රජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ගැන වෛද්‍ය බෙල්ලන කියයි රජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අකාර්යක්ෂම සහ දූෂිත ආයතනයක් බවට පත්ව තිබීම නිසා එහි සභාපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්රයේ එකම බලධාරියා කැබිනට් අමාත්‍යවරයා මිස වෙනත් පුද්ගලයන් නොවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය. 20 October 2021
අතුරුදන්වූ ධීවරයාගේ සිරුර සොයාගනී නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක්වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිට අතුරුදන්වූ ධීවරයාගේ සිරුර අද (20) පෙරවරුවේ සොයාගත් බව නාවික හමුදාව පවසයි. 20 October 2021
තාත්තාත් දරු දෙදෙනාත් දියරකුසාට බිලි වැල්ලවාය ඇල්ලවල දිය ඇල්ලේ දිය නාමට ගිය තාත්තත් දරු දෙදෙනාත් දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි. 20 October 2021
කොවිඩ් ආසාදිතයන් 442ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 442 දෙනකු අද (20) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 20 October 2021
මත් පානය කර අසු වූවන්ට ධර්ම දේශනයක් නුගේගොඩ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථාන හයක සහභාගීත්වයෙන් ඊයේ රාත්‍රි සිදු කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය පානය කළ පිරිස වෙනුවෙන් මත්ද්‍රව්‍යවල ආදීනව පෙන්වා දෙමින් ධර්ම දේශනාවකට යොමු කිරීමට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය අද බිනර පොහෝදින කටයුතු කළේය. 20 October 2021
කුරුණෑගල ගුරුසංගමයෙන් වයඹ ආණ්ඩුකාරයාට ප්‍රතිචාර තමන් නියත වශයෙන්ම සේවයට වාර්තා කරන්නේ ලබන 25 වැනිදා බවත්, හැකිනම් එම මාසයට අදාළ ගුරු වැටුප් ගෙවීම අත්හිටුවා පෙන්වන්නැයි වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට අභියෝග කරන බවත්, කුරුණෑගල දිස්ත්‍රික් ගුරු සංගම් නියෝජිතයෝ පැවසූහ. 20 October 2021
ලක්ෂ 50ක ගංජා සඟවන්න බැරි වෙයි මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 17කට අධික ප්‍රමාණයක් නාවික හමුදා බාරයට ගෙන ඇත. 20 October 2021
’’හෙට’’ගැන අද දැක දියුණු ලංකාවක් බිහි කරනවා හෙට ලෝකය කල්තියා දැක ශ්‍රී ලංකාවේ එම නව ලෝකය බිහි කිරීමට හැකියාව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන අරඹමින් අද (20) පැවසීය. 20 October 2021
කොවිඩ් මරණ 18ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 18 දෙනකු ඊයේ (19) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (20) තහවුරු කළේය. 20 October 2021
වයස 18-19 පාසල් සිසුන්ට ෆයිසර් හෙට සිට රටපුරා අවුරුදු 18-19 වයස් කාණ්ඩයේ පාසල් දරුවන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීම සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි හෙට (21) සිට ආරම්භ කෙරේ. 20 October 2021
නයිට්රජන් දියර පොහොර බෙදා හරියි මහ කන්නයේ වී වගාව, අනෙකුත් ක්ෂේත්‍ර භෝග, එළවළු හා පළතුරු වගා සඳහා යෙදවීමට ඉන්දියාවෙන් මෙරටට ගෙන්වූ පරිසර හිතකාමී නැනෝ නයිට්රජන් දියර ගොවිනට ලබා දිම සඳහා ගොවිජන මධ්‍යස්ථාන වෙත ලබාදීම අද සිදු කෙරිණි. 20 October 2021
