(නිමල කොඩිතුවක්කු)
පවතින ආර්ථික අර්බුදය හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගාසිටුවීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංසදයේ සභාපති ටානියා විජේසුන්දර මහත්මිය කොළඹදී අද (25)පැවසුවාය.
කිසිදු දැක්මක් නොමැතිව රජය ගනු ලබන අමනෝඥ තීන්දු හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත් ඇය සඳහන් කළාය.
කොළඹ ඉම්පීරියල් මොනාක් හෝටලයේ ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංසදය කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය තවදුරටත් මෙසේද කීවාය.
“ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංසදය කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නියෝජනය කරනවා. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර රටේ ආර්ථිකයේ කොඳු නාරටියයි. ඒවා රැක ගැනීමට කිසිදු ආණ්ඩුවක් කටයුතු කළේ නැහැ. සියලු දෙනාම තමන්ව ගොඩ යාමට අපිව පාවිච්චි කළා. අද අපි හිඟා කන තත්වයට වැටිලා තියෙනවා. රටේ ආර්ථිකයේ ප්‍රධාන කොදු නාරටිය වූ අප මහ පාරට වැටිලා.
තමන් රටට මොනවද කළේ කියලාතමන්ගේ හෘද සාක්ෂියට තට්ටු සාක්ෂියට තට්ටු කරල බලන්න කියලා පාර්ලිමේන්තුවේ 225 ටම අපි කියනවා. රජයේ සේවකයන්ට වැටුප් ගහන්න සල්ලි අච්චු ගහන්න වෙනවා කියලා දැන් අගමැති තුමා කියනවා. අපේ මිනිස්සුන්ට අද වැටුප් ගෙවා ගන්න බැංකු ණය ගෙවා ගන්න විදියක් නැහැ. අපි වෙනුවෙන් මේ රජයට කිසිම වැඩපිළිවෙළක් නැහැ. කුඩා හා මධ්‍යම ව්‍යාපාරිකයා රැකගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය අග්‍රමාත්‍යවරයා ප්‍රමුඛ රජයෙන් අපි ඉල්ලා සිටිනවා.
එම සන්සදයේ ලේකම් ආසිරි දයාන් මෙරෙන්චිගේ, සම උප සභාපති වරුන් වන සුසන්ත ලියනාරච්චි, රොශාන් වඩුගේ හා ඉන්දික සම්පත් මෙරෙන්චිගේ, භාණ්ඩාගාරික ලක්මාල් පෙරේරා ඇතුළු පිරිසක්ද මෙහිදී අදහස් දැක්වීය.
ඡායාරූප :- ළහිරු හර්ෂණ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක ආර්ථිකය කඩාවැටුණු අවස්ථාවක ව්‍යාපාරිකයින්ගේ සංසදය කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කරගැනීම සඳහා පුළුල් වූ රජය මැදිහත් නොවූ හෝ මැදිහත්ව ව්‍යාපාර සංවර්ධන බැංකු ලංකාවේ ඇතිකළ යුතුවේ.
මමත් පෞද්ගලික අංශයේ තමයි. ඒත් පහුගිය දශක ගණනාවකටම.. අපි මොනවද කළේ?පිටරටින් බඩු ගෙන්නලා ගාණක් තියා මෙහෙ විකුණපු එකනේ..? ඕකෙන් කවදාවත් ප්‍රජාවක් විදිහට අපි දියුණු වෙන්නේ නැහැ. මේක තමයි ඉරණම... තේ දළු නෙලන ගෑණු ටිකයි, ඇඳුම් මහන කෙල්ලො ටිකයි, මැදපෙරදිග වැඩකරන ගෑණු ටිකයි, නැතිනම් මේකත් නැහැ... මොනවා හරි දෙයක් හදලා විකුණපල්ලා.. රුපියල් වැඩක් නැහැ. ඩොලර් හොයපල්ලා. දැන්වත් තේරුම් ගනිල්ලා. අපනයනය කළොත් විතරයි මේ කරුමෙන් ගොඩ එන්න පුළුවන් කියලා...
ඉන්දන, විදුලිබල අර්බුද , වර්ජන, උද්ගෝෂණ සහ බැංකු ණය වලට අදික පොළී නිසා අලුතෙන් ව්‍යපාර ආරම්භ කරන්න මේ අවස්ථාවෙදි කොහොම් බෑ. මේ තත්ව අවුරුද්දක් තිබුනොත් දැනට තියෙන ව්‍යපාර වලින් 30% වැසේවි. රැකියා ලක්ෂ 5-10 ප්‍රමාණයක් නැතිවෙයි. රාජපක්ෂවරු බලයේ ඉන්න සෑම මාසයකටම රට අවුරුද්දකින් පමණ පස්සට යනව.
ඔතන ඉන්න ඩොලර් එළියට පොම්ප කරන මිනිස්සුද ආර්ථිකය හදන්නේ..? ව්‍යාපාරිකයන්..!
රටේ සිටි, රටට තාක්ෂනය හා අලුත් නිෂ්පාදන ගෙනා විදේශීය ආයෝජකයින් වයාපාරකයින්,කර්මාන්ත කරුවන් ලංකාවෙන් පා දැම්මේ ජෙප්පෝ. ජෙප්පෝ සිටින තුරු මෙරටට කිසිම විදේශීය ආයෝජකයෙක් වයාපාරකයෙක්, කර්මාන්ත කරුවෙක් එන්නේ නැත. ජෙප්පෝ පොහොර කර දමන්න.
ව්‍යවසායකයින් ගොඩනැගීමට හැකි එක් මගක් ලෙස ඔබ ආයතනයට කෙටි කාලීන වාරික ගෙවන ජීවිත රක්ෂණ සැලැස්මක් යොදා ගැනීම කාලෝචිත පියවරක් ලෙස යෝජනා කරන්න කැමතියි. මේ හරහා සියලුම ව්‍යවසායකයින්ගේ ආදායම සුරක්ෂිත සැලැස්මක් ක්‍රියාත්මක කිරීම තුලින් මේ විසදුම යෝජනා කරන්නට අවස්ථාවක් වෙන්කර දෙන ලෙස ඉල්ලමි. පහත දැක්වෙන අදහස බලන්න. "" what are basic necessities need for every one.? Those are Fiod, Shelter