
(පාලිත ආරියවංශ)
ඉන්ධන පිරිමැස්ම සඳහා රටටම ආදර්ශක් ලබා දෙමින් බදුල්ල නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා,නාගරික කොමසාරිස් සහ ඉංජිනේරුවරයා ඇතුළු කාර්යමණ්ඩලයේ පිරිසක් රාජකාරි ගමන් සඳහා පාපැදි යොදා ගෙන ඇත.
මේ මගින් දිනකට ඉන්ධන ලීටර්ක 100කට අධික ප්‍රමාණයක් ඉතිරි කර දීමට හැකි වන බව ද නගරාධිපති ප්‍රියන්ත අමරසිර මහතා පැවැසීය.
උදෙන්ම නැගිටලා මගේ ක්ෂේත්‍ර කටයුතුවලට යාම සදහා පාපැදියෙන් යන එක හරිම සතුටින් කරනවා . මොකද ශරීර සෞඛයටත් හොදයි.
ඉන්ධනමිල අධික ලෙස ඉහළගොස් තිබෙන මේ දවස් ගැන කතාකරද්දි විශාල මුදලක් රජයට ඉතිරිකර දීමට පුළුවන් වීම ගැන මා සතුටුවෙනවා. මෙම නගර සභාවේ නාගරික කොමසාරිස්තුමා ඉංජිනේරු තුමා සහ තවත් කීපදෙනෙක්ම පාපැදිය භාවිතා කරමින් ඉන්ධන සඳහා වැය කළ විශාල මුදලක් රජයට ඉතිරිකර දෙනවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියවන්නාවේ අයට නම් මේක කරන්න අමාරු වෙයි. මොකද ඔවුන්ට V8 නැතිව අඩි 10 ක් යන්න බැරි අබ්බගාතයෝනේ.. බාගෙට බාගයක් එහෙමනේ..!
ටික ටික මොලේ පෑදෙනවා වගේ.. සංදර්ශන නෙවෙයි නේද?
දියවන්නාවේ අය දැන් V8 වල යන එක අඩුකරලා තිබෙන්නේ ඉන්ධන අඩුකරන්න නොවේ.. පණ බයට, හෙට අනිද්දා අපට මරුටියකින් වත් ගමනක් යන්න බැරි වේවි...! පාරෙ ඉන්න මිනිස්සු මරුටි නැවැත්වීමයි, දියවන්නාවේ අය සොයාවි...
දියුණු රටවල මහජන නියෝජිතයෝ පොදු ප්රවාහනයත් භාවිතා කරනවා. මෝඩ පාලකයින් නිසා අපේ රට බංකොළොත් වුණා. උද්දච්ඡ පවුල් පාලනය නිසා...