(සුජිත් හේවාජුලිගේ )
බීමත් කණ්ඩායමක් අහුන්ගල්ල පොලිසියේ පොලිස් නිලධාරීන් පිරිසකට බලපිටිය නගරයේදී ඊයේ(29) රාත්‍රි පහරදීමෙන් එහි දැඩි නොසන්සුන් තත්වයක් ඇතිවූ අතර කලබලකාරී පිරිස විසුරුවා හැරීමට පොලීසිය අහසට වෙඩි තබා ඇතැයි වාර්තාවේ.
බීමත් පිරිසේ පහරදීමෙන් පොලිස් නිලධාරීහු දෙදෙනෙක් තුවාල ලබා සිටිති.
මින් එක් නිලධාරියකු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි අහුන්ගල්ල පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය .
ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් නගරයේ අශෝභන ලෙස හැසිරෙනු දුටු පිරිසක් පිරිසක් දැක අවවාද කර ඇති අවස්ථාවේදී ඔවුන් පොලිස් නිලධාරීන්ට අසභ්‍ය ලෙස බැන වැදී මෙලෙස පහරදී ඇතැයි පොලිස් ආරංචිමාර්ග වලින් පැවසේ.
කලබලකාරී පිරිස විසුරුවා හැරීමට පොලිසිය අහසට වෙඩි තබා ඇත්තේ මේ අවස්ථාවේදීය.
පොලිස් නිලධාරින්ට පහර දුන් සැකකරුවෝ දෙදෙනෙක් පොලිසිය විසින් පසුව අත්අඩංගුවට ගනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් නිළධාරීන්ට මීට වඩා බලයක් තිබිය යුතුයි. ඔවුන් දැන් බය වෙලා ඉන්නෙ . මොනව කළත් නීතියෙන් ඔවුන් වැරදි කරුවන් කරනව. ඒ තත්ත්වය වෙනස් විය යුතුයි.