
(අංජුල මහික වීරරත්න)
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හැකි ඉක්මනින් සම්මත කළ යුතු බවට සර්ව පාක්ෂික නායකයින් පොදු එකඟතාවකට පැමිණි බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වන පක්ෂ නායක රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් අද (27) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලය දී පැවැත්වුණු අතර එහිදී මෙම එකඟතාවයට පැමිණ තිබේ.
මෙම රැස්වීමේ අරමුණ වූයේ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ට සිය නිරීක්ෂණ හා යෝජනා ඉදිරිපත් කිරීමට ඉඩ සැලසීමයි.
විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ නියෝජිතයන් මෙම රැස්වීමට සහභාගී වූ අතර දෙමළ ජාතික සන්ධානයට මෙම රැස්වීමට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් ඔවුන්ගේ සහභාගීත්වයෙන් සමග ලබන සිකුරාදා (3) අවසන් රැස්වීමක් පවත්වා කෙටුම්පත අවසන් කිරීමට එම සාකච්ඡාවේදි තීරණය විය.
මෙම සතිය ඇතුළත කිසියම් පාර්ශ්වයකට වැඩිදුර පැහැදිලි කිරීම් ලබා ගැනීමට අවශ්‍ය නම් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඒ පිළිබඳව කරුණු විමසීමට හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී නිවේදනය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
21 වැනි සංශෝධනය නොව හැකි ඉක්මණින් සියලු ශ්‍රී ලාංකිකයින් හට පිළිගත හැකි නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ගෙනඑන්න. 17, 18, 19, 20, සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ සහයෝගය දුන් පිරිසම එම සංශෝධන වැරැදි බව කියමින් යළිත් නිවැරදි කිරීමට 21, හෝ 22 සම්මත කිරීමට දරන උත්සාහය පිළිබඳව ශ්‍රී ලාංකිකයින් සහ ලෝකයේ ප්රජාතන්ත්රවාදී රටවල් ලංකාව් දේශපාලනය පිළිබඳව දක්වන ආකල්පය ගැන සහ රට මෙතෙක් පාලනය කරන දේශපාලකයින් ගැන ප්‍රශ්න නොකරනු ඇතිද?
ව්‍යවස්ථාදායක සභාවේ දේශපාලන නියෝජිත ප්‍රමාණය අඩු කොට, රටට හොඳ සේවයක් කළ, උගත් සහ ලජ්ජා, බය ඇති අයගේ නියෝජනය වැඩිකළ යුතුයි..
මේ මොන හදිස්සියක්ද? මේ වෙලාවේ ජනතාවට අවශ්‍ය ව්‍යවස්ථා ප්රතිසංස්කරණද? ආර්ථික ස්ථායිතාවයද? ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ඖෂධ හා අනිකුත් පාරිභෝගික භාණ්ඩ සාධාරණ මිලකට හිඟයකින් තොරව ලබා ගැනීමට පහසුකම් සැලසීමයි දැන් අත්‍යාවශ්‍ය... ඒක පැත්තක තියලා සුපුරුදු පරිදි තමබලය තහවුරු කර ගැනීමේ මෙහෙයුමකයි දැන් මේ රාජ්‍ය බලධාරින් නිරතව ඉන්නේ... කය බරවායට පිටිකර බෙහෙත් බඳින්නයි යන්නේ... අනෙක වත්මන් පාර්ලිමේන්තු සංයුතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්රතිශෝධනයකට කොහෙත්ම සුදුසු නැහැ.
දිය නොකර හදන්න. නැත්නම් ඉඳුල් නාන්න වෙයි...!