
ඉන්දියාවේ අලුතින් පිහිටුවන ලද කොනසීමා දිස්ත්‍රික්කය ආචාර්ය බීම්රාඕ රාම්ජි අම්බෙඩ්කාර් කොනසීමා ලෙස නැවත නම් කිරීමට යෝජනා කිරීමට විරුද්ධව අමලාපුරම් නගරයේ විරෝධතා හට ගත බව ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළේය.
විරෝධතා මර්දනය කිරීම සඳහා පොලිසිය පැමිණීමත් සමග ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණයත් සමග විරෝධතාකරුවන් අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රවාහන අමාත්‍ය පිනිපේ විශ්වරූප්ගේ ගෙවත්තේ තිබූ ලී බඩු වලට සහ නිවසට ගිනි තබා ඇති අතර ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රී පී සතීෂ්ගේ නිවසටද ගිනි තබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
විශාල පොලිස් කණ්ඩායමක් උද්ඝෝෂකයන්ට බැටන් පොලු වලින් පහර දීමට පැමිණීමත් සමග නොසන්සුන්කාරී වාතාවරණය හටගෙන ඇති බව පැවැසෙයි.ඒ හේතුවෙන් කුපිත වූ විරෝධතාකරුවන් ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති අතර පොලිස් වාහනයකට සහ බස් රථයකට ගිනි තබමින් දේපල හානි සිදු කල බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.තෙළිඟු දේසම් පක්ෂය,භාරතීය ජනතා පක්ෂය,ජන සේනා පක්ෂය සහ කොංග්‍රස් පක්ෂය සාමකාමී නගරයක්ව පැවති අමලාපුරම් හි නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට අපොහොසත් වීම පිළිබඳව මධ්‍යම රජයට දෝෂාරෝපණ එල්ල කළේය.
‘කොනසීමා හි සිදු වූ ගිනි තැබීම හරිම අවාසනාවන්ත සිදුවීමක්.මෙය පැහැදිලිවම රජයේ සහ පොලිසියේ නොහැකියාව නිසා සිදු වූවක්‘ යැයි තෙළිඟු දේසම් පක්ෂයේ ප්‍රධානි එන් චන්ද්‍රබාබු නයිදු පැවසීය.
අමලාපුරම් හි ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ජීවිත හානි සිදුව නැතත් විරෝධතාකරුවන් සහ පොලිස් නිලධාරීන් තුවාල ලැබීම හේතුවෙන් රෝහල් ගත කර ඇති බවත් තුවාල ලැබූ සංඛ්‍යාව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් බලධාරීහු ප්‍රකාශ කළහ.
(ඉන්දියා ටුඩේ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටෙන් ඉගෙනගෙනද? නැත්තම් අපේ රටේ අයත් ඉගෙන ගත්තේ ඉන්දියාවෙන්ද?
විජය ආවේ ඉන්දියාවෙන්නේ....!
ජෙප්පෝ ඉන්දියාවේත් ඉන්නවාද?