(නිමල කොඩිතුවක්කු)
අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී අද(25) පැවසීය.
බස් රථ ධාවනයට නිසි පරිදි ඩීසල් නොමැතිවීම හේතුවෙන් මෙම තීරණය ගනනා බවත් විජේරත්න මහතා සඳහන් කළේය.
බස් රථ සඳහා ඩීසල් ලබා ගැනීමේදී පොම්පකරුවන් පගාව ඉල්ලා සිටින බවත් කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු පැවසීය.
පොලීසිය සහ හමුදාව බලා සිටියදී ඔවුන් මෙලෙස කප්පම් ඉල්ලා සිටින බවත් නුගේගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන ලබා ගැනීමේ දී තමන්ගෙන්ද ද රුපියල් දහසක මුදලක් ඉල්ලා සිටි බවත් ඔහු සඳහන් කළේය.
ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දෙන බව ප්‍රකාශ කළත් ඒ සඳහා ද විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බවත් විජේරත්න මහතා කීවේය.
මගී බස් රථ සඳහා ඩීසල් ලබාදීමට ප්රමුඛත්වයක් ලබා නොදුනහොත් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු බස් රථ ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන බවත් ඔහු තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම... මෙහි කලමනාකරුට හෝ පොලිස් නිලධාරියෙකුට හෝ පැමිණිලි කරන්න.
පුද්ගලික බස්රථ වලින් පමණක් නොවේ... සෑම අත්‍යාවශ්‍ය සේවා සපයන රථවලින් පොම්පකරුවන් පගාව ඉල්ලනවා. සමහර අයගෙන් රුපියල් 5000/- ගන්නවා. කිරිබත්ගොඩ ශෙඩ් එහෙකින් මෙහෙම ඉල්ලනවා. මේවා ගැන සොයා බලන්න කවුරුත් නැහැ. බිස්නස් එකක් කරන බව දැන ගත්තොත් ඉවරයි. අපිට පොඩියට ව්‍යාපාර කරගෙන යන්න බැරි තත්වයක් තියෙන්නේ. හැම කෙනෙකුටම පගාව දුන්නාම අපිට මුකුත්ම නෑ. කාටද මේවා කියන්නේ..? 225 එහෙම කොට... ඔවුන්ගේ හෙන්චයියලා හැමතැනම ඉඳන් අපේ සේරම හූරාකනවා...
225ට බැන බැන 1000 සාක්කුවේ දාගන්න ඇති. පගාව නිකන් මත්ද්‍රව්‍ය වගේ...
තනි අයිතිය තියෙන බස් ඉවත් කරානම් මේ මොන ප්‍රශ්නයක්වත් නැහැ. තනි පුද්ගල අයිතිය නැතිව සිගංප්පූරුවේ බස් සේවය කොයිතරම් පිළිවෙලට දුවනවාද? හරි නම් මේවා වෙනස් කිරීම තමයි සිස්ටම් චේන්ජ් කියලා කරන්න ඕනෑ...
ඉන්න 225 සහ නන්දසේන තොලොංචිවෙලා ගිය දවසට තමයි රටට සෙත..