(සුජිත් හේවාජුලිගේ)
රජයේ විශ්‍රාමික නිලධාරින් කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
රජය මේ තීරණය ගෙන ඇත්තේ මුදල් කළමනාකරණය කිරීමේ අරමුණ ඇතිවය.
මුදල් කළමනාකරණය කිරීම සඳහා තවත් ක්‍රියාමාර්ග රැසක් ගැනීමටද මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ විශ්‍රාමික නිලධාරින් පමණක් නොව යළිත් රජයේ අලුතෙන් සේවයට බඳවා ගැනීම තාවකාලිකව නතරකර සේවකයින් වැඩිපුර සහ පාඩුලබන රජයේ ආයතන තුළ සේවයේ සිටින සේවකයින් රජයේ වෙනත් පුරප්පාඩු ආයතන වෙත යෙදවීමෙන් මුදල් කළමනාකරණය කිරීමට හැකියාවක් පවතියි...
මැති ඇමති කාර්යය මණ්ඩල සඳහා, රජයේ සේවයෙන්ම (රැකියා දීමේ විවිධ වැඩසටහන් වලින් නිර්මාණය වී ඇති අතිරික්ත සේවකයින්) යෙදවීම තුළින් කාර්යය මණ්ඩල වියදම් අඩුකළ හැක.
මෙය හොඳ තීරණයක්. මෙතෙක් කල් සිදුවූයේ විශ්‍රාමික උසස් රාජ්‍ය නිලධාරීන් වූ ඇතැම් දේශපාලන හෙංචයියන්, දේශපාලනඥයින් පසුපස යමින් පහළ නිලධාරීන්ට ඇති අවස්ථාව අහිමි කරමින් හිටපු තනතුරුවල රැදී සිටීමයි. මින් ඉදිරියට විශ්‍රාමිකයින්ට අවස්ථාව නොදීම විය යුතුයි. රටේ බොහෝ දෙනාට හරි දේවල් සිහිපත් වන්නේ වලට වැටුනු පසුව බවක් පෙනෙන්නට ඇත.
හමුදා විශ්‍රාමිකයින් කී දෙනෙක් දෙපාර්තමේන්තුවල ඉන්නවාද? ආරක්ෂක අමාත්‍යාංශයේම බරගාණක් විශ්‍රාමිකයින් නිකම් පඩිකනවා.. හමුදා ඇඳුම් ඇඳගෙන ඒ සියලුම වරප්‍රසාද ලබමින්ම...!
එතකොට දයා රත්නායක. නැවත පත්කළා. රට කෑමට මේ ජනරාල්ලා රොත්ත හොඳට උදව්කළා.