(ඉන්දිකා රාමනායක සහ සුජිත් හේවාජූලිගේ)
නව යුද හමුදාපතිවරයා වශයෙන් හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර ඇත.
මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ලබන ජුනි මස 01 දින සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පැවසීය.
ආරක්ෂත මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මැයි මස 31 වන දින යුද හමුදාධිපති ධූරයෙන් විශ්‍රාම යන බවද හෙතෙම කීය.
යුදහමුදා සේවයෙන් විශ්‍රාම යන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස ජුනි 1 වන දින සිට රාජකාරි බාර ගැනීමට නියමිතව බවද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය .
ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරමින් සිටියේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ශවේන්ද්‍ර යයි - විකුම් එයි
fairoos Thursday, 26 May 2022 04:54 PM
නන්දසේනත් එක්ක වැඩකරලා ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නම්බුවත් නැතිවුණා.
BamunuarachchiFriday, 27 May 2022 09:23 AM
පව් නොදී නොදන්නා මගුල් කතා නොකර ගම්මිරිස් මල්ලත් අරගෙන ආපු රටකට පීනලම යන්න. වැස්සට ගොඩවෙලා ගෙදර උළුවහු වෙනස් කරන්න කතා කරනවා වගේ ගම්මිරිස් හොයන්න ඇවිල්ලා හමුදාපති, ජනාධිපති ගැන කතා කරනවා...
fairoosSunday, 29 May 2022 04:47 PM
බමුණා වගේ මොලේ නැති අය හින්දා තමයි ලංකාවට මේ තත්වේ ආවේ..
wijesena Thursday, 26 May 2022 06:25 PM
ඔබ දුන් සේවටය ස්තුතියි.. ඒ වගේම ඔබේ උසස්වීමට සුභාශිංසන.. නිරෝගි වේවා.. සතුටින් ඉන්න..
ජුනයිඩ් Thursday, 26 May 2022 07:01 PM
වහල් ජෙප්පන් හැර වෙන කිසිවෙක් ඔයවැනි ගුණමකු කතා නොකියති.
Raveen Friday, 27 May 2022 08:24 AM
ගජබා ගොට්ටන්.. !
BamunuarachchiSaturday, 28 May 2022 07:49 AM
හලෝ බත් ගොට්ටෝ කියන්නේ, එජාපයින්ට ඔය නම හැදුණේ 1960 ගණන්වල. ඕවා පලා බබා අපිට එපා කිව්වා.. මේ හිච්චි කොල්ලන් දන්නේ නැහැ.