
(අංජුල මහික වීරරත්න)
රටකජු බෝගය ජාතික අවශ්‍යතා මට්ටම ඉක්මවා දෙගුණයක අස්වැන්නක් වාර්තා කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
ලංකාවෙි වාර්ෂික රටකජු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 30,000ක් බවත් 2021 අවසන් වනවිට රටකජු වගාවෙන් ලද අස්වැන්න මෙට්‍රික් ටොන් 64,000ක් ඉක්මවා ඇතැයි රටකජු වගාව පිළිබඳව බෝග නායක එස්.එන්.පී. වීරකෝන් මහතා ප්‍රකාශ කළේය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති නව රටකජු ප්‍රභේදයක් වන ලංකා ජම්බෝ නැමැති රට කජු ප්‍රභේදය නිසා ජම්බෝ පීනට්ස් නිෂ්පාදනයට පිටරටින් ආනයනය කරනු ලබන තොග පවා අත්හිටුවීමට මේ නිසා හැකි වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපා රටවල දිනපතාම උදේට පාන් පෙත්තේ බටර් වගේ ගාලා කනවා රටකජු... හරිම ගුණයි..! ඉතින් ඉහළම ඉල්ලුමක් තියෙනවා...! කිලෝ එකක් රු 1300/- ඔන්න ඩොලර් රටට ගෙන්න ගන්න අවස්ථාවක්..! අනික අලිගැටපේර...!
මොනතරම් හොඳයිද? වැඩි අස්වැන්න අරගෙන රටකජු බටර්, තෙල්, කුඩු සහ මොනතරම් දේවල් නිෂ්පාදනය කළ හැකිද? මේවා පිටරට යවන්නත් පුළුවන්..
ගරු නව අගමැතිතුමනි, වහාම රටකජු ඇමැති කෙනෙකුත් රටකජු රාජ්‍ය ඇමැති කෙනෙකුත් පත්කරන්න... V8 කීපයක් සමග...
ඉතින් ඒකනේ වෙන්න ඕනෙ අපනයනය කරන්න බැරිද ලෝකයේ ඕනෑම රටක හොඳ ඉල්ලුමක් තියෙනවා.
රටකජු වළින් කළහැකි අතුරු නිෂ්පාදන කිහිපයක්ම ඇත. පිටරට වෙළඳපළට පවා යැවිය හැකියි. ඒ සඳහා යොමු වී මේ ඵළදාව අපතේ නොදමාවි යැයි විශ්වාස කරමු.
’’රට’’කජු ලංකාවේ බින්න බැස්සට බිය නොවන්න. අර්බුද සඳහාම විසඳුම් තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කළයුතු වන්නේ රටකජු බටර් නිෂ්පාදනය ලංකාවේ කිරීමට අවස්ථාව සලසා දීම වේ. බටහිර තානාපති අංශයක් සමග සාකච්ඡා කර ක්‍රමවේදය, ප්‍රමිතිය ලබාගැනීමට හැකියාවක් පවතියි. පාසල් සිසුන්ගේ උදෑසන ආහාරය සඳහා පාන්..
කොච්චර බින්න බැස්සත් වැඩක් නැහැ.. රටකජු ග්‍රෑම් 100ක් රුපියල් 140කට වැඩියි...
අහන්නත් සන්තෝසයි, ඒත් තාම රටකජු හරිම ගණන්..!