(සුජිත් හේවාජුලිගේ )
සිර දඬුවම් විඳින රංගන ශිල්පී රංජන් රාමනායක මහතා හමුවී සුවදුක් විමසා බලා අවශ්‍ය පහසුකම් සැපයීමට තීරණය කළ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
කලාකරුවන් කළ ඉල්ලීම් සැලකිල්ලට ගෙන ඔහු නිදහස් කර ගැනීමට ප්‍රයත්නයක් දරන බවද හෙතෙම සඳහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර කිව්වේ ඇත්ත කතා කරන්නයි, බිම ඉඳගන්නයි බයවෙන්න එපා කියලා... දැන් අපිට කියන්න වෙලා තියෙන්නේ ඇත්ත කතා කළොත් හිරේ යන්න බයවෙන්න එපා කියලයි. කොහොම වුණත් පරෙස්සමෙන්... ඩීල්වලට අහුවෙන්න එපා.
අනෙක් සිරකරුවන්ට පහසුකම් අවශ්‍ය නැතිද? ඒ ඉන්නේ මිනිස්සු නෙවෙයිද?
ඒ වැඩේ අපි අනුමත කරන්නේ නැහැ. ඔබ ඔහු බලන්න යන්නේ කට නිසා හිරේ වැටුණු මිතුරෙක් බලන්න යන කෙනෙක් හැටියටද? නැතිනම් ඔබේ හඬපට ඔහු ළඟ තිබෙන නිසාද? රන්ජන් අපිට සාමාන්‍ය නළුවෙක් මිස වෙන වැදගත් පුද්ගලයෙක් නොවෙයි. ඔබේ මිතුරන් ගොඩට රන්ජන් වැටෙනවා නම් අපිට ඔබ ගැන හිතා ගන්න පුළුවන්. රන්ජන් කියන පුද්ගලයා නිදහස් කර ගැනීමට උත්සාහ කරන්න එපා.
යහපාලනය කාලේ අධිකරණ ඇමති වෙලා ඉන්නකොට තමයි කිව්වේ, ගෝඨාභය ඇතුළට දාන්න ඉඩ දෙන්නේ නෑ කියලා. ඩීල් දාස කියන නම ලැබුණේ ඊට පස්සේ...
රාජකාරි පටන් ගත්තා වගේ. කැලේ මාරු වුණාට සතා එකමයි. කවුරුත් එහෙම්මයි. රන්ජන් නිදහස් කළාට ගැටළුවක් නෑ. නමුත් ඔබ මේ විදිහට යන්න වුවමනා නෑ.
කතාකරලා වැඩක් නැහැ... අපි බණ කියනවා.. මේ අයගේ වැඩේ මේ අය කරනවා. අපි බනිනවා. මේ අය යන්නේ නැහැ. රංජව එළියට දාන්නෙත් නැහැ. තව කල්පයක් කියවන්නද?
එතකොට මිනීමරුවන් නිදහස් කළේ උත්සාහ කරලද? එක පෑන් පහරින්ද?... ඒක කරන්න කොච්චර ලේසිද කියලා පෙන්නුවා දෙන්නෙක්ම...
වාහන ගැන කතා කරන්න වෙන්නැති..!