
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පසුගිය කාලයේදී සිය කාර්යාලයීය අවශ්‍යතා සඳහා මිලදී ගත් විවිධ උපකරණ වෙනුවෙන් මුදල් ගෙවීම මහ භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් නොකිරීම නිසා මෙතෙක් කළ නොහැකි වී ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් කර ඇතත් මුදල් ගෙවීම මේ දක්වාම සිදුවී නැති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම ජංගම දුරකතනයක් පරිගණකයක්, ප්‍රින්ටරයක් සහ ෆැක්ස් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ හතරක මුදලක් රජයෙන් පිරිනමනු ලැබේ.
මන්ත්‍රීවරුන් විසින් ඒ උපකරණ මිලදීගෙන ඊට අදාළ බිල්පත් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු කටයුතු අංශයට යොමු කරනු ලැබීමෙන් පසු ඒ බිල්පත් පරීක්ෂා කර ඊට අදාළ මුදල් ගෙවීම මේ දක්වාම සිදු කෙරිණ.
තමන් මිලදී ගත් භාණ්ඩ වෙනුවෙන් මුදල් ගෙවීම ප්‍රමාදවීම නිසා මන්ත්‍රීවරුන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව වාර්තා වේ.
බොහෝ මන්ත්‍රීවරුන් මේ උපකරණ මිලදී ගෙන ඇතැයි පැවසෙන්නේ සිය කාර්යාලවල ප්‍රයෝජනය සඳහාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිවරුන් පත්වෙන වාරයක් ගානේ ඔය බඩු භාණ්ඩ මිලදී ගන්න ඕනෑද? කලින් අය භාවිතා කරපුවා පාවිච්චි කළොත් හෙන ගහනවද?
ඔය මන්ත්රිලාට ලැබෙන කොම්පියුටර් පවිච්චි කරන්නේ මන්ත්‍රිගේ දරුවෝ...
අපිත් අපේ වාරිකේ ගෙවාගන්න බැරිව ඉන්නේ...!
කී දෙනාද පාවිච්චිය දන්නේ...? හොයලා බලන්න. අනික ෆැක්ස් යල්පැනගිය තාක්ෂණය...!
මේ මන්ත්‍රීලා පරිගණක වලින් කරන වැඩ මොනවද? මුද්‍රණ යන්ත්‍රවලට කඩදාසි තියෙනවද? එක මන්ත්‍රී කෙනෙක් තමන්ගේ පරිගණකයෙන් සමීක්ෂණයක් කරලා රටට හොඳක් වෙන්න කරපු එක ව්‍යාපෘතියක්වත් තියෙනවද? තමන්ගේ සාක්කුවට කොමිස් වැටෙන්නේ නැතිව කරපු එකක්...?