අයි.සී.සී විස්සයි 20 කණ්ඩායමට වනිඳු නමත් අන්තර් ජාතික ක්‍රිකට් සභාව අද (19) නිවේදනය කළ පසුගිය වසරේ (2021) ලෝක විස්සයි20 ක්‍රිකට් පිලට ශ්‍රී ලංකා යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසංරංග ඇතුළත්ව සිටියි. 19 January 2022
ලිත් නඩුවේ විත්තිකරුවන් නිදහස් කරනවාද තිරණය ලබන 1 දා 2015 ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් කොට දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ මුදලින් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කොට රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කල බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයාට එරෙහි නඩුවේ විත්තිකරුවන් නිදහස් කරන්නේද? ඔවුන් වෙනුවෙන් සාක්කි කැඳවන්නේදැයි නියෝගය ලබන මස පළමුවැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද දැනුම් 19 January 2022
විදුලිය කපන්නේ කාලසටහනකට විදුලි සැපයුම හදිසියේ විසන්ධි කිරීමට සිදුවුවහොත් එය කාලසටහනකට අනුව ක්‍රියාත්මක කරන බවත් එසේ වුවහොත් කොට්ඨාස හතක් හෝ අටක් ලෙස විදුලිය විසන්ධි කරන බවත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය. 19 January 2022
පාර්ලිමේන්තුවේ ගෞරවය රැකීම සියලු මන්ත්‍රීවරුන්ගේ වගකීමයි අපහාස කතා බොරු චෝදනා නොගැලපෙන වදන් නිසා පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයට පසුගිය කාලයේදී විවිධ හානි සිදුවූ බවත් පාර්ලිමේන්තුවේ අභිමානය සහ ගෞරවය රැක ගැනීම මෙම සභාවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ වගකීම බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 January 2022
ජ.වි.පෙ පා ගමනට බිත්තර ප්‍රහාරයක් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පවරා දීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ විරෝධතා පා ගමනක් මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොටුව දෙසට ගමන් කරමින් සිටියි. 19 January 2022
‘‘කෙරවලපිටිය ගිවිසුමට අමාත්‍ය මණ්ඩලයෙ අනුමැතිය ලැබිලා‘‘ කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගත් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සම් අද යළි සලකා බැලීම අද (19) යළි සිදුකෙරිණි. 19 January 2022
‘අයි.එම්.එෆ් බිල්ලෙක් නොවේ‘ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙස බැලිය යුත්තේ බිල්ලකුගේ ස්වරූපයක් මවාගෙන නොවේ යැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 19 January 2022
තේරීම් කාරක සභාවට ආණ්ඩුවේ-විපක්ෂයේ මන්ත්‍රීවරු 12ක් නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේ තේරීම් කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (19) පත් කරනු ලැබීය. 19 January 2022
වරාය අධිකාරියේ සභාපති පුටුවට අලුත් මුහුණක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා අද (19) පත්කර තිබේ. 19 January 2022
අගනුවර වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර වෙනස් කිරීමට එරට ජනාධිපති යෝකෝ විඩෝඩෝ ප්රමුඛ රජය ගත් තීරණයට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය. 19 January 2022
‘‘වසර 26කට පෙර හමුවූ රයිනොසිරස් ගැන හොයන්න කවුරුත් නෑ‘‘ වසර 80,000 පෙර මෙරට ඇති වූ උල්කාපාත වාර්ෂාවකින් මියගිය බවට සැක කරන ශ්‍රී ලංකාවේ ජිවත් වූ රයිනෝසිරස් රංචුවකගේ හිසි කබල් ඇතුළු අස්ථි කොටස් මඩොල්සිම හා රිලාඋළු කඳු පාමුල ලුණුගල වෙල්යායක අඩි 80ක් යට මැණික් පතලක මිහිදන්ව තිබෙන බව පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ සත්ත්ව විශේෂඥ කැලුම් නලින්ද මනමේන්ද්‍ර ආරච්චි මහතා පවසයි. 19 January 2022
නීති දමා මන්ත්‍රී විනය හදන්න කියයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන ක්‍රියා කිරීමට නීති මාලාවක් අවශ්‍ය බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 January 2022
හමුදා කැඳවීමට ජනපතිගෙන් විශේෂ ආඥාවක් මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාලව ජනාධිපතිවරයා විසින් විශේෂ ආඥාවක් නිකුත් කරනු ලැබ ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 19 January 2022
අයිස් පොවා තරුණියන් දූෂණය කළැයි කියන ඒජන්සිකරු අල්ලයි මහනුවර ප්‍රදේශයේ ‘අයිස්‘ නැමැති මත්ද්‍රව්‍ය හා හෙරොයින් බෙදා හරිමින් තරුණියන් හා කාන්තාවන්ට ද මත්ද්‍රව්‍ය ලබා දෙමින් ඔවුන් දුෂණයට ලක් කළ බව කියන විදේශ රැකියා ඒජන්සියක හිමිකරුවෙක් අද (19) අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි. 19 January 2022
