(අංජුල මහික වීරරත්න)
විසිවන සංශෝධනයෙන් පාර්ලිමේන්තුව දුර්වල කළ නිසාත් වැඩිපුර බලතල විධායකය ලබාගත් නිසාත් පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය අඩපණවී තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා කීය.
යෝජිත විසි එක් වෙනි සංශෝධනයෙන් පාර්ලිමේන්තුවේ බලතල වැඩි වෙන නමුත් එයින් පමණක් සෑහීමකට පත්වන්නට නොහැකි බව කී අමාත්‍යවරයා රටේ ආණ්ඩු පාලනයට මුළු පාර්ලිමේන්තුව එකතු කරන ක්‍රමයක් මෙන්ම විනිවිදභාවය ඇති කිරීම සඳහා සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් කොමිටි වලට රැස්වී ප්‍රතිපත්ති වැඩසටහන් අනුව ක්‍රියා කිරීමට වාතාවරණයක් සකසන බවද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට උතුර- නැගෙනහිර- දකුණ කියලා වෙන්කරලාම පක්ෂ නායකයින්ට තීරණයක් ගන්න කියන්න... එවිට කම්මැලිම ජාතිය කොයි පැත්තෙන්ද කියලා රටටම පෙනේ..!
හා දැන් එහෙමද? එනකොට වෙන කතාවක්නේ කිව්වේ...!
විධායක ජනාධිපතිවරයකු සතු අසීමිත බලතල අඩුකිරීම වැදගත් වේ. මේ වනවිට රටේ අර්බුද සඳහා විසඳුම් සෙවීමට කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හෝ රජයේ නිලධාරීන්, ව්‍යාපාරිකයින් ඕනෑම කරුණකදී ජනාධිපතිවරයාගේ මැදිහත්වීම සහ අවසාන තීරකයා හෝ නිගමනය විධායක ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වේ. මෙය සිදුනොවිය යුතු දෙයකි. රාජ්‍ය පාලනයේ අවසාන තීරණය "විධායක" ජනාධිපතිවරයා විසින්ම ගත යුතු තීරණයක් බවට ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් සහ සමස්ත රාජ්‍ය සේවයම බලාපොරොත්තු වේ. " විධායක " ජනාධිපති තනතුර මත සමස්ත තීන්දු තීරණ එක පුද්ගලයකු මත පවරා තිබීම වෙනස් විය යුතුවේ. "විධායක" ජනාධිපතිවරයාම හෝ ඔහුගේ තීන්දුව අවසාන තීන්දුව වීම නිසා පාර්ලිමේන්තුව සහ ඇමැතිවරුන් ඔවුන්ගේ වගකීම් සහ වගවීම් මතින් නිදහස් වී ඇති බව මාධ්‍ය සකච්ඡා තුළදී ඔවුන් ලබාදෙන පිළිතුරු මතින් පැහැදිලිවේ.
ජනාධිපතිවරයාට වගකීම් තිබිය යුතුවේ. ඔහුගේ අදහස් සහ යෝජනාද පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලයේදී සලකා බැලිය යුතු අතර, ඔහු අවසාන තීරකයා නොවිය යුතුවේ. එම තනතුරට පත්වන පුද්ගලයාට චෝදනා කිරීමෙන් ඵලක් නොමැත. විධායකයේ ලබාදී තිබෙන බලතල ක්‍රියාත්මක කිරීමට පත්වන ඕනෑම පුද්ගලයෙකුට සිදුවේ. එම නිසා " විධායක " ජනාධිපති" බලතල අඩුකර පාර්ලිමේන්තුවට බලය ලබාදීම කළයුතුවේ. ඇමැතිවරුන් රට වෙනුවෙන් පනත් සම්මත කරගැනීමේදී ඇමැතිවරයාගේ අදහස් සහ යෝජනාද ඉදිරිපත් කර විෂ්ලේෂකයින්ගේ ගැඹුරු විෂ්ලේෂණයකින්, අධීක්ෂණයකින්, අධ්‍යයනයකින් පසු අවසාන තීරණය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කරගැනීම ඇමැතිවරයා විසින් සිදුකළ යුතුවේ. සියල්ල විනිවිද බවකින් යුතුව සිදුවන්නේ නම් ජනතාව රජයෙන් හෝ ආණ්ඩුවෙන් ප්‍රශ්න නොකරනු ඇත..
ඔය කාගෙ කාගෙත් හිත්වල ජනපති හීනෙ තියෙන නිසා ඕක ඉවත් කරන්නේ නැහැ.
දැන් පත්වීම බාරගන්නකොට කිව්වේ මොනවද? දැන් ඉස්සර වගේ අපට නම් අමතක වෙන්නේ නැහැ.
21 වැනි ව්‍යවස්ථා සංශෝනයේ මොනවද තියෙන්නේ? කවුරුන්ද ඒ උනන්දු හා වැඩිය කතා කරන පාර්ශව කවුද? උඩින් පේන එක හා යටින් සිදුවන දේ එකමද? යටින් මෙහෙවන්නේ කවුද දන්නවාද? අන්තිමට වාසිය හෝ යහපත් වේ නම් එය යන්නේ කාටද දන්නවද? අනුර කුමාර මාලිමා, ලාල් විජේනායකලා ඉන්න NPP එකක් වුණාට එය සෑදි ඇති සංවිධාන පාර්ෂව ගණනාවේ නම් හා අරමුණු දන්නවාද? NPP කලාව අංශයේ කලා නඩේ නළු නිළි ගායක ගායිකා නම් 5ක් වත් දන්නවාද? මැද කොළඹින් සැමදා දිනන රනිල් අන්ත පරාජය විශ්මයක් නොවේද? රනිල් එසේ නම් ජාත්‍යන්තරය දින්නේ කෙසේද? UNP සජබ වෙන්වුනේ ඒ අය කියන කාරණා නිසාමයිද?
21 ව්‍යවස්ථා සංශෝධනයේ මොනවද තියෙන්නේ? 21 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පළාත් සභා සම්බන්ධයෙන් කිසිඳු සංශෝධනයක් ඇතුළත් නොවේ.