(සුජිත් හේවාජුලිගේ )
අරගලකරුවන්ගේ උද්ඝෝෂණකරුවන්ගේ විවිධ තර්ජනවලට ලක්විය හැකි ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි නිල නිවෙස ඇතුළු කොළඹ නගරයේ වැදගත් සහ ප්‍රධාන ස්ථාන රැසක ආරක්ෂක විධිවිධාන තවදුරටත් දැඩි කරන ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මේ සම්බන්ධයෙන් අප ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ බුද්ධි අංශ වලින් ලැබුණු තොරතුරු පදනම් කරගෙන එම ස්ථානවලට වැඩි ආරක්ෂාවක් ලබා දීමට පියවර ගත් බවයි.
මේ අනුව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවෙසට පිවිසෙන මාර්ගය ආවරණය වන පරිදි මාර්ග බාධක යෙදවීමටද පියවර ගෙන ඇත.
මහින්ද රාජපක්ෂ මහතා ගමන් කරන ස්ථානවලදී හා ස්ථිරවම රැඳී සිටින ස්ථානවලදී මහජන විරෝධතා හෝ ප්‍රහාරයක් එල්ලවීමට හැකියාවක් පවතින හෙයින් ඔහුට උපරිම ආරක්ෂාව ලබා දීම කාලෝචිත බව බුද්ධි අංශ තොරතුරු වාර්තා කර ඇතැයි දැනගන්නට ඇත.
විවිධ වෘත්තීය සමිති ශිෂ්‍ය සංගම් හා සිවිල් සංවිධාන මෙන්ම ඇතැම් පිරිස් හිටපු අගමැතිවරයා කෙරෙහි අප්‍රසාදයෙන් පසුවන බවටද එම බුද්ධි අංශ වැඩිදුරටත් තොරතුරු අනාවරණය කර ඇත.
කොළඹදී පසුගිය 9 වැනිදා ඇතිවූ ප්රචණ්ඩ ක්‍රියාවලින් පසු හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් දින කිහිපයක්ම ලැගුම් ගෙන සිටියේ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාව නීතියෙන් වැඩ තහනම් කළ යුතු කෙනෙක් කියලා හිතෙන්නේ මට විතරද? මහජන ආරක්ෂාව දෙන්න බැඳිලා ඉන්න මෙයා ‘‘මහ‘‘ ජනයාට විතරක් ආරක්ෂාව දෙන්නේ බොහොම නිර්ලජ්ජිත විදිහට. එයාට විරුද්ධව නීතිය බලපවත්වන්නේ නැත්තේ ඇයි?
මහින්දගේ අතකොළුව තාම අත්අඩංගුවට ගත්තේ නැද්ද?
නීතිපතිවරයා කියා තිබුණා නේද මේ නිලධාරියාව කොළඹින් මාරු කරන්න කියලා?
මුහුදට පනින්න කියන්න.
බුද්ධි අංශවලින් අමුතුවෙන් තොරතුරු ගන්න දෙයක් නැහැ. පොඩ්ඩක් කොටුවේ ඇවිද්දාම කෙළින්ම මිනිස්සුන්ගෙන් ඒක දැනගන්න පුළුවන්. මෙයා මහලොකු වීරයෙක් වෙන්න හදනවා.. ඊළඟ උසස්වීම රැකගන්න. මේ අය එකතු වෙලා ඉන්නේ තමන්ට ගැලපෙන පහත් අයටම තමයි. එයාලා යන දවසට මෙයාට යන්න අතක් නැති වෙනවා.
මහින්ද මහතා ඔය කාගෙ කාගෙත් ඉලක්කය වුනේ 2009 මැයි 18න් පස්සේ... දැන් ආයෙත් අලුත් වටේකින්, නිර්පාක්ෂික වැනි විවිධ නම්වලින් කල එළියට බහින්නෙත් එම ව්‍යාපාරයම තමයි. ඊට ඉඩකඩ නොදීමට වගබලා ගනිමු...
එලියට නම් බහින්න එා, බේරෙ ඔබල ගන්නෙ.
හොර මයිනන්ට මොකටද ආරක්ෂාවක්. මිනිහ පට්ට හොරෙක්නේ. හෙනයක් ගහල විදවල විදවල මැරෙන්න ඔනෙ. ඔ්ක රටේ රාජ්‍ය ධනය මහා පරිමානයෙන් හොරාගත්ත හොරා.
මෙයා තවමත් කොළඹද ..?
මහජනයාට කන්න නැති අස්සේ අදත් මහින්ද වෙනුවෙන් රජය කොතරම් වියදම් කරනවද?