(සුජිත් හේවාජුලිගේ)
වගා කළ හැකි රජයේ ඉඩම් ඒ ඒ ප්‍රදේශවල ගොවීන්ට වගා කිරීම සඳහා ලබා දෙන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ මහතා රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.
දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින නිසා රට දැන් තිබෙන්නේ ගිනි කන්දක් උඩ බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් සංවිධානය කෙරුණු වැඩමුළුවකට සහභාගි වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංකේතයක් හැටියට 225 පට්ටිය ජයවර්ධන පුරේ පිස්සන් කොටුවේ එළවළු කොටුවක් කරලා ආදර්ශයක් දුන්නොත් කොහොමද?
ගිනිතියපු හනුමන්තලා පරිස්සම් කරනතාක් මේ රට ගිනිගන්න එක නවත්වන්න බෑ. රට වට්ටපු, දුප්පත් කරපු සහ මහජන මුදල් එළිපිට මංකොල්ල කාලා පුරසාරම් දොඩවන හොරුන්ට නීතියෙන් ක්‍රියා කරන්න. එච්චරයි ඕනෑ. අනිත් දේවල් හරි යාවි...
ප්රශ්නය තිබෙන්නේ පොහොර නොමැතිකම මිසක් ඉඩම් නොමැතිකම නිසා නොවන බව මේ අමාත්‍යාංශ ලේකම්ට වැටහෙන්නේ නැද්ද? දැන් කැලෑපාළුවෝ වගාකරනවා කියලා කැලේ ගස් කපලා විකුණාවි.
මහත්වරුනි, දැනට තියෙන ප්රශ්නය පොහොර නැතිව ඉඩම් මිනීවලවල් කපන්නද?