ප්‍රංශ තානාපති විදේශ ඇමති හමුවෙයි ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර සෘජු ගුවන් ගමන් ලබන නොවැම්බර් මාසයේ සිට නැවත ආරම්භ කිරීම ගැන විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මෙරට සිටන ප්‍රංශ තානාපතිවරයා වෙත ස්තූතීය පළ කළේය. 20 October 2021
කොවිඩ් රැල්ලක් ඇති වීමේ අවදානමක් ‘කොවිඩ්’ පරීක්ෂණ අකර්මණ්‍ය කර අහඹු නියැදි පරීක්ෂණ සිදු කිරීමේ මාර්ග අහුරා දමමින්, රටට ඇතුළුවන සංචාරකයන්ගේ සහ ගුවන් මගීන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සම්පූර්ණයෙන්ම නතර කිරීමෙන් නැවත කොවිඩ් රැල්ලක් ඇති වීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය. 20 October 2021
“ගුරුවරුන් නාවත් පාසල් පවත්වන්න අපි දන්නවා’’ ඇතැම් ගුරුවරුන් හෙට සහ අනිද්දා පාසල් නොපැමිණියත් පාසල් නිසි පරිදි පවත්වාගෙන යෑමට සැලැස්මක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවැසීය. 20 October 2021
‘වන්දියට වඩා ගොවියාට පහසුකම් දීම ආණ්ඩුවේ වගකීමක්‘ වගකිව යුතු ආණ්ඩුවක් කළ යුත්තේ වගා කර පාඩු සිදු වුවහොත් වන්දි දෙන්නම් යැයි කීම නොව පාඩු සිදු නොවන ලෙස වගා කටයුතු සිදු කිරීමට ගොවියාට පහසුකම් ලබා දීම යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 20 October 2021
දෙබරු ඇවිස්සී 10 ක් රෝහලේ පුත්තලම දළුව ප්‍රදේශයේ දෙබර කුඩුවක් ඇවිස්සීයාමේන් 10 දෙනෙකුට ආසන්න පිරිසකට දෙබරුන් දෂ්ඨ කිරීමේන් පුත්තලම මුලික රෝහලට අද (20) ඇතුළත් කර ඇති බව කියයි. 20 October 2021
බාලවයස්කරුවන් එල්ලුම්ගස් යැවීම නතර කෙරෙන පනත හෙට මැතිසබයට බාලවයස්කාර දරුවන්ට මරණීය දණ්ඩනය නියම කිරීම වෙනුවට සිර දඬුවම් නියම කිරීම සඳහා විධිවිධාන ඇතුළත් දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට හෙට (21) ඉදිරිපත් කෙරේ. 20 October 2021
විදේශ ගමන් බලපත්‍ර ගන්න කලින් දින වෙන්කිරීම තාවකාලිකව අත්හිටුවයි විදේශ ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමට කලින් දිනයක් හා වේලාවන් වෙන්කර ගැනීමේ පහසුකම මේ මාසය සදහා අවසන් කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව කියයි. 20 October 2021
පාසල් විවෘත කිරීමට සංචරණ සීමා බාධාවක් නෑ සංචරණ සීමා මේ ලබන 31 වැනිදා දක්වා දීර්ඝ කිරීම නැවත පාසල් ආරම්භ කිරීමට හෝ ගුරුවරුන්ට පාසල්වලට වාර්තා කිරීමට කිසිඳු බාධාවක් නොවන බවත් ගුරුවරුන්ට සේවයට යෑම සනාථ කර බාධාවකින් තොරව ප්‍රවාහන පහසුකම් ලබාගත හැකි බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාසල් කටයුතු) එල්. එම්. ඩී. ධර්මසේන මහතා ‘ලංකාදීප’යට පැවසීය. 20 October 2021
තිස්සේ තවත් රක්ෂිතයක් එළි කර හෝටලයක් හදලා තිස්සමහාරාම ජුල්පල්ලම ග්‍රාමසේවා වසමට අයත් වනසංරක්ෂණ ප්‍රදේශයක මහා පරිමාණයෙන් කැලෑව එළිපෙහෙළි කොට නිවාඩු නිකේතනයක් හා කොඩිගහ වැවට ජලය සැපයෙන ආර හරස් කොට බැකෝ යන්ත්‍ර යොදා අක්කර කාල පමණ භූමියක වැවක් ඉදි කර ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 20 October 2021
