විරෝධතාකරුවෝ අලුත් අවුරුදු සමරති ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩව හයවැනි දිනටත් විරෝධතාවයේ නිරත විරෝධතාකරුවෝ අද (14) උදා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ගාලුමුවදොර පිටියේ සිට සාමකාමීව සැමරූහ. 14 April 2022
තීරණාත්මක මොහොතේ විපක්ෂය එකතු විය යුතුයි රට මුහුණ දී සිටින මේ තීරණාත්මක අවස්ථාවේදී විපක්ෂයේ සියලුම දෙනා භේද පසෙකලා එකාවෙන් පෙළගැසී මාතෘ භූමිය සහ ජනතාව වෙනුවෙන් කැපවිය යුතු බවත් රට මුහුණදී සිටින දේශපාලන සහ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය හැක්කේ විපක්ෂයේ සියලු දෙනා එකතු වීමෙන් පමණක් බවත් කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නීය. 14 April 2022
ජනපතිගෙන් අලුත් අවුරුද්දට සුභ පැතුම් පවතින අභියෝග ජයගත යුත්තේ එකමුතුකමින් සහ නිවැරදි අවබෝධයෙන් යුතුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අලුත් අවුරුදු ප්ණිවුඩයේ සඳහන් කර තිබේ. 14 April 2022
ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 14 April 2022
වාහන නවයකට හානි වූ අනතුරු දෙක මීරිගම හා කල්එලියදී අද 13 සන්ධ්‍යාවේ සිදු වූ රිය අනතුරු දෙකකින් යතුරුපැදි දෙකක් ඇතුළු වාහන නවයකට බරපතල හානි සිදුවී ඇතැයි පොලිසිය කියයි. 13 April 2022
අගමැතිගේ ඉල්ලීම විරෝධතාකරුවෝ ප්‍රතික්ෂේප කරති සාකච්ඡා සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා කර ඇති ආරාධනය කොළඹ ගාලු මුවදොර පිටියේ උද්ඝෝෂණයේ යෙදී සිටින තරුණ පිරිස් ප්‍රතික්ෂේප කරති. 13 April 2022
දිඹුලාගල හිමිවරු රජයට දැඩි දොස් නඟති ජනතා පීඩක ආණ්ඩුව වහාම ඉවත් වන ලෙසටත්, ජනතාවට පැට වී තිබෙන ජීවන බර වහාම අඩු කරන සටන් බලකරමින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලා සහ දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ විහාරාධිපති ස්වාමීන් වහන්සේලා මෙන්ම සාමණේර හිමිවරුන් හැත්තෑවකට ආසන්න පිරිසක් පොළොන්නරුව මනම්පිටිය මහවැලි පාලම උඩට පා ගමනින් වැඩම කරවා අද සවස විරෝධතාවයක නිරත වූහ. 13 April 2022
අකුණුවලින් ගමක්ම තැති ගනී හල්දුම්මුල්ල සීලතැන්න ගම්මානයේ නිවාස 4 ක අකුණු සැර වැදීමෙන් පස් දෙනකු තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කළ බව හල්දුම්මුල්ල පොලිසිය කියයි. 13 April 2022
ලිට්රෝ සමාගමට දින පහක අවුරුදු නිවාඩුවක් රට තුළ දැඩි ගෑස් හිඟයක් පැවතිය ද ලිට්රෝ ගෑස් සමාගම සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දින පහක නිවාඩුවක් සඳහා වසා දමා තිබේ. 13 April 2022
පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි දිනාගන්න පෙර ජනතාව දිනාගත යුතුයි පාර්ලිමේන්තුවේ විවිධ උපක්‍රම මගින් ඔලුගෙඩි දිනාගැනීමට පෙර ජනතාව දිනාගැනීමට රජය කටයුතු කළ යුතු බවත් ජනතාව සහ ජාත්‍යන්තරය දිනාගැනීමට සියලුම පක්ෂවලින් සමන්විත ආණ්ඩුවක් පිහිටුවීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික හිටපු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ’ලංකාදීප’ යට පැවැසීය. 13 April 2022
පොලිසියේ ලොකු තනතුරු දෙකක් මාරු කරයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරු වහා ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය 13 April 2022
ශ්‍රී ලංකාවේ රාජ්‍ය-පෞද්ගලික බැංකු 13ක් ගැන අවධානයෙන් බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය හිඟ වීම නිසා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 13ක් දෙස පරීක්ෂාවෙන් බලා සිටින බව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ස් ආයතනය සඳහන් කර ඇත. 13 April 2022
රට බංකොලොත් වීමේ සම්පූර්ණ වගකීම රජය බාර ගත යුතුයි රට බංකොලොත් වීමේ සම්පූර්ණ වගකීම වත්මන් රජය බාරගත යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 13 April 2022
අවුරුදු කැවිලි මිලත් ඉහළට නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම නිසා කැවිලි වර්ගවල මිල දෙගුණයකින් පමණ වැඩිවී ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නගති. 13 April 2022
