අත්‍යාවශ්‍ය ආහාර හිටි හැටියේ ඉහළට සහල් ඇතුලු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් දරාගත නොහැකි මට්ටමකට ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. 26 October 2021
රවි ගෙන් පෙත්සමක් බැදුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් කෝටි 1500 ක් පාඩු කළ යැයි චෝදනා කරමින් මහාධිකරණය හමුවේ තමාට එරෙහිව ගොනු කර ඇති අධි චෝදනා පත්‍රය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් ලබන 10 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නීතිපතිවරයාට නොතීසි දන්වා යවන්නැයි පෙත්සම්කාර පාර්ශවයට අභියාචනාධිකරණය නියම කර ඇත. 26 October 2021
‘තව මාස තුන හතරකින් භාණ්ඩ මිල අඩුවේවි‘ ඉදිරි මාස තුන හතරක කාලයේදී භාණ්ඩ මිල අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 26 October 2021
රන්ජන් බලන්න සජිත් යයි රංජන් රාමනායක මහතා මේ මොහොතේ පාර්ලිමේන්තුවේ නොසිටීම විශාල අඩුපාඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 26 October 2021
එජාප මහලේකම්ගෙන් සජිත්ට අභියෝගයක් එක පැත්තකින් ආර්ථිකයත් අනිත් පැත්තෙන් රජයේ සේවක ප්‍රශ්න ගුරු වැටුප් අර්බුද ඇතුළු වර්තමානයේ ප්‍රශ්න කන්දක් එක තැන ගොඩ ගැසීමට මූලික හේතුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මීට වසර තුනකට පෙර අද වැනි දිනක කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. 26 October 2021
කොරෝනාවෙන් පසු සියයට 60කට පෝෂ්‍යදායී ආහාර ලැබි නෑ ‘කොවිඩ්’ වයිරස ව්‍යාප්තියෙන් පසු ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 60 කට පමණ පෝෂ්‍යදායී ආහාර ලැබි නොමැති බව ආහාර අයිතීන් පිළිබඳ සොයා බැලීමේ ජාතික ආයතනය කළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ. 26 October 2021
අයවැයදා පාර්ලිමේන්තුව එන සියලු දෙනාට ඇන්ටිජන් මුදල් ඇමැතිවරයා අයවැය යෝජනා ඉදිරිපත් කරන ලබන මස 12 වැනිදා පාර්ලිමේන්තුවට ඇතුළු විය හැක්කේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් ආසාදිතයකු නොවන බවට ( නෙගටිව්) තහවුරුවන රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන් ඇතුළු පුද්ගලයන්ට පමණක් බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය. 26 October 2021
’’සරසවි විවෘත කරන්න උපකුලපතිවරුන්ට බලය ’’ විශ්ව විද්‍යාල විවෘත කිරීමේ බලය උපකුලපතිවරුන් වෙත පවරා තිබෙන අතර ඔවුන්ට ඔනෑම මොහොතක විශ්ව විද්‍යාල ආරම්භ කළ හැකි බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමිපත් අමරතුංග මහතා පැවසීය. 26 October 2021
ලක්ෂ 56 ක සිගරට් සමග අයෙක් අල්ලයි තීරුබදු නොගෙවා විරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබු රුපියල් ලක්ෂ 56 වටිනාකමකින් යුත් විදෙස් දුමිවැටි තොගයක් සමග සැකකරුවෙකු කඳාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 26 October 2021
වයස 15 ට වැඩි පාසල් සිසුන්ට එන්නත වයස අවුරුදු 15,16,17 සිසුන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයකින් අද (26 ) ආරම්භ විය 26 October 2021
බුද්ධි මාරඹේ කෘෂි අමාත්‍යාංශයේ තනතුරුවලින් ඉවතට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනවල දරන තනතුරු සියල්ලෙන් ඉවත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් උදිත කේ ජයසිංහ මහතාට අද (26) උපදෙස් දී ඇත. 26 October 2021
යුගදනවි ඇමෙරිකාවට පැවරීමේ තීරණයට ජවිපෙනුත් පෙත්සමක් කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජය සතු කොටස්වලින් සියයට 40 ක් අමෙරිකාවේ නිව් ෆෝට්රස් නැමැති සමාගමකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති හා අන්තර් සමාගම් සේවක සංගමයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ යන මහත්වරුන් අද (26) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළහ. 26 October 2021
රටවල් 5කින් සංචාරකයින් ගෙන්වන්න වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා ලොව ප්රමුඛ පෙළේ රටවල් 05ක් ඉලක්ක කර ගනිමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාශයට උපදෙස් දී ඇත. 26 October 2021
ඉන්ධන ගේන්න දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් ලබන වසරේ මුල් මාස අටක කාලයේදී මෙරටට පෙට්‍රල් හා ඩීසල් ආනයන කිරීම සඳහා සිංගප්පූරුවේ විටෝල් ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් සමාගම වෙත දිගුකාලීන කොන්ත්‍රාත්තු ප්රදානය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 26 October 2021
