(නිමන්ති රණසිංහ)
ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කළ බවට වරදකරු වූ ශෂී වීරවංශ මහත්මිය සිය නිතීඥවරුන් මාර්ගයෙන් එම දඩුවමට එරෙහිව අභියාචන දැන්වීමක් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකැණාවල මහතා ඉදිරියේ අද (27) ගොනු කළාය.
එම ඉල්ලීම සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් කරුණු තහවුරු කර ගැනීම සඳහා නඩුව ලබන 30 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළේය.
මෙහිදී විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇතුළු නිතීඥ මඩුල්ල ඉල්ලා සිටියේ තම සේවාදායිකාව අභියාචන සිරකරුවකු ලෙසින් බන්ධනාගාරය තුළ රඳවා තබන ලෙසටය. ඒ අනුව අධිකරණය එම ඉල්ලීමට ඉඩ ලබා දුන්නේය.
අධිකරණ කටයුතු නිමවීමෙන් පසු, විත්තිකාර ශෂී වීරවිංශ මහත්මිය අද (27) සවස 5.00ට පමණ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට බන්ධනාගාර බස් රථයකින් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන යනු ලැබුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තීන්දුවත් එක්කම ඇපෑලත්..! පුදුමයි.. ඒත් ඇත්තයි.
මොන ඇපෑලක්ද? සාධාරණ සැකයකින් තොරව චෝදනාව ඔප්පු කරලා තිබෙනකොට, රිමාන්ඩ් එකේ තබන්න කිසිම අවශ්‍යතාවයක් නැත. කෙළින්ම හිරේ දමන්න. පවුල් පිටින් එකතු වෙලා රටට කරපු විනාසෙ දැක්කාම ජීවිතාන්තය දක්වා හිරේ දමන්න වටිනවා.
මනුස්සයෙක් රට රැකියාවකට ගිහින් කීයක් හරි හම්බ කරගන්න පාස්පෝට් එකේ වයස වෙනස් කරලා හදාගන්නා එක වරදක් වුවත්, සානුකම්පිතව සිතා බලා අත්හිටවූ සිරදඬුවමක් වැනි දෙයක් දෙන්න පුළුවන්. නමුත් මේක කරලා තිබෙන්නේ වුවමනාවෙන්ම බව පැහැදිලිවම පේනවා. විනිසුරුතුමාගේ තීරණය හරි. අනිත් කාරණය රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් දෙන්න තියෙන සුදුසුකම මොකක්ද? ප්‍රාදේශීය ලේකම් කෙනෙකුටවත් බැහැ එහෙම දෙයක් ලබාගන්න.