  ත්‍රෛමාසිකව විමර්ශනයට පියවර ගත යුතු බව වෘත්තීය වේදීහු පෙන්වා දුන්හ.

වසර අවසානයේ ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වන අමාත්‍යවරුන් සහ නිලධාරීන් එම තනතුරුවලින්  ඉවත් කිරීමේ අවශ්‍යතාවද  මෙහිදී පෙන්වාදී ඇත.

මේ සාකච්ඡාවට මහාචාර්ය පාතේගම ඤාණිස්සර  විටියල කවිධජ යන හිමිවරුද අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ , ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක යන මහත්වරුද  ජාතික ප්‍රතිපත්තියක් සඳහාවූ වෘත්තිය එකමුතුව නියෝජනය කරමින් වෛද්‍ය අසෝක ජයසේන නීතිවේදි නෙළුම් වේරගොඩ  සහ  අරගලයට සම්බන්ධ වෘත්තීයවේදීහු සහ තරුණ කණ්ඩායමක්ද   සහභාගී වූහ.



අදහස් (2)

වෘත්තියවේදීන්ගෙන් ජනපතිට යෝජනාවලියක්

Gihan Wednesday, 01 June 2022 11:30 PM

කවුද ඔය අරගලයෙන් ආවා කියන තරුණයෝ? එක නමක් කියන්න බලන්න? ඩීල්දාස කොහේදෝ යන හල්පාරුවෝ ටිකක් අරං ඇවිත් අරගල කාරයෝලු.

:       0       0

යෝගා Wednesday, 01 June 2022 11:43 PM

අරගලේ අයිති කරගන්න හදන ජෙප්පන්ටයි කුරුට්ටන්ටයි නම් මේවා දරා ගන්න බැරි වෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 452 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 287 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site