(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම අටුලුගම අයේශා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් කීර කොටු කරන පුද්ගලයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පොලිස් බාරයට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය
එම පුද්ගලයාගේ ශරීරයේ ස්ථාන කීපයකම සීරීම් තුවාල දක්නට තිබෙන බවක් බවත් එම නිලධාරියා කීය
සැකකරු පදිංචි නිවසේ ඇද යට සඟවා තිබූ මඩ තැවරුණු සරමක් ද පොලිසිය භාරයට ගෙන ඇත
සැකපිට අත්අඩංගුවට ගත් එම පුද්ගලයා දැරිය අතුරුදන් වූ දිනයේ පෙරවරු 10:15 ට පමණ දැරිය ගමන් ගත් මාර්ගයේ ඔහුගේ කීරකොටුව ඉදිරිපිට මුල්ලුවක් අත දරාගෙන සිට බවට තොරතුරු ලැබී ඇතැයි එම නිලධාරියා කීය
ඝාතනයට ලක්වූ දැරියගේ මළ සිරුර ද හමු වූයේ සැකකරු කිරකොටුවට යාබදව තිබෙන ලදු කැලෑ වේ මඩ ගොහොරුවේ තිබියදීය
පොලිස් භාරයට ගෙන තිබෙන සැකකරුට මීට පෙර ද මවක් හා දියණියක් සිටින නිවසකට රාත්‍රී කාලයේ දී ඇතුළුවී ලිංගික අතවර කිරීමට තැත් කළ පුද්ගලයකු බවත් ඒ සම්බන්ධයෙන් මීට මාස කීපයකට ඉහත දී බණ්ඩාරගම පොලීසියට ද පැමිණිලි ලැබී ඇතැයි එම නිලධාරියා කීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ... මේක තවත් එක ‘‘සේයා‘‘ කතාවක් වෙන්න දෙන්න එපා. මේ කියන මනුස්සයගේ පෙර වැරැදි තිබුණා නම්, පොලිසිය ඒකට පියවරක් නොගත්තා නම් පළමු වැරැදිකරුවන් පොලීසිය... සේයා දැරියගේ ඛේදවාචකයේදී කරපු අපරාධය අපට අමතක නැහැ.
යුක්තියේ නාමයෙන් දියහැකි උපරිම දඬුවම් ලබාදෙන්න. ඒ වගේම එම දඬුවම ගැන අසන කෙනෙකුට නැවත එවන් අපරාධයක් කිරීමට නොසිතෙන ලෙස...!
නිසි දඬුවම් ලැබුණොත් මින් ඉදිරියට මේ වගේ අවාසනාවන්ත සිදුවීම් නතර වේවි.
DNA පරීක්ෂණයක් කිරීමෙන් මේක සොයාගන්න පුළුවන්.., විද්‍යාත්මක සහ ඇසින් දුටු සාක්ෂි නැතුව එකවර පූර්ව නිගමන වලට යන්න එපා..
උපරිම දඬුවම ලබාදෙන්න. කිසිදිනෙක ජනාධිපති සමාව ලබා එළියට එන්න නොලැබෙන ක්‍රමයකට...
ආරංචියේ හැටියට දැනටමත් අපරාධකරුවා සොයාගෙන ඇත.