පෞද්ගලික බස් වලට ලංගම ඩිපෝවලින් ඉන්ධන අන්තර් පළාත් පෞද්ගලික බස් රථවලට ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) අඛණ්ඩව ඉන්ධන ලබා දෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය. 16 April 2022
ගමේ ගිය අයට කොළඹ එන්න පෞද්ගලික බස් 1000 ක් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 1000 කට අධික සංඛ්‍යාවක් ධාවනයේ යෙදවෙන බව ජාතික ගමනාගමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පැවසීය. 16 April 2022
ආණ්ඩුවෙන් ඉවත් වූ පක්ෂ වලින් නිවේදනයක් ආණ්ඩුවට එරෙහිව රට පුරා පැවැත්වෙන උද්ඝෝෂණ සහ විරෝධතා වලට සහාය පළ කරමින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ආණ්ඩුවෙන් ඉවත් වූ හවුල්කාර පක්ෂ ඇතුළු කණ්ඩායම තීරණය කර ඇත. 16 April 2022
ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් යළි ආණ්ඩුවට ගැනීමේ මෙහෙයුමක් ? ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් යළි ආණ්ඩුවට ගැනීමේ මෙහෙයුමක් මේ වනවිට ආරම්භ වී ඇතැයි වාර්තා වේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙම මෙහෙයුම ආරම්භ වී ඇති අතර,ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරුන් කිහිපදෙනකු ද ඊට සම්බන්ධ වී සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 16 April 2022
ඉන්ධන ප්රශ්නය විසඳන්න ජනපති ඛනිජ තෙල් ප්‍රධානීන් කැඳවයි ඉන්ධන ප්රශ්නය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධානීන් ඇතුළු අදාළ ආයතන ප්‍රධානින් සමඟ විශේෂ සාකච්ඡාවක් මේ වනවිට ආරම්භවී ඇතැයි වාර්තා වේ. 16 April 2022
අගමැතිකම අතහරින්නැයි විමල්-ගම්මන්පිල ඉල්ලයි නව අග්‍රාමාත්‍යවරයකු යටතේ අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගැනීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉවත් වන්නැයි ආණ්ඩුවෙන් ඉවත් වූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් අගමැතිවරයා හමුවී ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. 16 April 2022
මැතිසබේ බස්වල සෙංකෝලයත් ගැලවෙයි පාර්ලිමේන්තුවේ බස්රථ බොහොමයක ප්‍රදර්ශනය කර තිබු ’’පාර්ලිමේන්තුව’’ යනුවෙන් සඳහන් සෙංකෝලය සහිත යෝධ ’’ස්ටිකර්ස්’’ද පසුගිය දිනවල ඒවායින් ඉවත් කර ඇතැයි වාර්තා වේ. 16 April 2022
විදුලි කැපීම්-පෝලිම් නිසා කෝටි 10,000 කට වැඩි පාඩුවක් ඉන්ධන ගෑස් හා වෙනත් පෝලිම් සහ විදුලිය කැපීම නිසා වැඩ පැය අහිමිවීමෙන් රුපියල් කෝටි 10,000 කට වැඩි මුදලක් රටට පසුගිය මාස කිහිපයේදී අහිමිවී ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ සඳහන් කරති. 16 April 2022
නීතිඥ සංගමයෙන් නිවේදනයක් සාමකාමී විරෝධතාවක නිතරව සිටින පිරිසකට පහරදීම ඔවුන්ට බාධා හිරිහැර කිරීම නීතියට පටහැනි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් මගින් දැනුම් දී ඇත. 16 April 2022
කොටස් වෙළඳපොල දින 5 කට වහයි ව්‍යාපාරික දින පහක් සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු තාවකාලිකව නවතා දැමීමට විනිමය සහ සුරැකුම්පත් කොමිෂන් සභාව තීරණය කර ඇත. 16 April 2022
‘‘විගණනය මගෙන් පටන් ගන්න‘‘ ‘පාර්ලිමේන්තුවේ 225ම හොරු කියන ලේබලය ගහන මට්ටමට පත්වෙලා.ඒ නිසා මම විශ්වාස කරනවා පාර්ලිමේන්තුවේ හොඳ මිනිසුන් වගේම ඔය කියන චෝදනාවට අයත් මිනිසුන් ඉතිහාසයෙත් හිටියා වර්තමානයේත් ඉන්නවා ඒ නිසා මම පෞද්ගලිකව ඉල්ලීමක් කරනවා පාර්ලිමේන්තුවේ 225 ම විගණනයක් කඩිනමින් සිදු කරනන එය මගෙන් ආරම්භ කරන්න‘ යැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා ඉල්ලීමක් කළේය. 16 April 2022
ෆයිසර් සිවුවැනි මාත්‍රාවත් දෙන්න හදයි මෙරටට ගෙනවිත් ඇති ෆයිසර් එන්නත අගෝස්තු මාසයේදී කල් ඉකුත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට පැවැසීය. 16 April 2022
නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයකින් ලක්ෂ 270 කොල්ල කාලා කඩවත ප්‍රදේශයේ ප්‍රසිද්ධ නිමි ප්‍රදර්ශනාගාරය සේප්පුව බිඳ රුපියල් ලක්ෂ 270 ක් සොරාගත් සැකකරු එහි ඉහළ මාලයේ ජල ටැංකියක් මත සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි . 16 April 2022
නව කැබිනට් මණ්ඩලයට සියල්ල සූදානම් නව කැබිනට් මණ්ඩලය දිවුරුමේ සියලු කටයුතු මේ වන විට සූදානම් බව රජයේ ආරංචි මාර්ග කියයි. 16 April 2022
