මුල් පෙළේ අයට බූස්ටර් එන්නත 01 වැනිදායින් පසු කොරෝනා මර්දන කටයුතුවල යෙදී සිටින සෞඛ්‍ය, ආරක්ෂක යනාදී අංශවල ඉදිරිපෙළ සාමාජිකයන්ට තෙවැනි මාත්‍රාව ලෙස බූස්ටර් එන්නත ලබාදීම ලබන මස 1 වැනිදායින් පසු ආරම්භ කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. 22 October 2021
ශ්‍රී ලංකාවේ වෙසෙන චීන ජනතාවට සයිනොෆාම් තෙවන මාත්‍රාවක් ශ්‍රී ලංකාවේ වෙසෙන චීන ජනතාව සදහා සයිනොෆාම් එන්නතේ, තුන්වන මාත්‍රා ලබා දීමට පියවර ගෙන ඇත. 22 October 2021
පළාත් සංචරණ සීමා 31වැනිදා ඉවතට කොරෝනා පාලනය සඳහා පැනවූ පළාත් අතර සංචරණ සීමා ලබන 31 වැනිදා අලුයම 4 ට ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. 22 October 2021
පොහොර ප්‍රශ්නයට මැතිසබයේ උද්ඝෝෂණයක් පොහොර ප්රශ්නය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෝස්ටර් සහ පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයක යෙදීම නිසා මැතිසබයේ උණුසුම් තත්වයක් මීට මද වේලාවකට පෙර ඇතිවිය. 22 October 2021
“දුම්රිය දුවන්නෙ නැත්තේ ඩීසල් නැති නිසා’’ දුම්රිය ධාවනය නොකිරීම සහ පළාත් අතර සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කිරීමට හේතුව ඩීසල් නොමැතිවීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී පැවසීය. 22 October 2021
පෞද්ගලික අංශයේ විශ්‍රාම යන වයස: පනත 11 මැතිසබයට පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ අවම වයස් සීමාව අවුරුදු 60 දක්වා වැඩි කිරීමට අදාල ප්‍රතිපාදන ඇතුළත් පෞද්ගලික සේවකයන්ගේ විශ්‍රාම යෑමේ වයස පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ලබන මස 11 වැනිදා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කළේය. 22 October 2021
ජපාන තානාපතිවරයා විපක්ෂ නායක හමුවෙයි ශ්‍රි ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා (Akira Sugiyama) මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය. 22 October 2021
උතුරේ ආරක්ෂාව ගැන කතා කරද්දීත් නිවෙසකට ප්‍රහාරයක් උතුරු පළාතේ ආරක්ෂාව සම්බන්ධයෙන් නව ආණ්ඩුකාරවරයා සහ ආරක්ෂක අංශ සමග උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ සාකච්ඡාවක් පවතින අතර වාරයේ යාපනය නීර්වේලි ප්‍රදේශයේ පිහිටි නිවසකට තියුණු ආයුද ගත් පිරිසක් ඇතුල් වී නිවසේ දේපල රැසකට හානි කොට පළා ගොස් ඇති බවටද යාපනය පොලීසිය පවසයි. 22 October 2021
කතරගමට යළි කොරෝනා අවදානමක්? කතරගම ප්‍රදේශයෙන් රෝගියකු වාර්තා වීමෙන් කතරගම සෞඛ්‍යය නිලධාරි බලප්‍රදේශයේ පුද්ගලයන් 30 දෙනකු අතර සිදු කළ රැපීඩි ඇන්ටිජන් පරීක්ෂණයකදී රෝගීන් 08 දෙනකු සොයා ගැනීමට හැකිවූ බව කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා පවසයි. 22 October 2021
“නැනෝ දියර උපදෙස් මත වී වගාවට යොදන්න’’ මෙවර මහ කන්නය සදහා රජයෙන් දෙන පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර සහ නැනෝ නයිට්රජන් දියර පොහොර කෘෂිකර්ම උපදේශකවරුන්ගේ මගපෙන්වීම අනුව වී වගාවට යොදන ලෙස කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි. 22 October 2021
පැත්තෑයට බිලි වූ පුංචි මල්කැකුළ මුන්දලම දේවාලහංදිය ප්‍රදේශයේ නිවසක බිළිදෙකු පත්තෑයෙකු දෂ්ඨ කිරීමෙන් නිදියහනේදීම මරණයට පත්ව ඇතිබව පල්ලම පොලීසිය පවසයි. 22 October 2021
සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් යළි ආඥාවක් මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපතිවරයා විසින් විශේෂ ආඥාවක් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (22) දැනුම් දුන්නේය. 22 October 2021
රියදුරන්ගේ මහා හොරයක් කෝපා හෙළි කරයි රථවාහන වැරදිවලට වරදකරුවන්වී නීතිමය පියවර සඳහා තාවකාලිකව අහෝසි කළ රියදුරු බලපත්‍ර අධිකරණවල තිබියදී රියදුරන් දහසකට ආසන්න සංඛ්‍යාවක් ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කර ගෙන රිය ධාවනයේ යෙදෙන බවට තොරතුරු අනාවරණයවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා) පවසයි. 22 October 2021
කොරෝනා පාලනයට අලුත් තීරණ කිහිපයක් අද කොවිඩ් කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය . 22 October 2021
අද පළාත් කිහිපයකට තරමක තද වැසි මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට අද (22) මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 October 2021