පොල් ගැටලු විසඳන්න අංකයක් පොල් වගාව සම්බන්ධ ගැටළු විසඳීමට නව දුරකතන අංකයක් හා වට්සප් අංකයක් හදුන්වා දී ඇතැයි වැවිලි කර්මාන් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 26 October 2021
සබරගමුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට එරෙහිව පරීක්ෂණයක් සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුළු නිලධාරීන් දෙදෙනෙක් තරුණයකු වටකරගෙන ඇතිවන යම් නොසන්සුන් තත්ත්වයක් සහිත වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරුවෙමින් තිබේ. 26 October 2021
වලෙන් ගොඩ එන්න පාර කී එකම පක්ෂය එජාපයයි මේ අමාරු කාලේ ආර්ථිකය ගොඩගන්න සැලසුමක් රටට ඉදිරිපත් කළ එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය පමණක් යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 26 October 2021
හල්දුම්මුල්ලේ මළගෙදරක 2 කට කොරෝනා හල්දුම්මුල්ල, අමිලගම ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසක දෙදෙනකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරුවීමෙන් පසු ඊට සහභාගීව සිටි තවත් පිරිසක් ඇන්ටිජන් පරීක්ෂණයකට ලක් කර ඇතැයි හල්දුම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්සක අසංක සම්පත් මහතා පැවසීය. 26 October 2021
යුරෝ මිලියනක ව්‍යාජ නෝට්ටුවක් විකුණන්න ගිය දෙදෙනකු අල්ලයි යුරෝ මිලියනක වටිනාකමක් සඳහන් වන ව්‍යාජ ලෙස සකස් කරන ලද මුදල් නෝට්ටුවක අනුරුවක් ශ්‍රී ලංකා රුපියල් මිලියනයකට විකිණීමට තැත්කල සැකකරුවෙක් සහ සැකකාරික් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් දෙමටගොඩදී ඊයේ (25) අත්අඩංගුවට ගනු ලැබූහ. 26 October 2021
අද දවසේ කාලගුණය දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් (26) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 October 2021
කොරෝනාවට අත දුන් 81000 පොලිස් දැලේ කොරෝනා ව්‍යාප්තියත් සමග නිරෝධායන රීතින් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අද (26) දින වන විට 81,353 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 26 October 2021
කටපුංචා අංගොඩ වැඩ:එකක් මරුට,එකක් රෝහලට පාතාල සාමාජිකයකු වූ අංගොඩ ලොක්කාගේ ගෝලයකු නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයකින් අද 26 අලුයම මුල්ලේරියාව දෙල්ගහවත්ත ප්‍රදේශයේ දී ඝාතනය කරනු ලැබ ඇතැයි පොලිසිය පවසයි.ක 26 October 2021
‘‘ස්ලිට්‘‘ යළි මහපොළ අරමුදලේ පාලනයට මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (ස්ලිට්) මහපොළ අරමුදලේ පාලනයට යළි ගන්නා බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 26 October 2021
‘‘ආණ්ඩුවේ ගින්දර පිටට නොදෙනු‘‘ ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න ඇතුළේම සාකච්ඡා කර විසඳාගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් ගෙන් ඉල්ලීමක් කර ඇත. 26 October 2021
සජබ මන්ත්‍රීවරු දෙදෙනෙක් වගකීම් අත්හරිති? සමගි ජන බළවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ සහ චම්න්ද විජේසිරි යන මහත්වරුන් ඔවුන් දරණ වගකීම් සහ ආසන සංවිධායක ධුරවලින් ඉවත් වීමට කටයුතු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 25 October 2021
කාබනික වැඩේට බාල්දියක් දැමූ කෘෂි ලොක්කෙක් ගෙදර රජයේ කාබනික වගා ව්‍යාපෘතිය විවේචනය කළ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා එම තනතුරින් ඉවත් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලංකාදීපයට පැවැසීය. 25 October 2021
“සීනි හිඟයට හේතුව ඩොලර්’’ ආනයනික සුදු සීනි තොග රට තුළ නොමැති බවත් රට මුහුණදී සිටින ඩොලර් ප්‍රශ්න හේතුවෙන් ඉල්ලුමට ප්‍රමාණවත් ලෙස සීනි ආනයනය කිරීමට නොහැකි වීම සීනි හිඟයට හේතුව බවත් සීනි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ‘ලංකාදීප’යට පැවසීය. 25 October 2021
මඟුලට පිරිස වැඩි කරයි කොවිඩ් වසංගතය හේතුවෙන් විවාහ මංගල උත්සව ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා පනවා තිබූ සීමා ලිහිල් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇත. 25 October 2021
සය නිවුන් දරුවන් බලන්න ශිරන්ති යයි සය නිවුන් දරුවන්ගේ සහ ඔවුන්ගේ මවගේ සුව දුක් විමසා බැලීමට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (25) පස්වරුවේ කොළඹ නයින්වේලස් පෞද්ගලික රෝහලට පැමිණ තිබිණ. 25 October 2021
ගෞතම් අදානි මන්නාරමට ඉන්දීයාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු වන ගෞතම් අදානි මහතා ඇතුලු පිරිස අද (25) සවස මන්නාරමේ සංචාරයක නිරත වූහ. 25 October 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026