
(සුජිත් හේවාජුලිගේ )
සෞඛ්‍ය අමාත්‍යාංශ වෛද්‍ය සැපයීම් අංශයේ ගබඩාවල තිබු රුපියල් කෝටි හතරකට වැඩි වටිනා ඖෂධ තොගයක් අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමිටුව) සෞඛ්‍ය ප්‍රධානීන්ගෙන් කරුණු විමසා ඇත.
මේ සම්බන්ධයෙන් එම කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන්ගෙන් කරුණු විමසා ඇත. එහිදී එම ප්‍රධානීන් පවසා ඇත්තේ කලකට පෙර සිදු වූ මෙම සිද්ධියට නිලධාරීන් එකොළොස් දෙනකු වගකිව යුතු බවයි.
ඒ නිලධාරීන්ගෙන් තිස් දෙලක්ෂ හැට එක් ලක්ෂයක මුදලක් 2020.12.31 වැනි දිනට අයකරගෙන ඇති බවත් නිලධාරීන් හත් දෙනෙකු මියගොස් හෝ සේවය අතහැර ගොස් හෝ ඇති බවත් එම ප්‍රධානීන් කෝපා කමිටුවට දැනුම්දී ඇත.
අනෙක් නිලධාරීන් හතර දෙනාගෙන් අලාභ අය කර ගනිමින් සිටින බවද සඳහන් කර ඇත.
ගබඩා සමීක්ෂණ කටයුතු දැනට නිසි පරිදි කරගෙන යන බව ප්‍රකාශ කර ඇති එම ප්‍රධානීන් පසුගිය වර්ෂ පහේදී ඖෂධ ඌනතා වාර්තාවී නැතැයිද වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
මේ තොරතුරු සඳහන් සඳහන් වන්නේ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය දවස්වල දැක්කා බෙහෙත් ප්‍රමිතියන්ට අනුකූලව ගබඩාකර නොමැති බව... අද පිල්ලි ගහපු විත්තිය..? උසස් යැයි කියාගන්නා නිලධාරීන් මොකද කරන්නේ? කාගේ සල්ලිද මේ නැතිවෙන්නේ?
සෞඛ්‍ය අමාත්‍යාංශ වෛද්‍ය සැපයීම් අංශයේ ගබඩා සියල්ල පරිගණකගතකළ යුතුවේ. දත්ත වෙනස් නොකළ හැකි ආකාරයට වටිනා ඖෂධ/ සියලු ඖෂධ පිළිබඳව දත්ත නොමැතිවීම කණගාටුවට කරුණකි. රජයේ ආයතන පරිගණකගත කරණාතුරු මෙවැනි දූෂිත ක්‍රියාවන් සිදුවේ...
කෝප් කමිටුවේ නිර්දේශ මත මීට සම්බන්ධ පාපතරයින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. අතීතයේ සිටම සොරකම්, දූෂණ සිදුකරන බවට දේශපාලනඥයින්ට පමණක් චෝදනා කෙරෙන මුත් වර්තමානය වන විට රජයේ බොහෝ උසස් නිලධාරීන් මහා පරිමාණයෙන් සොරකම් කිරීම සහ දූෂණ කටයුතුවල නිරත වන බැවින් බුද්ධි අංශ යොදවා මෙවන් නිලධාරීන් නීතිය හමුවට ගෙන ආ යුතුයි...