සේවකයන්ට ගෙවන වන්දිය ඉහළ නැංවීමට අනුමැතිය සේවයේ යෙදී සිටියදී හදිසි අනතුරු හේතුවෙන් මරණයට සහ ආබාධිත තත්වයට පත්වන සේවකයන් වෙනුවෙන් ගෙවනු ලබන වන්දි මුදල් ඉහළ නැවීමට හැකි වන පරිදි සේවක වන්දි ආඥාපනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය, උදය ගම්මන්පිල මහතා පැවසීය. 19 January 2022
නව ගුවන් පාලම් හතරකට අනුමැතිය නව ගුවන් පාලම් හතරක් ඉදිකිරීම සඳහා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 19 January 2022
පී.බී ගේ පුටුවට ගාමිණි සෙනරත් නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණි සෙනරත් මහතා අද (19) පෙරවරුවේ එම ධුරයේ වැඩ භාරගෙන තිබේ. 19 January 2022
ජර්මන් - ජපන් යුද නෞකා පිටත්ව යයි ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව ශ්‍රී ලංකා මුහුදු කළාපයේ නාවික අභ්‍යාසයක නිරත වූ ජර්මාන් සහ ජපන් නාවික හමුදාවන්ට අයත් නෞකා නාවික අභ්‍යාසය අවසන් කර පිටත්ව ගියේය. 19 January 2022
ජාතික දන්ත රෝහලේ ‘එක්ස්රේ කාඩ්’ නෑ කොළඹ ජාතික දන්ත රෝහලේ මාස කීපයක සිට කුඩා ප්‍රමාණයේ ‘එක්ස්රේ කාඩ්’ නොමැති වීමෙන් ‘එක්ස්රේ’ පරීක්ෂණ වාර්තා ලබාගත යුතු රෝගීහූ දැඩි අපහසුතාවට පත්ව සිටිති. 19 January 2022
වෙළේ වැටි මියගියැයි සිතුවත් සිහිය තිබිලා යතුරු පැදිය අනතුරට ලක්ව බරපතල තුවාල ලබා සිහිසුන්ව හාලිඇල-බණ්ඩාරවෙළ මාර්ගයේ උඩුවර වෙළට වැටී සිටි යුද හමුදා කෝප්‍රල්වරයෙක් අනතුර සිදුව පැය කීපයකට පසු පොලිසිය විසින් රෝහල්ගත කරනු ලැබීය. 19 January 2022
දේවස්ථාන බෝම්බ සිද්ධියේ සැකකාර වෛද්‍යවරයාගේ නිවසේ ගිනි අවි බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිළියන්දල විශ්‍රාමික වෛද්‍ය අධිකාරීවරයාගේ සුවිසල් නිවස තුළ තිබී ගිනි අවි ඇතුළු ආයුධ රැසක් සොයා ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි 19 January 2022
විදුලිබල මණ්ඩලයට ඩීසල් මෙට්‍රික්ටොන් 10,000 ක් ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය උත්පාදනය සඳහා ඩීසල් මෙට්‍රික්ටොන් 10,000 ක් ලබාදෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. 19 January 2022
‘ඉදිරි අවුරුදු 3 ගැන රාජාසන කතාවේ වචනයක්වත් නෑ‘ ඉදිරි අවුරුදු තුන රට පාලනය කරන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ රාජාසන කතාවේ වචනයක්වත් සඳහන් නොවූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවසීය. 19 January 2022
පාර්ලිමේන්තු නව සැසියට එක් වූ 4 කට කොරෝනා පාර්ලිමේන්තුවේදී ඊයේ කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී කොවිඩ් ආසාදිතයන් සිවුදෙනකු හඳුනා ගැනුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 19 January 2022
චීනෙන් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 10 ක් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක් ලංකාවට නොමිලේ ලබාදීමට චීනය රජය තීරණය කර ඇත. 19 January 2022
වරායේ සිරවු සහල් කන්ටේනර් ගන්න ඩොලර් ඩොලර් නොමැතිව වරායේ ඇති සහල් කන්ටේනර් 800ක ප්‍රමාණය නිදහස් කර ගැනීම සඳහා අද(19) ඩොලර් ලබාදෙන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 19 January 2022
රාජ්‍ය ඇමති ෂෙහාන්ගෙන් මෛත්‍රීට ටොක්කක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ ආණ්ඩුව තුළ සිටින්නේ අසතුටින් නම් ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ කාර්යභාරය කිරීම වඩා වැදගත් බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. 19 January 2022
අද දවස ගැන කාලගුණයේ අනාවැකිය ඌව පළාත සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවලට වැසි සරවල්පයක් ඇති වේ. 19 January 2022
දේශීය සංචාරකයින්ට නොසළකන ආයතනවල බලපත්‍රය අවලංගුයි සංචාරක සේවා සපයන ඇතැම් ආයතන දේශීය සංචාරකයින් නොසළකාහරිමින් විදේශිකයන්ට පමණක් සැළකීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම් එම අයතනවල බලපත්‍ර අවලංගු කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 19 January 2022
සියල්කොට් ව්‍යාපාරික ප්‍රජාව ප්‍රියන්තගේ පවුලට ඩොලර් ලක්ෂයක් පාකිස්තානයේ සියල්කොට්හිදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලට සියල්කොට් ව්‍යාපාරික ප්‍රජාව ඇමෙරිකානු ඩොලර් 100,000ක මුදලක් පරිත්‍යාග කර ඇත. 18 January 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026