IMG-LOGO

කලහකාරී සිද්ධියේ දී හමුදාවේ හැසිරීම ගැන සොයන්න කමිටුවක්

(ඉන්දිකා  රාමනායක)

මිරිහාන ජනාධිපති පෞද්ගලික නිවස  ආසන්නේ දී ඉකුත් මාර්තු (9) දින  සිදු වු සිද්ධිය සහ  අරලියගහ මන්දිරය , ගාලුමුවදොර  යන ප්‍රදේශවල ඉකුත් (9) දින   ඇති කලහාකාරී සිද්ධීන් මැඩලීම සඳහා ත්‍රිවධ හමුදාවේ  යම්  අතපසුවමක්  සිදුවී ඇති ද යන්න  සොයා බැලීම සඳහා  ජනාධිපති  ගෝඨාභය  රාජපක්ෂ මහතා  විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇත.

හිටපු  නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆීල්ට් වසන්ත කරන්නාගොඩ , හිටපු ගුවන් හමුදාපති  මාෂල් ඔෆ් ද එයාර් ෆෝස්  රොෂාන් ගුණතිලක  යන  හිටපු හමුදාපති ජෙනරාල් රත්නායක යන මහත්වරුන්  මෙම ත්‍රිපුද්ගල කමිටුවට පත් කර ඇකර ඇති බවද වාර්තා වේ .

මෙම  සිද්ධීන්  ඇතිවීම වැළැක්වීම වැලැක්වීම සහ මැඩලීමේ කටයුතුවල දී ත්‍රිවිධ හමුදාව අපොහොසත්  වු බවට සමාජය තුළ මතයක් පැතිර ගොස් ඇති අතර  ත්‍රිවිද හමුදාව තුළින් කිසි අතපසු වීමක්  සිදු වී ඇති ද යන්න විමර්ශනය සඳහා ජනාධිපතිවරයා මෙම ත්‍රි පුද්ගල  කමිටුව පත්කර ඇත.

 



අදහස් (7)

කලහකාරී සිද්ධියේ දී හමුදාවේ හැසිරීම ගැන සොයන්න කමිටුවක්

චමින්ද ජයනාත් ජයසූරිය Thursday, 26 May 2022 05:24 PM

මම කියන්නෙ එදා හමුදාව ගත් ක්‍රියාමාර්ය හරි....මොකද හමුදාව ඉන්නෙ රටක් ආරආරක්ශා කිරීමට මිසක් රටක අභ්‍යන්තර දේවල් වලට මැදිහත් වෙන්න නෙමේ....විශේශයෙන්ම රටක දේශපාලජයින් ආරක්ශවට හමුදාව කොහෙත්ම යෙදවිය යුතු නෑ... ඒක හින්ද කමිටු හදන්න ඕනෙ හමුදාව ගැන හොයන්න නෙමේ, මේ රට මේ තත්ත්වයට පත කල හොර තක්කඩි දේශපාලකයො ගැන හොයන්න.....

:       0       0

Bamunuarachchi Thursday, 26 May 2022 07:47 PM

ත්‍රිවිධ හමුදාවට පොලිස් බලතල නැතිබව අපි නම් දන්නවා. සමාජය තුළ ඇතිවන මතවලට වුවමනා විදිහට වැඩකළොත් තවත් රතුපස්වල සිද්ධියක් ඇතිවෙනවා... කියලත් අපි දන්නවා.

:       2       8

sharm warnFriday, 27 May 2022 09:32 AM

බමුණු.. ඔහොම යන්.. පක්ෂග්‍රාහී දැක්ම වෙනස්වීම සතුටක්...

:       0       1

BamunuarachchiSaturday, 28 May 2022 07:45 AM

මගේ දේශපාලකයෙකුට තිබෙන පක්ෂග්‍රාහීකම වෙනස් වෙන්නේ විරුද්ධ වාදියාගේ කතා අහලා නොවෙයි. ඒ දේශපාලකයාගෙන් රටට කෙරුණු හොඳ හා නරක සලකා බලලා. උදා: රාජපක්ෂලා රට ණයකළා කියලා ජෙප්පන් කිව්වාම මම බලන්නේ 2005දී රාජපක්ෂට රට බාර දුන්නේ 1983 සිට අවුරුදු 25ක් යුද්ධය කරන්න. ආයුධ ගෙන්වන්න පැවැති ආණ්ඩු ගත්තු ණය පියවලාද කියලා? රාජපක්ෂ අවුරුදු 5ක් යුද්ධය කෙළේ රටේ සල්ලි වලින්ද? නැහැ ණය අරගෙන... ඒ ණය අපතේ ගියේ නැහැ නේද? 2015 රාජපක්ෂ රට බාරදුන්නේ රටේ ආර්ථික වර්ධනය 6.5%ට නංවලා නේද? 2020 ආපසු රට බාරදුන්නේ රටේ ආර්ථික වර්ධනය 1.5%ට බස්සලා තව ට්‍රිලියන 7 ණය කරලා නේද? කිව යුතුදේ බොහෝමයි. ණය අරගෙන නොරොච්චෝලේ, යුදගනාව විදුලිබලාගාර නොකළා නම් අද අපි කළුවරේ නේද? ජෙප්පන් ඔය කරුණු කතා කරනවද? එක් ජෙප්පෙක් මාධ්‍ය සංදර්ශණයක් තියලා කියනවා. 2009 ජනතාව යුද්ධය දින්නා කියලා. ඒ ජනතාවම නේද 1983-2005 දක්වා සිටියේ මොකද යුද්ධය දිනා ගන්න බැරි වුනේ? රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුද්ධය දින්නා කියන්න බැරිතරම් ජෙප්පන් කුහකයි.

:       0       1

ලලිත් Friday, 27 May 2022 10:12 AM

සමාජය තුළ නම් එහෙම හමුදාවට චෝදනාවක් නෑ. රජයේ මැතිඇමැතිවරුන්ට අවශ්‍ය හමුදාවත්, පොලීසිය වගේ දේශපාලකයින්ට වන්දිභට්ටකම් කරන පිරිසක් කරන්න. ඒක එහෙම නොවෙන එකට චෝදනාවක් තියෙනවා. ගෝඨාභයත් නමට හරි හමුදාවේ හිටියා නේද? කරුණාකර ඒ ගෞරවය ආරක්ෂා කරන්න.

:       0       3

sachith Friday, 27 May 2022 10:48 AM

මේ කරලියට එන්නේ තවත් එක් නාට්‍යයක් පමණයි.

:       0       2

සමිත සේනක අලුත්ගමගේ. Friday, 27 May 2022 02:32 PM

හමුදාව ගැන මොනවා හොයන්නද? අරලියගහ මන්දිරයේ සිට සංවිධානය කරනු ලැබූ ම්ලේච්ඡ ක්‍රියාව නිසයි සියලු දේ සිදුවුණේ. ඒ දේ සිදුකළ මහින්ද රාජපක්ෂ ඇතුළු පොහොට්ටු මැරයින් කණ්ඩායම වෙනුවෙන් පරීක්ෂණ සිදුකිරීම වැදගත්. විය යුත්තේ එයයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 18 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 601 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site