(සුජිත් හේවාජුලිගේ )
දේශපාලඥයන් අසූ පස් දෙනෙකු සිය නිවාසවලට ලබා ගත් ජලය වෙනුවෙන් ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයට රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තා වේ.
ජල බිල ගෙවීම පැහැර හැරි දේශපාලඥයන්ගේ ලයිස්තුව එම මණ්ඩලය විසින් රජයට පසුගිය සතියේ බාරදෙනු ලැබීය.
මෙසේ ජල බිල ගෙවීම පැහැර හැර ඇති දේශපාලඥයන් පිරිසට පාර්ලිමේන්තුවේ දැනට සිටින මැති ඇමැතිවරුන්, හිටපු මැති ඇමතිවරුන් සහ මියගිය මැති ඇමතිවරුද ඇතුළත් වෙති.
මෙම දේශපාලනඥයන්ගෙන් 50 කට ආසන්න පිරිසකගේ හිඟ ජල බිල රුපියල් ලක්ෂ 6-10 අතර වන බව ජල සම්පත් මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තුවේ දැනට සිටින මැති ඇමැතිවරුන්ගේ හිඟ ජල බිල්පත්වල එකතුව රුපියල් ලක්ෂ 70 ඉක්මවන බව දැනගන්නට ඇත.
මියගොස් ඇති දේශපාලඥයන්ගේ හිඟ ජල බිල්පත්වල එකතුව ලක්ෂ 30කට වැඩිය.
මෙම දේශපාලඥයන් වසර ගණනාවක් තිස්සේ ජල බිල්පත ගෙවීම පැහැර හැර ඇති බවත් මේ සම්බන්ධයෙන් ඒ අයට සිහි කැඳවීම් ගණනාවක්ම කර ඇති බවත් ජල සම්පත් මණ්ඩලයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත් මිනිස්සුන්ට මේ ආකාරයට ගෙවීම් අතපසු කළ හැකිද? රටේ නීතිය කාටත් පොදු නොවේද? රටේ තියෙන සම්පත් හූරාකාලා තවත් මේ අයගේ බර අනිකුත් අයගේ පිට පැටවිම සාධාරණ සමාජයකට දැරිය හැකිද? මෙවැනි උභතෝකෝටික ප්‍රශ්න වැලකට පිළිතුරු ලැබෙන්නේ කවදාද?
එකම රටේ නීති දෙකක්. වීඅයිපී හොරු...
ජලාප්‍රවාහන මණ්ඩලය ජනතාවගේ නම් සැපයුම නතර කරලා... ඇයි ඕවා ලිමිට් එක පැන්නාම නතර කරන්න බැරි ලක්ෂ ගණන් ගෙවලා නෑ කියනවට වඩා හොඳ නැද්ද සීමාව පැන්නාම අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තානම්...!!!
ජලබිල ගෙවීම පැහැර හැරි දේශපාලඥයින්ගේ ලැයිස්තුව මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය මගින් රටට හෙළිකරන්න නොහැකි නම් 225 ම ගෙදර යැවීමට පෙර අඩුම වශයෙන් ජලබිල ගෙවූ දේශපාලඥයින්ගේ ලැයිස්තුව මාධ්‍යයට ලබාදෙන්න..
පොඩි මිනිහාට නඩු. මොවුන්ගේ හිඟ මුදල, දඩ සමගද අය කොට නීතිමය පියවර ගත යුතුයි...
ඔවුන් ගැන ලැජ්ජයි.. ජලාප්‍රවාහණ මණ්ඩලය විසින් මෙම ජල සැපයුම නතර කළ යුතුයි. ශක්තිමත් පිටකොන්දක් තියෙන නිලධාරීන් පත්කළ යුතුයි.
ජල ප්‍රවාහන මණ්ඩලයේ දෙබිඩි පිළිවෙත මින් පැහැදිලියි. සාමාන්‍ය මහජනතාවට බිල් නොගෙවා ඕනෑතරම් කාලයක් වතුර පාවිච්ච් කරන්න පුළුවන්ද?
සාමාන්‍ය කෙනෙක් ජල, විදුලි බිල නොගෙවා හිටියොත් සැපයුම විසන්ධි කරනවා. නැවත සැපයුම ලබාගත හැක්කේ හිඟ මුදල් සහ දඩ මුදල්ද ගෙවීමෙන් පසුවයි. නමුත් මෙම ක්‍රමය මේ ජනතා සේවකයින් යැයි කියාගන්නා උදවියට ක්‍රියාත්මක නොවීම කණගාටුයි. කවදත් අපේ රටේ නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක වුණේ නෑනේ. එහි ප්‍රතිඵල තමයි මේ. අඩුම තරමින් දැන්වත් නීතිය ක්‍රියාත්මක කරන්න...
බිල් නොගෙව්වොත් මට මොකද වෙන්නේ? ජලය සැපයීම නවතිනවා. එහෙමනම් කොහොමද මේ මිනිස්සුන්ගේ ජල සැපයීම නැවතුණේ නැත්තේ?
මෙයාලගේ ගෙවල් ගිනිතියලා මදි. දැන් කාලෙ ඇවිත් තියෙන්නේ කරන්න ඕනෙ හොඳම වැඩේට..
ජලය වේවා, විදුලිය වේවා..., මාස 2ක් එකදිගට බිලනම් ගෙනාවත් සැපයුම නතර කරන්න ඒ අයටත් වැටුප් ගෙවනවනේ...!
දේශපාලඥයින් නම් කරන්නේ සිහි කැඳවීම් යවන එක විතරද? මේ මිනිස්සු මැරිලත් මේ රටට ණයයි.
නම් ප්‍රසිද්ධ කරන්න.
අර නුවර පළාතේ හිටියේ බෙන්ස් එකේ යනඑන ගමන් ලයිට් බිල ගෙවන්න අමතක වුණු "ඇමැති" කෙනෙකුත්...!
පව් අහිංසකයින්... අම්මලා තාත්තලාගේ දේපළ තියෙන්නේ... ආදායම් නැතිව ඇති බිල් ගෙවන්නට .
දේශපාලුවන් හින්දා ඔහේලා නිකම්ම ඉන්නවා. රටේ සාමාන්‍ය පුරවැසියෙක් පොඩ්ඩක් පරක්කු වුණොත් වතුරත් කපලා දායි...!
ජල මණ්ඩලේ අදාල කාර්යාලයෙන් ගෙවන්න.. නැතිනම් කැපුවේ නැත්තේ මොකද..?