(යොහාන් භාසුර)
ගෘහස්ථ ගෑස් බෙදාහැරීම හෙට (26) දිනයේ ද ක්‍රියාත්මක නොවන බව ලිට්රෝ ගෑස් සමාගම අද (25) පස්වරුවේ නිවේදනය කළේය.
ඒ අනුව බර ප්‍රමාණ තුනේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් නොකරන බව ද එම සමාගම වැඩි දුරටත් කීය.
ගෑස් සැපයුම අත්හිටුවා ඇති බව ලිට්රෝ සමාගම නිවේදනය කළ ද ජනතාව තව දුරටත් ගෑස් මිලදී ගැනීමට දිගු පෝලිම්වල රැදී සිටින ආකාරය අද දිනයේ ද දැකගත හැකිවිය.
ලිට්රෝ සමාගමෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ලබන සතිය දක්වා ගෑස් නිකුත් කිරීම අත්හිටුවා ඇති බවත් තව දුරටත් ගෑස් මිල ඉහළ දැමීමේ සැලැස්මක් ද ඇති බවත්ය.
ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසුවේ පෝලිම්වල රැදී සිටීමෙන් සහ වැඩි මිලට ගෑස් මිලදීගැනීමෙන් අපහසුතාවට පත්නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑස් නැවු 02 දැනට සතියකට ලමණ පෙර නිදහස් කරගත්තාලු. ඒවා දැනට දින 4-5 ඉඳන් ලොරිවලට පටවනවලු... දැන් කියනවා හෙට බෙදන්නෙත් නැහැලු... මොනවද මේ විකාර කරුණාකර කරන්න බැරි නම්? අස්වෙලා ගෙදර යන්න.. අපි කරන්න පුළුවන් කෙනෙක් ඡන්දෙන් තෝරාගන්නම්..
ඔව් අනේ.., ලොකු ගාණකින් මිල වැඩිකරලාම ඕවා බෙදන්න. අපි කැමැති නෑ.. අඩු මිලට ගන්න. අර 225 හිඟන්නුන්ට නම් නිකම් දුන්නත් කමක් නෑ.
මෙහෙම ඕනේඕනේ විදියට බෙදන්නේ කොහොමද? මේවාට නීතිමය පියවර ගන්න බැරිද?
ගෑස් බෙදුවේ නැතිවුණාට, සභාපතිට ලක්ෂ 30ක වැටුපක් ලැබෙනවා. අධ්‍යක්ෂක මණ්ඩලයට සහ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ වැටුප් සහ විවිධ දීමනාවලට පමණක් මසකට රුපියල් කෝටි 3-4 වියදම් කරනවා. ගෑස් නැතිව කොළඹ ප්රමුඛ තදාසන්න ප්‍රදේශවල මිනිස්සු කන්නේ කොහොමද? ඔය නිලතලවලින් ඉල්ලලා අස්වෙන්න. එහෙම නැතිනම් වැටුපෙන් භාගයක් පමණක් ගන්න. නැතිනම් හෙට අනිද්දා තමුන්ට පුද්ගලිකව විශාල මහජන විරෝධයක් එල්ලවෙලා විශාල විනාශයක් වෙන්න පුළුවන්. කරුණාකර පසුගිය සතියේ කළා වගේ අපට බොරුපොරොන්දු නම් දෙන්න එපා.
දැන් කලින් කිව්වේ දවසකට 80,000ක් බෙදලත් මදිනිසා 85000 ගානේ බෙදනවා කියලා...
පළමු නැවේ තොගය දින 6 කට කිව්වා. නමුත් දින 6 ක් බෙදලා හදිසියේ නැවැත්තුවා. ගෑස් නියෝජිතයෙක් කිව්වේ තොගය නොබෙදා පීඩනයක් ඇති වෙන්න හැරලා මිල වැඩිකර ගන්නලු උත්සාහය. මිල වැඩි කරගත්තු ගමන් ඔය නැති තොග මතුවෙනවා. හැමදාම ඔය සෙල්ලම තමයි මිනිස්සු පීඩාවට පත් කරලා.