(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
දරුවන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කරන්නැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා කමිටුව) පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට නිර්දේශ කළේය.
එම දෙපාර්තමේන්තුව ඒ සඳහා නිසි මඟ පෙන්වීම් කළ යුතු බවද රජයේ ගිණුම් කාරක සභාව පවසයි.
තවද මෙම විෂය සම්බන්ධයෙන් පළාත් සභාවලට විෂමතාවයකින් තොරව මුදල් ලබා දීම සඳහා අමාත්‍යාංශය මැදිහත් විය යුතු බවද කෝපා කමිටුව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ
එසේම ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේදී සෑම අධිකරණ කලාපයක් සඳහාම පරිවාස කාර්යාලයක් ස්ථාපනය කිරීම පිළිබඳව ද අවධානය යොමු කරන ලෙස කාරක සභාව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබේ.
දරුවන් සම්බන්ධයෙන් අදාළ වන්නා වු කුලවද්දා ගැනීමේ ආඥා පනත ඇතුළු නීති සහ අණ පනත් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන කොපා කමිටුව අමාත්‍යාංශ ලේකම්වරයා වෙත නියෝග කර ඇත්තේ මෙම පනත් කාලීන අවශ්‍යතාවට අනුව කඩිනමින් සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වාදී ඇත්තේ අණපනත් සංශෝධනය කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කර ඇති බවත් ළමා හා යෞවන ආඥා පනත සම්බන්ධ නීති සංශෝධනය අවසන් අදියරේ පවතින බවත්ය.
අන්තර්ජාලය භාවිතා කිරීමෙන් දරුවන් ගොදුරුවන අපචාර වලින් ඔවුන් මුදවාගත හැකි ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව මැදිහත් විය යුතු බව ද කාරක සභාව පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා කරන්න ඉස්සෙල්ලා සියලුම පරිවාස නිලධාරින් විධිමත් පරිදි උසස් වීම දැනට කරන්නේ කිසිම පුහුණුවක් නැති වැඩි සේවා කාලයක් ඇති කෙනෙකු ජ්‍යෙෂ්ඨ නිලධාරින් ලෙසට පත් කරනවා. සුදුස්සාට තැනක් නැහැ. ඒ වගේම ඔවුන්ට නිසියාකාරව පුහුණුවක් ලබාදීම කරන්න. සමහරක් පරිවාස දෙපාර්තමේන්තු සඳහා අමාත්‍යාංශයේ බස් රථ දීලා තිබුණත් ඒවා පළාත් සභා කර්මාන්ත අමාත්‍යාංශ අයිතිකරගෙන පාවිච්චි කරනවා. ඒවා වහාම නැවැත්වීම කරන්න කියන්න. ඒ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 13 සංශෝධනය මගින් පරිවාස දෙපාර්තමේන්තුවට දුන් බලතල පනතක් මගින් ළමා හිමිකම් කියලා පිරිසකට හා ළමා රක්ෂණ අධිකාරියට පැවරීම නිසා දෙපාර්තමේන්තු අකාර්යක්ෂම වෙලත් නැහැ කියන්න බැහැ.