IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


නව වැනි දා විනාශ වූ වාහන ගැන අධිකරණයට කරුණු දක්වයි

(නිමන්ත රණසිංහ)

ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ සාමකාමී අරගලයට පහරදීමේ සිද්ධියෙන් පසු ඇති වූ ප්‍රචන්ඩකාරි සිදුවීමෙන් විනාශයට පත් වාහන සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද කරුණු වාර්තා කළේය.

එලෙස විනාශයට පත් වාහන සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ කුරුදුවත්ත, නාරාහේන්පිට, මුල්ලේරියාව, බම්බලපිටිය, පෑලියගොඩ, කිරුළපන යන පොලිස් ස්ථාන මගිනි.

විනාශයට පත්වූ වාහන අතර බස් රථ 17ක්, ජීප් රථ 02ක්, මෝටර් රථ 2ක්, වෑන් රථයක්, ගිලන්රථයක් ත්‍රිරෝද රථ දෙකක් වශයෙන් නඩු 25ක් අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇත.

හිටපු රාජ්‍ය අමාත්‍ය සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත ගමන් ගත් වාහනයට ද අනර්ථයක් සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ රියැදුරා කුරුදුවත්ත පොලිසියට අද (24) පැමිණීල්ල ද ඉදිරිපත් කර ඇතැයි පොලීසිය පවසයි.

 



අදහස් (0)

නව වැනි දා විනාශ වූ වාහන ගැන අධිකරණයට කරුණු දක්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site