
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රිජ්වේ ආර්යා ළමා රෝහලට සහ මහරගම අපේක්ෂා රෝහලට අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට ඇමරිතානු ඩොලර් මිලියන 2 ක් (රුපියල් කෝටි 73) ප්රදානය කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය.
එම රෝහල් දෙකකට ඩොලර් මිලියනය බැගින් ලබා දෙන බවත් රට මුහුණ දී සිටින අසීරු අවස්ථාවේදී දරුවන්ගේ සහ පිළිකාවලින් පෙළන රෝගීන්ට ඖෂධ ලබාගැනීමට සහය වීමට අවස්ථාව ලැබීම වඩාත් වැඳගත් බව ද මොහාන් ද සිල්වා මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ සද්කාර්යයක්...
ඉතාම හොඳයි. හැබැයි එහෙම කියලා ක්‍රිකට් එකත් නැති කරනවා එහෙම නෙවෙයි...
හොඳ වැඩක්...!!
කළා නං කරලා තියෙන්නේ ඉතාමත්ම හොඳ වැඩක්. හැබැයි විශ්වාස කරන්නත් අමාරුයි. හේතුව මෙච්චර කල් නම් කලේ ක්‍රිකට් බෝඩ් එකේ ලොක්කන් ඒකෙ සල්ලි වලිං ඔවුන්ගේ පඩි නඩි, වරප්‍රසාද ඔවුන්ට ඕනෑ විදිහට වැඩි කරගෙන ඒ සල්ලි භුක්ති වින්ද එකයි, ඇමතිගේ සුඛ විහරණය සඳහා පාවිච්චි කළ එකයිනේ... අන්තිමට හරි මෙහෙම දෙයක් හිතුණු එක හොඳ වැඩක්. කිසිම මිනිහෙක් සදාකල් ජීවත් වෙන්නේ නැහැ කියලා හිතුණු එකත් ලොකු දෙයක්...!