(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු රාජ්‍ය අමාත්‍ය ධුරවල ඉදිරියේදී දිවුරුම් දෙන බව කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඇමති ධුර බාර ගත් අයට එරෙහිව පක්ෂයෙන් මෙතෙක් විනය පරීක්ෂණ කැඳවා නැතැයිද ඔහු කීවේය.
මන්ත්‍රීවරුන් කීපදෙනා රාජ්‍ය ඇමැතිවරුන් ලෙස දිවුරුම් දීමෙන් පසු ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කරන බවත් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ද කරුණු ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවත් අමාත්‍යවරයා කීවේය
මහින්ද අමරවීර මහතා මෙසේද පැවසීය
" මම හිතන්නේ නැහැ අපට විනය පරීක්ෂණයක් හෝ ඒ වගේ තත්ත්වයක් ඇති කරන්න අවශ්‍යතාවයක් තියෙයි කියලා. පක්ෂයේ සභාපති තුමා දන්නවා අපේ තිබෙන වැදගත්කම. එතුමාට වැටහීමක් තියෙනවා. මම හිතන්නේ නෑ එතුමා මේ පක්ෂය කඩාගෙන යන්න කටයුතු කරයි කියලා."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය ජනතාව අන්ද අන්ද ඇමැති වරප්‍රසාදවලට ආත්මාර්තකාමීව පදවි ලබනවා.. කරන දෙයක් නැහැ. ඇමැතිලා 23 ක්ලු, රාජ්‍ය ඇමැතිලා 40 ක්ලු... රටේ සල්ලි කාබාසිනියා කරනවා.. මේ සල්ලි කන්න නැති අහිංසක මිනිස්සුන්ට දුන්නා නම් මීට වඩා හොඳ නැද්ද?
වැදගත්කම නම් රටම දන්නවා. කියන ලස්සන...
මේක මහ විහිළුවක්, කවුරු ඇමැති වුණත් අපට කමක් නැහැ... ප්‍රශ්නවලට විසඳුම් දෙනවා නම්.., මේ ගොල්ලන්ට බැරි බව ඔප්පු වුණා... දැන් නිවෙස්වලට යන්න.
ඔක්කොටම වුණත් ඇමැතිකම් දෙන්නම්. සංශෝධනයට අත උස්සන්න පුතාලා... මදිනම් කැඩුණු බිඳුණු එව්වාට වන්දිත් දෙන්නම්.