මැති ඇමැතීන්ට ’’රට සවාරි’’ තහනම් අත්‍යාවශ්‍යම කාරණයකට හැරෙන්නට විදේශ සංචාරවලින් හැකිතාක් වැළකී ඉදිරි සති කිහිපයේදී මෙරටේම රැඳී සිටින්නැයි ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත. 16 April 2022
‘විශ්වාසභංගයට කම්කරු කොංග්‍රසයේ සහාය නෑ‘ ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විසින් ඉදිරිපත් කෙරෙන විශ්වාසභංග යෝජනාවට ලංකා කම්කරු කොංග්‍රසය සහය නොදීමට තීරණය කර ඇත. 16 April 2022
‘පාර්ලිමේන්තුව මේ මොහොතේදී රැස් නොවීම පුදුමයි‘ දේශපාලන ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක පාර්ලිමේන්තුව මේ මොහොතේදී දිනපතා රැස් නොවීම පුදුම සහගත බව පැෆ්රල් සංවිධානය පවසයි. 16 April 2022
’’ජනපතිතුමාගේ පියවර ගැන ජනතාව බලාගෙන ඉන්නවා’’ ජනාධිපතිවරයා ජාතිය අමතා සිය සැලසුම් ජනතාවට ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 16 April 2022
‘‘මහනායක හිමිවරුන් ඊළඟ පියවරට යා යුතුයි‘‘ වත්මන් පාලකයන් මහා නායක ස්වාමීන් වහන්සේලාගේ මතයට ඇහුම්කන්දී නැතැයි ඕමල්පේ සෝභිත නාහිමියෝ පවසති. 16 April 2022
අද - හෙට විදුලි කප්පාදුවේ වෙනසක් අද සහ හෙට (16 සහ 17) විදුලි කප්පාදුව පැය 2 යි විනාඩි 15 කට සීමා කර ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනත රත්නායක මහතා පස්වරුවේ පැවසීය. 16 April 2022
ගාලුමුවදොර විරෝධයේ දැඩි තදබදයක් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙස බල කරමින් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන අඛණ්ඩ විරෝධතා භූමියට 50,000 කට අධික ජනකායක් රැස්ව සිටීම නිසා එම ස්ථානයේ දැඩි තදබදයක් ඇතිවී තිබේ. 15 April 2022
තෙල් බවුසර්වලට එන්න කියයි ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා හැකි ඉක්මනින් අදාළ පර්යන්ත සහ ඩිපෝ වෙත ළඟාවන ලෙස සියලුම ඛනිජ තෙල් බවුසර් හිමියන්ගෙන් ඛනිජ තෙල් සංස්ථාව ඉල්ලා සිටියි. 15 April 2022
කොවිඩ් ආසාදිතයන් තවත් 19ක් කොවිඩ් ආසාදිතයින් තව 19 දෙනෙක් අද (15) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 15 April 2022
ගමේ ගිය අයට කොළඹ එන්න ලංගම බස් 2100 ක් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා ගම බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) අන්තර් පලාත් බස් රථ 2100 ක් පමණ ධාවනයේ යෙදවීමට සූදානමින් සිටින බවත් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය. 15 April 2022
බැසිල්ට කොවිඩ් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොවිඩ් රෝගී තත්ත්වය හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවෙයි. 15 April 2022
රජයට විරෝදය පා එතෙර අවුරුදු උත්සව නවත්වයි විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් සංවිධානය කරන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව රැසක් ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව විදේශවල සිටින ශ්‍රී ලාංකිකයෝ පවසති. 15 April 2022
නව කැබිනට් මණ්ඩලය 18 දිවුරුම් දෙයි? නව කැබිනට් මණ්ඩලය ලබන 18 වෙනිදා සඳුදා දිවුරුම් දීමට නියමිතව ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත. 15 April 2022
ගෑස් සඟවා අලෙවි කරන්නට ගොස් වැඩ වරදී වැඩි මිලට අලෙවි කිරිම සදහා නිවසක ඉතා සුක්ෂම ලෙස සගවා තිබු ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 230 ක් අද (15) පස්වරුවේ සොයාගත් බවත්,ගැස් සිලින්ඩර් සගවා තැබිමේ චෝදනාව යටතේ නිවසේ හිමිකරු සැකපිට අත්අඩංගුවට ගත් බවත් ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති විරාජ් විතානගේ මහතා පැවසිය. 15 April 2022
අත්අඩංගුවට ගත් සැරයන්ට ඇප මහජන කැලඹීමක් ඇති වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කළැයි කොටුව පොලීසිය අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා රුපියල් ලක්ෂ 3 ක් බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (15) නියෝග කළේය 15 April 2022
ජල ටැංකියට වැටී පිය-පුතු මරුට බටදුව පිහිටි සුප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවක ජල ටැංකියට වැටි එම කම්හලේ 37 හැවිරිදි විධායක නිලධාරියෙකු සහ ඔහුගේ නව හැවිරිදි පුතා අද(15 ) මියගොස් ඇතැයි අක්මිමණ පොලිසිය පවසයි. 15 April 2022
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026