(සුජිත් හේවාජුලිගේ )
ඉන්ධන රැස්කිරීමේ අරමුණෙන් ඊයේ දිනයේදී පිරවුම්හල් වෙත කිහිප වතාවක් පැමිණි 1200 කට වැඩි පිරිසක් පොලීසිය විසින් හඳුනාගනු ලැබ ඇතැයි , බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පැවසීය .
අළුතින් හඳුන්වා දුන් ජංගම යෙදවුම මගින් මේ පිරිස තහවුරු කරගත් බවද ඔහු සඳහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයගොල්ලෝ ගණන් කරපු දෙයක් නෑ. නිකමට කියනවා මේ තරම් ප්රමාණයක් හඳුනා ගත්තා කියලා, ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ඉන්ධන තොග රැස්කරන අය බයේ රැස්කිරීම නවත්වයි කියලා..!
බදු සල්ලි මංකොල්ල කන්නේ නැතිව රටට ඇතිවෙන්න ඩීසල්, පෙට්රල් තිබුණා නම් මේවා මෙහෙම වෙන්නේ නෑනේ.. දැන් හොරු රට උලා කාපු දේශපාලුවන් නොව තෙල් මිලදී ගන්න ගිය පුරවැසියන්..!
හොරකම් නතර කරමු කියලා පෙරලි කරපු අය වෙන්නත් පුළුවන්...!
නිශ්ඵල වැඩක්. යමක් හිඟවෙන්න ඉඩදීම නවත්තන්න ඕන මිස හංගන තැන් හොයන්න, ඇප් හැදීම මෘදුකාංග නිර්මාණය කරන අයටත් අපහාසයක්... ඇමැතිගේ ළදරුකම සහ වැඩබැරිකම පේනවා.
හඳුනාගෙන හව් ඩූ යූ ඩූ.. නැතිනම් නයිස් ටූ මීට් යූ කියලා අතටඅත දෙන්න එපා. මොවුන්ව පොලිසියට ගෙනැවිත් ඉලඇට කඩන්න...
ඔයාලගේ ඇප් එකේ මොකක්ද ඇල්ගෝරිදම් එක..? එහෙම ඇප් හදන්න බැහැ ඩේටා නැතිව. එහෙනම් ඔයාලා ට්රේස් කරන්න ඕනෑ. එයාලා පාවිච්චි කරන ෆෝන් එකේ සම්බන්ධතාවය ගැන... ඒක ඔයාලට එහෙම කරන්න බැහැ. උසාවි නියෝග නැතිව. බොරු කියන්න එපා... මිනිස්සු බය කරන්න.
උගත් බුද්ධිමත් නායකයෝ ඉන්න රටවල ඉන්ධන මිල වැඩිකරන කොට පොදු ප්රවාහන ගාස්තු අඩුකරනවා. එතකොට මිනිස්සු පොදු ප්රවාහනය වැඩිපුර යොදාගන්නවා. උදාහරණයක් ලෙස නවසීලන්තය ළඟදී මෙවැන්නක් කළා. අපේ අවාසනාවකට රටට එවන් පාලකයෝ පහළ වෙලා නැත.