(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම සමුපකාර ඉන්ධනහලේ පොම්පකරුගේ බිරිඳ පෙට්‍රල් බෝතලයක් රුපියල් 800යට අලෙවි කරමින් සිටියදී පෙට්‍රල් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් එම කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේ දී පවසා ඇත්තේ තම ස්වාමියා රැගෙන එන පැට්‍රල් මෙලෙස අලෙවි කරනබවයි.
පැට්‍රල් බෝතලයක් රු.800 ක මුදලකට පොලිස් උපාය දූතයකු විසින් මිලදී ගැනීමෙන් අනතුරුව එම නිවස පරික්ෂා කර පෙට්‍රල් බෝතල් තොගය එම කාන්තාව අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පොලිස් ස්ථානාධිපති ලලිත් පත්ම කුමාර මහතා පැවසීය .
අත්අඩංගුවට ගත් කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොම්පකරු බිරිඳට පොම්ප කරලා වගෙයි..!