මන්ත්‍රීවරුන් බිලිබාගන්න පසුබිමක රජය සමග සාකච්ඡා නෑ මන්ත්‍රීවරුන් බිලිබා ගන්නා පසුබිමක රජය සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට අදහසක් නැතැයි අපේ ජන බල පක්ෂය පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ. 13 April 2022
පරණ අවුරද්දෙත් ඉන්ධන පෝලිම් ඩොලර් නොමැතිවීම නිසා රට තුළ පවතින ඩීසල් සහ පෙට්‍රල් හිගය හේතුවෙන් කොළඹ අවට ප්‍රදේශ කිහිපයක අද (13) ත් ඉන්ධන පෝලිම් දක්නට ලැබිණි . 13 April 2022
නාවික හමුදාව ඇල්ලූ කෝටි 670 වටිනා කුඩු ගාල්ලට ශ්‍රී ලංකාවට දකුණු වෙරළට ඔබ්බෙන් මුහුදේදී අද (13) අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය රුපියල් මිලියන 6708 ක් හෙවත් රුපියල් කෝටි 670 කට අධික විථි වටිනාමකින් යුත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. 13 April 2022
අත්‍යවශ්‍ය ඖෂධ ගන්න රටවල් 7ක් සමග සාකච්ඡා ඇරඹෙයි ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා රටවල් හතක් සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට පැවැසීය. 13 April 2022
ශාන්තට දුන් තනතුර අහෝසි කරන තුරු ජනපති සමඟ සාකච්ඡා නෑ ශාන්ත බණ්ඩාර මහතාට ලබාදුන් රාජ්‍ය අමාත්‍යධූරය අහෝසි කරන තුරු ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවන්ට සහභාගී නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 13 April 2022
නුවරඑළියේ මන්ත්‍රී බංගලාව අවුරුදු මාසයටම ’’බුක්’’ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නවාතැන් ගැනීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නුවරඑළියේ පවත්වාගෙන එනු ලබන සෙන්පති නිවෙස (general,s house ) බංගලාව සිංහල හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම වෙන්කරගෙන අවසන්ව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 13 April 2022
විදෙස් ගත ලාංකිකයන්ට මහ බැංකු අධිපතිගෙන් ආරාධනයක් මුදල් එවීමේදී මෙරට බැංකු පද්ධතිය භාවිත කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විදේශයන්හි ශ්‍රී ලාංකිකයන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. 13 April 2022
ඉන්ධන නැතුව සුරාබදු වැටලීම් අඩාල වෙයි සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම් ඉන්ධන හිඟය නිසා විශාල වශයෙන් අඩපණව ඇතැයි එහි උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 13 April 2022
රජය තරුණයන් සමඟ සාකච්ඡාවකට සූදානම් රටේ පවත්නා අර්බුදය සම්බන්ධයෙන් තරුණ ප්‍රජාව සමග සාකච්ඡාකිරිමට රජය සූදානම් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලංකාදිපයට පැවැසිය. 13 April 2022
අමාත්‍යාංශවල වියදම් තවත් කපන්න යයි සියළු අමාත්‍යංශවල වියදම් තවදුරටත් සීමා කිරීමට රජය තීරණය කර ඇත. 13 April 2022
ගිරිඋල්ල මාර්ගයේ පිරවුම්හලක් අසල නාදුනන මළ සිරුරක් පස්යාල ගිරිඋල්ල මාර්ගයේ විජය රජදහන ඉන්ධන පිරවුම් හල සමීපයෙ පාර අයිනේ තිබී නාදුනන පුද්ගල මළ සිරුරක් අද 13 උදේ සොයාගත් බව මිරිගම පොලිසිය කියයි . 13 April 2022
රටින් ගේන භාණ්ඩ 367ක තහනම දීර්ඝ කරයි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367 කට පනවනු ලැබ ඇති ආනයන තහනම රජය විසින් තවදුරටත් දීර්ඝ කරනු ලැබ ඇත. 13 April 2022
හොරණ පිහි ඇනුමකින් අයෙක් මරුට මත්වතුර පානය කරන අවස්ථාවේ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අද (13) අලුයම සිදු වූ පිහි ඇනුමකින් හොරණ ප්‍රදේශයේ පුද්ගලයකු මියගොස් ඇති බව පොලිසිය කියයි. 13 April 2022
නිව්යෝක් නුවර වෙඩි තැබීමක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බෲක්ලින් පළාතේ උමං දුම්රිය ස්ථානයක සිදුවුණු වෙඩි තැබීමකින් 13 දෙනෙක් තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 12 April 2022
රාජපක්ෂවරුන්ට කඩේයාම ගැන පශ්චාත්තාප වෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ සටනේදී සහයෝගය දැක්වූ ප්‍රවීණ සංගීතඥා ආචාර්ය රෝහණ වීරසිංහ මහතා සිය ෆේස්බුක් පිටුව ඔස්සේ රජයට එරෙහි ජනතාව ගෙන යන අරගලයට සහයෝගය පළකර තිබේ. 12 April 2022
අලුත් කොරෝනා ආසාදිතයෝ 60 ක් කොවිඩ් ආසාදිතයින් තව 60 දෙනෙක් අද (12) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 12 April 2022
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026