‘‘තමන් වැරැදිකාරයන් නොවෙයි නම් පරීක්ෂණවලට ඉඩ දෙන්න‘‘ තමන් මේ කුමන්ත්‍රණය පිටිපස්සේ හිටියේ නැත්නම් වැරදිකාරයන් නෙවෙයි නම් පරීක්ෂණ කරන්න ඉඩ දෙන්න ඕනෑ. බය වෙන්න ඕන නැහැ. ජනාධිපති කොමිසම් වාර්තාව පැහැදිලිව කියා තියෙන දේවල් තෝර තෝර ඉන්නේ ඇයි. මේ අයට මොකක් හරි හංගන්න තියෙනවා. රහසක් තියෙනවා යැයි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමෝ පවසති. 22 October 2021
කතෝලික පාසල් 25 සිට යළි විවෘතයි ගුරුවරුන් තමන්ගේ වරප්‍රසාද දිනාගැනීම සඳහා සිදුකරන අරගලය නවතාලීමේ බලාපොරොත්තුවක් කතෝලික සභාවට නැති බවත්, එම අරගලයට ශක්තියක් වීමට ද කතෝලික සභාව සූදානම් බවත් ගැමුණු ඩයස් පියතුමන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ. 21 October 2021
කොවිඩ් ආසාදිතයන් 101ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 101 දෙනකු අද(21) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 21 October 2021
අයි.ඕ.සී තෙල් මිල ඉහළට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල අද(21)මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් පහකින් වැඩි කිරීමට තීරණය කළ බව අයි.ඕ.සී සමාගම පවසයි . 21 October 2021
‘‘එකක් බලාපොරොත්තු වුණාම හයක් ලැබීම සතුටුයි‘‘ එක් දරුවකු බලාපොරොත්තුවෙන් සිටි තමන්ට දරුවන් සය දෙනකු එක්වර ලැබීම විශාල සතුටක් බව මෙරට අද (21) අළුයම මෙලොව එළිය දුටු සය නිවුන් දරුවන්ගේ පියා වන ප්‍රභාත් උදයංග මහතා පැවසීය. 21 October 2021
රසායනික පොහොර තීන්දුව ’’කටින්’’ සහ ’’ඇඟෙන්’’ ගත් තීන්දුවක් ආණ්ඩුවේ රසායනික පොහොර තහනම් කිරීමෙි තීන්දුව නිවැරදි විද්‍යාත්මක ක්‍රමයකට ගත් එකක් නොව ’’කටින්’’ සහ ’’ඇඟෙන්’’ පමණක් ගත් තීන්දුවක් යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා (ජාජබ) පාර්ලිමේන්තුවේ දී පැවසීය. 21 October 2021
සියලුම ගොවීන්ට දියර නයිට්රජන් ඉදිරියේදී ලබාදෙනවා සියලුම ගොවීන්ට දියර නයිට්රජන් ඉදිරියේදී ලබාදීමට රජය කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (21) පැවැසීය. 21 October 2021
කොන්දොස්තර නැතිව බස් දුවන්න අවසර ඉල්ලයි බස් රථවල ආදායම අඩුවීම සහ සේවකයන් නොමැතිවීම පිළිබඳව අවදානය යොමු කර කොන්දොස්තරවරයා නොමැතිව බස් රථ ධාවනය කිරීමට අවසර දෙන ලෙස සහ ඒ සඳහා මෝටර් රථ ආඥාා පනත සංශෝධනය කරන ලෙසත් ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාට යෝජනා ඉදිරිපත් කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. 21 October 2021
කොරෝනා රෝගීන් 453ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 453 දෙනකු අද (21) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 21 October 2021
කොරෝනා මරණ 19 වර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 19 දෙනකු ඊයේ (20) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය. 21 October 2021
හැඳුණුම්පත් එක් දින සේවාව යළිත් ‘කොවිඩ්’ වසංගත තත්වය හේතුවෙන් අත්හිටුවා තිබූ ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව දිනයක් සහ වේලාවක් වෙන්කරගන්නා ඉල්ලුම්කරුවන් සඳහා පමණක් ලබන 25 වැනිදා සිට ආරම්භ කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි. 21 October 2021
දුම්රිය දුවන්නේ නැති හේතු කියන්න නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුව දුම්රිය ධාවනය ආරම්භ කරන ලෙස සහ දුම්රිය ධාවනය ආරම්භ කළ නොහැකි නම් ඒ සඳහා බලපා ඇති හේතු මොනවාදැයි දැනුවත් කරන ලෙසත් ඉල්ලමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ලිපියක් යොමුකර තිබේ. 21 October 2021
මුලතිව් රෝහලට ශළ්‍ය වෛද්‍යවරයෙක් තවම නෑ මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට මාස ගණනාවක සිට ශළ්‍ය වෛද්‍යවරයකු අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි. 21 October 2021
‘‘නැනෝවලින් අපෙක්ෂාව ඉටු වන්නේ නෑ‘‘ නැනෝ නයිට්රජන් දියර පොහොර භාවිතයෙන් අස්වැන්න වැඩකර ගැනීමේ අපෙක්ෂාව ඉටුකරගත නොහැකි අතර හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වන අපෙක්ෂාවෙන් ඉටුකරගත නොහැකි යැයි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි. 21 October 2021
පැමිණිල්ල විභාග කරද්දී පොලිස් ලොක්කාට අත්වාරුවෙන් ගහලා කොට්ටාව පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට අත්වාරුවකින් පහරදී පොලිසියේ දේපළ වලට අලාභ හානි කර පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය කියයි. 21 October 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026