ලොව හොදම ශිෂ්‍ය කෙටි චිත්‍රපටයට හිමි සම්මානය ශ්‍රී ලංකාවට අන්තර්ජාතික 07 වන සකර්යා ශිෂ්‍ය කෙටි චිත්‍රපට උළෙලේදී , ලොව හොදම ශිෂ්‍ය කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත් ශ්‍රී ලාංකික තරුණ සිනමා නිර්මාණකරු හසන්ත දිසානායක , එම සම්මානයත් රැගෙන අද (20 ) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය . 20 October 2021
පළාත් සංචරණ සීමා තවත් දිගු වෙයි පළාත් අතර ක්‍රියාත්මක සංචාරණ සීමා මෙම මස 31 වැනිදා දක්වා අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 20 October 2021
සුපිරි වෙළඳසලෙන් කිරිපිටි සොරාගත් කතක් අල්ලයි බණ්ඩාරගම නගරයේ සුපිරි වෙළඳ සැලකින් මිලෙන් අධික කිරිපිටි ටින් සොරා ගත් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි 20 October 2021
මධ්‍යම අධිවේගියේ චීන්නුන්ට කසිප්පු ඇද්ද අයෙක් මාට්ටු මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල නිරත චීන ජාතිකයින්ට ලබාදීම සඳහා ගෙන යමින් තිබූ කසිප්පු බෝතල් 45 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි. 20 October 2021
පොහොර ප්රශ්නය හෙට මැතිසබයට පොහොර පිළිබඳව මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (21) පැවැත්වීමට නියමිතය. 20 October 2021
ඉවත් කළ අයකු යළි එනවාට කුරුණැගල සතොස සේවකයින්ගේ විරෝධය විනය විරෝධී ක්‍රියා හේතුවෙන් මේ වන විට වැඩ තහනමට ලක්ව සිටින කුරුණෑගල දිස්ත්‍රික්කයේ ලංකා සතොස හිටපු ප්‍රධානියෙක් හොර පාරෙන් නැවත සේවයට ඒමේ උත්සාහයක් ඇති බවට කුරුණෑගල සතොස සේවකයන් පිරිසක් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට ලිපියක් යොමු කර තිබේ. 20 October 2021
පොලිස් අණ නොතකා ගිය යතුරු පැදියේ දෙදෙනා මරුට පොලිස් අණ නොතකා ධාවනය වු යතුරු පැදියක් තණමල්විල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කිතුල්කොටේ හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයකට ඉස්සර කිරිමට යාමේදී ඉදිරියෙන් ආ වෑන් රථයක ගැටී එහි ගමන්ගත් දහනව හැවිරිදි තරුණයන් දෙදෙනකු මරණයට පත්ව ඇතැයි තණමල්විල පොලීසිය පවසයි. 20 October 2021
ව්‍යාජ අංක තහඩු සැකසූ දෙදෙනාට වැඩ වරදී මොටර් රථ ප්‍රවාහන අධිකාරියෙන් නිකුත් කරන අංක තහඩුවලට සමාන ව්‍යාජ අංක තහඩු සකස් කරන ස්ථානයක් පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනෙක් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 20 October 2021
සෞඛ්‍යයට මුල්තැන දෙමින් වෙහෙර විහාරවල පිංකම් මාස ගනනාවක් තිස්සේ පොහෝ දින පාළුවට ගිය බොහෝ වෙහෙර විහාරස්ථානවලට බැතිමතුන් යම් ප්‍රමාණයක් පැමිණ සිටි බව අප වාර්තා කරුවෝ පවසති. 20 October 2021
අද දවසේ කාලගුණ අනාවැකිය දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (20) සවස 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 20 October 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026